Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 104:35 - Sinhala New Revised Version 2018

35 පව්කාරයෝ පොළෝ තලයෙන් විනාශ වී යත් වා! දුෂ්ටයෝ තවත් ජීවත් නොවෙත් වා! මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරා වා! සමිඳුන්ට ප්‍රශංසා වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 පව්කාරයෝ පොළෝ තලයෙන් විනාශ වී යත් වා! දුෂ්ටයෝ තවත් ජීවත් නොවෙත් වා! මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරා වා! සමිඳුන්ට ප්‍රශංසා වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 පව්කාරයෝ පොළොවෙන් විනාශවෙත්වා. දුෂ්ටයෝ තවත් නොසිටිත්වා. මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරව. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 104:35
16 හුවමාරු යොමු  

සකල මැවිල්ලෙනි, සමිඳුන් සිහසුන පවතින සැම තැන එතුමාණෝ පසසන්න. මාගේ සිත, සමිඳුන් පසසන්න.


අපරාධකරුවෝ එක ගොඩේ විනාශ කරනු ලබති; දුදනන්ගේ පරපුර වැනසී නිම වෙයි.


එහෙත් දුදනෝ පොළොවෙන් පහකර දමනු ලබති; ද්‍රෝහියෝ එයින් මුලිනුපුටා දමනු ලබති.


ඉශ්රායෙල් දෙවි සමිඳුන්ට සදාකාලයෙන් සදාකාලයට ම ප්‍රශංසා වේ වා! මුළු සෙනඟ ආමෙන් කියත් වා! සමිඳුන්ට ප්‍රශංසා කරන්න.


එසේ කෙළේ, ඔවුන් එතුමාණන්ගේ අණපනත් රක්ෂා කරන පිණිස ය, එතුමාණන්ගේ නීති නියෝග පවත්වන පිණිස ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!


දිනෙන් දින දේශයේ සියලු දුදනන් මම වනසන්නෙමි. අයුතුකම් කරන සියල්ලන් මම සමිඳුන්ගේ නුවරින් නෙරපාදමන්නෙමි.


ඔබ කෝපාග්නියෙන් ඔවුන් වනසත් වා! සහමුලින් ම ඔවුන් වනසත් වා! එවිට ඉශ්රායෙල් දේශයේ සිට පොළොවේ සීමාන්තය දක්වා දෙවිඳුන් පාලනය කරන බව ඔව්හු දැනගන්නෝ ය.


පවිටු දනෝ එසේ නොවෙති; ඔව්හු සුළඟේ යන බොල් හා සමාන වන්නෝ ය.


ඔබ අත්හැර දමන්නෝ සැබැවින් ම වැනසී යන්නෝ ය; ඔබට ද්‍රෝහි වූවන් ඔබ වනසන සේක.


සමිඳුනි, ඔබේ සතුරෝ, මෙලෙස විනාශ වෙත් වා! එහෙත්, ඔබට ප්‍රේම කරන්නෝ විකුමෙන් නැඟී එන හිරු මෙන් වෙත් වා!” හතළිස් වසරක් මුළුල්ලේ දේශයේ සාමය ඇති විය.


මාගේ සිත, සමිඳාණන් වහන්සේ පසසන්න. මාගේ දෙවි සමිඳුනි, ඔබ ඉතා උතුම් ය, ඔබ තෙද මහිමයෙන් සැරසී සිටින සේක.


සමිඳාණෝ තමන්ට ප්‍රේම කරන සියල්ලන් ආරක්ෂා කරන සේක. එහෙත්, සියලු දුදනන් වනසාලන සේක.


දේශය පාළු කරදමා, එහි වසන පව්කාරයන් එයින් මුලිනුපුටා දමන පිණිස සමිඳුන්ගේ ඒ දවස රෞද්‍ර ව, කෝපයෙන් හා බලවත් උදහසින් එන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්