Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 103:22 - Sinhala Revised Old Version

22 ස්වාමීන්ගේ රාජ්‍යයේ සියලු තැන්හි තිබෙන උන්වහන්සේගේ සියලු කර්මාන්තයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 සකල මැවිල්ලෙනි, සමිඳුන් සිහසුන පවතින සැම තැන එතුමන් පසසන්න. මාගේ සිත, සමිඳුන් පසසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 සකල මැවිල්ලෙනි, සමිඳුන් සිහසුන පවතින සැම තැන එතුමාණෝ පසසන්න. මාගේ සිත, සමිඳුන් පසසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 103:22
14 හුවමාරු යොමු  

ස්වාමිනි, ඔබගේ සියලු කර්මාන්තයෝ ඔබට ස්තුතිකරන්නෝය; ඔබගේ ශුද්ධවන්තයෝද ඔබට ප්‍රශංසාකරන්නෝය.


ස්වර්ගයෙනි, ගීකියන්න; පොළොව, ප්‍රීතිමත්වෙන්න; එම්බා කඳු, ප්‍රීතියෙන් ශබ්දනගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සැනසූසේක, තමන්ගේ දුක්ඛිතයන්ටද අනුකම්පාකරනසේක.


හුස්ම ඇති සියල්ලෝම ස්වාමීන්ට ප්‍රශංසාකෙරෙත්වා. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.


ස්වර්ගයෙනි, ගී කියන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කළසේක; පොළොවේ පහත් තැන් ඝෝෂාකරන්න; කඳුද වනයද එහි සියලු ගස්ද යන නුඹලා ප්‍රීතියෙන් ශබ්ද නගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ් මිදූසේක, ඉශ්‍රායෙල් කරණකොටගෙන ගෞරව ලබාගන්නසේක.


මා විසින් තෝරාගත් මාගේ සෙනඟට වතුර දෙන්ට මම කාන්තාරයෙහි වතුරද වනයෙහි ගංගාද දෙන නිසා, සිවලුන්ද පැස්බරුන්ද ඇතුළුව වනයේ සත්වයෝ මට ගෞරවකරන්නෝය.


ස්වාමීන්ට ප්‍රශංසාකරව්. මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසාකරව.


පව්කාරයෝ පොළොවෙන් විනාශවෙත්වා. දුෂ්ටයෝ තවත් නොසිටිත්වා. මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරව. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.


මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසාකරව; මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබ ඉතා උතුම්සේක; ඔබ ගෞරවයෙන් හා මහිමයෙන් සැරසී සිටිනසේක.


මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසා කරව; මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ප්‍රශංසාකරව්.


මාගේ මුඛය ස්වාමීන්ගේ ප්‍රශංසාව කියන්නේය, මාංසමයවූ සියල්ලෝද සදාකාලේටම උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ප්‍රශංසාකෙරෙත්වා.


ස්වාමීන්ට ප්‍රශංසා කරව්. ස්වර්ගවල සිට ස්වාමීන්ට ප්‍රශංසාකරව්. උස් තැන්හිදී උන්වහන්සේට ප්‍රශංසාකරව්.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්