ගීතාවලිය 103:22 - Sinhala New Revised Version 2018 සකල මැවිල්ලෙනි, සමිඳුන් සිහසුන පවතින සැම තැන එතුමාණෝ පසසන්න. මාගේ සිත, සමිඳුන් පසසන්න. Sinhala New Revised Version සකල මැවිල්ලෙනි, සමිඳුන් සිහසුන පවතින සැම තැන එතුමන් පසසන්න. මාගේ සිත, සමිඳුන් පසසන්න. Sinhala Revised Old Version ස්වාමීන්ගේ රාජ්‍යයේ සියලු තැන්හි තිබෙන උන්වහන්සේගේ සියලු කර්මාන්තයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරව. |
මාගේ සිත, සමිඳාණන් වහන්සේ පසසන්න. මාගේ දෙවි සමිඳුනි, ඔබ ඉතා උතුම් ය, ඔබ තෙද මහිමයෙන් සැරසී සිටින සේක.
පව්කාරයෝ පොළෝ තලයෙන් විනාශ වී යත් වා! දුෂ්ටයෝ තවත් ජීවත් නොවෙත් වා! මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරා වා! සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
මා මුවින් සමිඳුන්ට පැසසුම් ගී ගයන්නෙමි. සව් සත සදාකල් ම එතුමාණන්ගේ ශුද්ධ නාමයට ප්‍රශංසා කරත් වා!
සමිඳාණන් වහන්සේ පසසන්න. සගලෝ සිට සමිඳුන් පසසන්න. උස් තැන්හි දී ඔබ හැම එතුමාණෝ පසසන්න.
මා විසින් තෝරාගනු ලැබූ මාගේ සෙනඟට වතුර දෙන පිණිස මා කාන්තාරයෙහි ගංගා ගලා යන්න සැලැසූ නිසා හිවලුන් ද පැස්බරුන් ද ඇතුළු වන සත්ත්වයෝ මට ගෞරව කරන්නෝ ය.
ස්වර්ගයෙනි, ගී ගයන්න; පොළොවේ ගැඹුරු තැන්, හඬ නඟන්න. කඳු ද වනය ද එහි සියලු දේ ද ප්‍රීති ශබ්ද නඟන්න. මන්ද, සමිඳාණෝ, ඉශ්රායෙල් නම් සිය සෙනඟ ගළවාගෙන, සිය මහිමතාව ප්‍රකාශ කළ සේක.
සගලෝ ගී ගයා වා! පොළොව ප්‍රීති වේ වා! කඳු ප්‍රීතියෙන් පිනා යේ වා! මන්ද, සමිඳාණෝ සිය සෙනඟ සනසන සේක; දුක් විඳින සෙනඟට අනුකම්පා කරන සේක.