ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 15:29 - Sinhala New Revised Version 2018

සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට පැමිණෙන විට, සාවුල්ගේ දුව වූ මීකල් කවුළුවෙන් බලා දාවිත් රජ ප්‍රීතියෙන් ප්‍රමුදිත ව නටනු දැක, ඈ සිතින් ඔහු හෙළා දැක්කා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට පැමිණෙන විට, සාවුල්ගේ දුව වූ මීකල් කවුළුවෙන් බලා දාවිත් රජ ප්‍රීතියෙන් ප්‍රමුදිත ව නටනු දැක, ඈ සිතින් ඔහු හෙළා දැක්කා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට පැමිණෙනවිට, සාවුල්ගේ දූවූ මීඛල් කවුළුවෙන් බලා රජවූ දාවිත් පනිනවාත් නටනවාත් දැක, ඇගේ සිතින් ඔහු හෙළා දැක්කාය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 15:29
26 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට පැමිණි කල සාවුල්ගේ දුව වන මීකල් කවුළුවෙන් බලා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දාවිත් රජ උඩ පනිමින් නටනු දැක ඇගේ සිතින් ඔහු හෙළා දැක්කා ය.


මෙසේ සියලු ඉශ්රායෙල්වරු ඔල්වර හඬත්, හොරණෑ ශබ්දයත් ඇති ව, නළාවලිනුත්, අත්තල්වලිනුත්, වීණාවලිනුත්, මහා වීණාවලිනුත් ශබ්ද පවත්වමින් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාවෝ ය.


තවද, දාවිත් තමාගේ ගෙදර වසන කල්හි දිවැසිවරයා වන නාතාන්ට කතා කොට, “මෙන්න, මම කිහිරි ලී ගෙයක වාසය කරමි. එහෙත්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කූඩාරමක වියනක් යට තිබේ ය”යි කීවේ ය.


එතුමාණන්ගේ නාමයට රඟපාමින් පැසසුම් කරත් වා! රබන් ගසා, වීණා වයා එතුමාණන්ට පසස් ගී ගයත් වා!


රඟපාමින් හා කිකිණි රබානෙන් එතුමාණෝ පසසන්න. වීණාවෙන් හා නළාවෙන් එතුමාණෝ පසසන්න.


ඔබ මාගේ දොම්නස සොම්නසට හැරෙවු සේක. ඔබ මාගේ ගෝණි රෙදි මුදා තුටු පිළියෙන් මා සැරසූ සේක.


ආරොන්ගේ සොහොයුරිය වන, මීරියම් දිවැසිවරිය කිකිණි බැඳි සිඟිති රබානක් අතින් ගත්තා ය. වනිතාවෝ සියලු දෙන ද කිකිණි බැඳි රබන් පොඩි ලෙලවමින්, නටමින් ඇය පසුපස ගමන්ගත්හ.


අඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයක් ඇත; වැලපෙන්නට කාලයක් සහ නටන්නට කාලයක් ඇත;


මෙසේ නුඹලා දේශයේ වැඩි වී බහුල වූ විට, ගිවිසුම් කරඬුව ගැන සෙනඟ තවත් කතා කරන්නේ වත්, ඒ ගැන සිහි කරන්නේ වත් නැත; තවත් ගිවිසුම් කරඬුවක් ඔවුන් සාදාගන්නේ වත් නැත.


එහි වසන සෙනඟ ප්‍රීති ගී ගයන්නෝ ය. ඔව්හු ප්‍රීතියෙන් හඬ නඟන්නෝ ය. ඔවුන්ගේ සංබ්‍යාව අඩු නොකර වැඩි වන්නට සලස්වා, ඔවුන්ගේ අගෞරවය පහකර මම ඔවුන් උසස් කරන්නෙමි.


ප්‍රීති ප්‍රමෝද ශබ්ද ද මනාල මනාලියන්ගේ ප්‍රිය තෙපුල් ද මාගේ දේව මාලිගාවට තුති පඬුරු රැගෙන එන ගායකයින්ගේ ගී හඬ ද ඇසෙන්නේ ය. ඔවුන් මෙසේ ගයනු ඇත; ‘සව් බලැති සමිඳුන්ට තුති පුදන්න; එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ පෙම සදාකාලික ය.’ කලින් තිබූ ලෙස මේ දේශය මම යළිත් සෞභාග්‍යවත් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


මෙසේ ඔව්හු සමිඳාණන් වහන්සේගේ කන්දෙන් නික්ම දවස් තුනක් ගමන් කළහ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද ඔවුන්ට කඳවුරු බැඳීමට සුදුසු ස්ථානයක් සොයනු පිණිස ඔවුන්ට පෙරටුව, තුන් දිනක් ගමනෙහි යෙදිණි.


එහෙත් සමහරෙක් සරදම් කරමින්, “මොවුන් අලුත් මිදියුස පමණට වඩා බී ඇතැ”යි කී හ.


එහෙත් ශුද්ධාත්මයාණන් ලබා නැති තැනැත්තාට දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගෙන් එන සත්‍යයන් පිළිගත නොහැකි ය. ඒවා ඔහුට ප්‍රලාපයකි. ඒවා ආධ්‍යාත්මික ලෙස විමසා දැනගත යුතු නිසා ඒවා ඔහුට නොතේරේ.


අපි සිහිවිකල වී සිටිමු නම්, එය දෙවියන් වහන්සේ උදෙසා ය. අපි සිහි බුද්ධියෙන් සිටිමු නම්, එය ඔබ උදෙසා ය.


“මේ නීති සංග්‍රහය රැගෙන, ඔබට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස, එය දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ තබන්න.


එහි රන්මුවා ධූම පූජාසනය ද සහමුලින් රන් ආලේප කළ ගිවිසුම් කරඬුව ද තිබුණේ ය. ඒ කරඬුවේ මන්නා දැමූ රන් බඳුන ද ආරොන්ගේ දලු ලෑ සැරයටිය ද ගිවිසුමේ ශිලාලේඛන ද විය.


ඔබ ඔවුන්ට කතා කොට, ‘සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි ජොර්දාන් ගඟෙහි දිය බෙදී ගියේ ය; ඒ කරඬුව ගඟ හරහා වැඩමවාගෙන යන විට, ගඟේ දිය බෙදී ගිය නිසා, මේ ගල් ඉශ්රායෙල් ජනතාවට සදාකාල සිහිවටනයක් වන්නේ ය’යි කිව යුතු ය”යි දැන්වී ය.


ඒ දවස්වල දී සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව බෙතෙල්හි තිබුණ බැවින් ඔව්හු සමිඳාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසූ හ.


සාවුල් විසින් දාවිත්ගේ බිරිඳ ව සිටි මීකල් නම් තමාගේ දුව ගල්ලිම්හි විසූ ලායිෂ්ගේ පුත් පල්තීට භාර්යාව කොට දෙන ලද්දී ය.


ඉශ්රායෙල්වරුන් කඳවුරට ආපසු ආ කල, ඉශ්රායෙල්හි ප්‍රජා මූලිකයෝ කතා කොට, “අද අප පරාජය කරන්නට සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ට ඉඩ දුන්නේ මන් ද? සමිඳාණන් වහන්සේ අප අතරට පැමිණ අපේ සතුරන්ගේ අතින් අප ගළවන පිණිස උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ෂිලෝවෙන් ගෙන්වා ගනිමු”යි කී හ.