Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 25:44 - Sinhala New Revised Version 2018

44 සාවුල් විසින් දාවිත්ගේ බිරිඳ ව සිටි මීකල් නම් තමාගේ දුව ගල්ලිම්හි විසූ ලායිෂ්ගේ පුත් පල්තීට භාර්යාව කොට දෙන ලද්දී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

44 සාවුල් විසින් දාවිත්ගේ බිරිඳ ව සිටි මීකල් නම් තමාගේ දුව ගල්ලිම්හි විසූ ලායිෂ්ගේ පුත් පල්තීට භාර්යාව කොට දෙන ලද්දී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

44 සාවුල් විසින් දාවිත්ගේ භාර්යාවවූ තමාගේ දුවවූ මීඛල් ගල්ලීම්හි විසූ ලායිෂ්ගේ පුත්‍රවූ පල්තීට දෙනලද්දීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 25:44
5 හුවමාරු යොමු  

එවිට දාවිත් සාවුල්ගේ පුත්‍ර ඊෂ්-බොෂෙත් වෙත පණිවුඩකාරයන් යවා, “පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍ර දී මා ලබාගත් මාගේ බිරිඳ වන මීකල් මට දෙන්නැ”යි කියන්නට කීවේ ය.


දාවිත් ඔහුගේ සෙනඟ සමඟ නික්ම ගොස්, පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් දෙසියයක් මැරී ය. දාවිත් ඔවුන්ගේ චර්මාග්‍ර ගෙන ගොස්, ඔහු රජුගේ බෑණා වීමේ අයිතිය ලබන පිණිස ඒවා රජු ඉදිරියෙහි ගණන් කොට තැබුවේ ය. එවිට සාවුල් තමාගේ දුව මීකල් ඔහුට භාර්යාව කොට පාවා දුන්නේ ය.


ගල්ලිම් වැසියෙනි, හඬ නඟා මොරගසන්න. ලයිෂා වැසියෙනි, සවන් දෙන්න. අනාතොත් වැසියෙනි, පිළිතුරු දෙන්න.


ඒ අතරතුරේ දී සාවුල්ගේ දුව මීකල් දාවිත්ට ආදරේ වූවා ය. ඒ බව සාවුල්ට දන්වන ලද්දේ ය. සාවුල් ඒ ගැන ප්‍රීති විය.


ඊෂ්-බොෂෙත් මිනිසුන් යවා, ඇගේ පුරුෂයා වන, ලායිෂ්ගේ පුත් පල්තියෙල් වෙතින් ඈ ගෙන්වා ගත්තේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්