Biblia Todo Logo
බයිබල් වචන

- දැන්වීම් -


ප්‍රවර්ගය

නො කලකිරෙනුආදරයමිත්රත්වයප්රශංසාව සහ නමස්කාරයඔයා බොන්නදෙමාපියන්ආශිර්වාද කරනවාමංගලසුවපහසුවඋපන් දිනයබලාපොරොත්තුවඑවැන්ජලිස්ත කරන්නඇදහිල්ලශක්තියඅවමංගල්යයයෞවනයන්විවාහයන්කාන්තාවන්මරණයළමයිපූජා කරනවායාච්ඤාවසමාවෙන්නගැලවීමසෞඛ්යයශුද්ධකමසදාකාල ජීවනයපුළුවන්දෙවියනේජේසුස් වහන්සේආත්මික යථාර්ථයඅවශ්‍ය වේලාවන්ආශිර්වාද කරන්නමැදිහත් වන්නනිරාහාරව සිටීමවිශේෂ දිනකෘතඥතාවකීකරුකමසියලුම අවස්ථාවන්දෙවියන්ගේ දේවල්ස්වභාවයසාමයප්රසිද්ධලස්සනයිඉරිදාවිශේෂ සිදුවීම්අමාත්‍යාංශඅමුත්තන්වේදනාව සහ දුෂ්කරතාප්රීතියදුෂ්ටකම් සහ ඇබ්බැහිවීම්අනාවැකියමුදල්ලිංගික තේමාපව්යුක්තියදුෂ්කර පදකටපාඩම් කරන්නජීවිතයේ අදියරයාච්ඤාවඉල්ලීම්විජිල්ස්ආරාධනාහුස්ම ගන්නනත්තල්විශ්වාසයආරක්ෂාවබයිබලානුකුල පොරොන්දුශුද්ධාත්මයාණන්පිළිම වන්දනාව

150 දෙවියන්ට ස්තුති කිරීමේ පද

150 දෙවියන්ට ස්තුති කිරීමේ පද


1 තෙසලෝනික 5:18

සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 100:4

ස්තුතිකරමින් උන්වහන්සේගේ දොරටුවලින් ඇතුල්ව, ප්‍රශංසාකරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණෙව්. උන්වහන්සේට ස්තුතිකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 118:1

ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 3:17

තවද නුඹලා වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මොකක් කරතත්, සියල්ලම ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයෙන් කරමින්, උන්වහන්සේ කරණකොටගෙන පියවූ දෙවියන්වහන්සේට ස්තුතිකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 136:1

ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 5:20

අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පියවූ දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 107:1

ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 9:1

ස්වාමීන්ට මාගේ මුළු සිතින් ස්තුති කරන්නෙමි; ඔබගේ ආශ්චර්ය ක්‍රියා සියල්ල දක්වා දෙන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 ලේකම් 16:34

ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 4:6

නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 92:1-2

ස්වාමීන්ට ස්තුතිකිරීමත්, මහෝත්තමයාණෙනි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කීමත් යහපත.නුමුත් ඔබ කුළු ගොනාගේ අඟ මෙන් මාගේ අඟ උස්කළසේක; මම අලුත් තෙලින් ගාගන සිටිමි.මාගේ සතුරන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ ඇසට පෙනුණේය, මට විරුද්ධව නැගිටින්නාවූ නපුරුකම්කරන්නන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ කන්වලට ඇසුණේය.ධර්මිෂ්ඨයා තාල වෘක්ෂය මෙන් සශ්‍රීක වන්නේය. ඔහු ලෙබනොන්හි කිහිරි ගසක්මෙන් වැඩෙන්නේය.ස්වාමීන්ගේ ගෘහයෙහි හිඳුවනලද්දෝ අපේ දෙවියන්වහන්සේගේ මිදුල්වල සඵලවන්නෝය.ස්වාමීන්වහන්සේ අවංක බවත්, මාගේ පර්වතය බවත්, උන්වහන්සේ තුළ කිසි අධර්මිෂ්ඨකමක් නැති බවත් පෙන්වන පිණිස,ඔව්හු මහලු වයසේදීත් ඵලදෙමින් සාරවත් වන්නෝය, සශ්‍රීකවන්නෝය.තත් දසයේ වීණාවෙන්ද කුඩා වීණාවෙන්ද මහා වීණාවේ ගරුවූ ශබ්දයෙන්ද

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 4:2

ස්තුතිදීමෙන් යුක්තව යාච්ඤාවෙහි අවදිව සිට, නොකඩව එහි පැවතෙන්න;

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 95:2-3

ස්තුතිදෙමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙමු. ගීතිකාවලින් උන්වහන්සේට ප්‍රීතිනාද පවත්වමු.මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් දෙවිකෙනෙක්ය, සියලු දෙවිවරුන්ට වඩා මහත් රජකෙනෙක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 103:2

මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසා කරව, උන්වහන්සේගේ උපකාර සියල්ල සිහිනැති නොකරව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 ලේකම් 29:13

එබැවින්, අපේ දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුතිකරමින් ඔබගේ තේජවත් නාමය වර්ණනාකරමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 කොරින්ති 9:15

දෙවියන්වහන්සේගේ කියා නිමකළ නොහැකි දීමනාව ගැන උන්වහන්සේට ස්තුතිවේවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 12:4-5

ඒ දවසෙහි නුඹලා කථාකොට: ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරන්න, උන්වහන්සේගේ ක්‍රියා ජනයන් අතරේ දන්වා, උන්වහන්සේගේ නාමය උසස් බව සඳහන්කරන්න.ස්වාමීන්වහන්සේට ගායනාකරන්න; මක්නිසාද උන්වහන්සේ උතුම් දේ කළසේක. මේ බව මුළු පොළොවෙහි දන්වනු ලැබේවයි කියන්නහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 105:1

ස්වාමීන්ට ස්තුතිකරව්. උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරව්. මනුෂ්‍ය වර්ගයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශකරව්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 69:30

ගීතිකාවකින් දෙවියන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරන්නෙමි, ස්තුතිකිරීමෙන් උන්වහන්සේ උසස් කරන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 13:15

එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 28:7

ස්වාමීන්වහන්සේ මාගේ ශක්තියය, මාගේ පලිහය; මාගේ සිත උන්වහන්සේ කෙරෙහි විශ්වාසකෙළේය, මම උපකාර ලැබුයෙමි. එබැවින් මාගේ සිත අතිශයින් ප්‍රීතිවන්නේය; මාගේ ගීයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 30:12

කුමටද? මාගේ මහිමය නිශ්ශබ්ද නොවී ඔබට ප්‍රශංසා ගී කියන පිණිසය. මාගේ දෙවිවූ ස්වාමිනි, සදාකල්ම ඔබට ස්තුතිකරන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 1:4

ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාට දෙනලද දෙවියන්වහන්සේගේ අනුග්‍රහය නිසා මම නුඹලා ගැන මාගේ දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 තෙසලෝනික 1:3

සහෝදරයෙනි, නුඹලා ගැන දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්ට අපි බැඳී සිටිමුව. නුඹලාගේ ඇදහිල්ල අතිශයින් වැඩිවන නිසාත්, එකිනෙකා කෙරෙහි තිබෙන නුඹලා සියල්ලන්ගේ ප්‍රේමය අධිකව තිබෙන නිසාත් එසේ ස්තුතිකරන්ට යුතුය;

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 3:15

ක්‍රිස්තුස්වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩුකෙරේවා. ඒ පිණිස නුඹලා එක ශරීරයක්ව සිටීමට කැඳවාගනු ලැබුවහුය; ස්තුතිවන්තවද සිටින්න;

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 106:1

ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තිමෝති 4:4-5

දෙවියන්වහන්සේ මැවූ සියල්ල යහපත්ය, ස්තුතිදීමෙන් යුක්තව පිළිගන්නවා නම් කොයිදෙයක්වත් එපාකරන්ට යුතු නැත.මක්නිසාද එය දෙවියන්වහන්සේගේ වචනයෙන්ද යාච්ඤාවෙන්ද පිරිසිදු කරනු ලබන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 50:23

ස්තුතිපූජා කරන තැනැත්තේ මට ගෞරවකරයි; ස්වකීය හැසිරීම හරිලෙස පවත්වා ගන්නාට දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම දක්වන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 136:26

ස්වර්ගයේ දෙවියන්වහන්සේට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 1:16

නුඹලා ගැන නොකඩව ස්තුතිකරමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:62

ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් නිසා මධ්‍යම රාත්‍රියෙහි ඔබට ස්තුතිකරන්ට නැගිටින්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 116:17

මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි. ස්වාමීන්ගේ නාමයෙන් යාච්ඤාකරන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 136:2-3

දෙවිවරුන්ගේ දෙවියන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.බාෂාන්හි රජවූ ඕග්ද නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.ඔවුන්ගේ දේශය උරුමයක් කොට දුන් උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.ස්වකීය මෙහෙකරුවූ ඉශ්‍රායෙල්ට එය උරුමයක් කොට දුන් උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.අපේ පහත් ස්වභාවයෙහිදී අප සිහිකළ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.අපේ එදිරිකාරයන්ගෙන් අප මිදූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.උන්වහන්සේ මාංසමයවූ සියල්ලන්ට ආහාර දෙනසේක. මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.ස්වර්ගයේ දෙවියන්වහන්සේට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.ස්වාමිවරුන්ගේ ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 1:8

පළමුකොට, නුඹලාගේ ඇදහිල්ල මුළු ලෝකයෙහි ප්‍රසිද්ධව තිබෙන නිසා නුඹලා සියල්ලන් ගැන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන මාගේ දෙවියන්වහන්සේට ස්තුතිකරමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 1:12

ආලෝකයේ සිටින ශුද්ධවන්තයන්ගේ උරුමයෙන් කොටසකට අප සුදුස්සන් කළාවූ පියාණන්වහන්සේට ස්තුතිකරමින්ද, නුඹලා ස්වාමීන්වහන්සේට ඔබිනලෙස සියලු ආකාරයෙන් ප්‍රසන්නව හැසිරෙන ලෙස ඉල්ලමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 17:15-16

තවද ඔව්හු යද්දී පවිත්‍රවූවෝය. ඔවුන්ගෙන් එක්කෙනෙක් තමාට සුවවූ බව දැක, මහත් ශබ්දයකින් දෙවියන්වහන්සේට ගෞරවකරමින් හැරී ඇවිත්,උන්වහන්සේගේ පාමුල මුහුණින් වැටී උන්වහන්සේට ස්තුතිකළේය. ඔහු සමාරියයෙක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 145:10

ස්වාමිනි, ඔබගේ සියලු කර්මාන්තයෝ ඔබට ස්තුතිකරන්නෝය; ඔබගේ ශුද්ධවන්තයෝද ඔබට ප්‍රශංසාකරන්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
දානියෙල් 2:23

මාගේ පියවරුන්ගේ දෙවියන්වහන්ස, ඔබ මට ප්‍රඥාවත් බලයත්දී, අප ඔබගෙන් විචාළ කාරණය දැන් මට දන්වාදුන් බැවින් ඔබට ස්තුතිකරමි, ප්‍රශංසාකරමි. මක්නිසාද ඔබවහන්සේ රජුගේ කාරණය අපට දැන්වූසේකැයි කීවේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 100:1-5

පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ප්‍රීතිනාද පවත්වව්.ස්වාමීන්ට ප්‍රීතියෙන් මෙහෙකරව්. ගීතිකාකරමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙව්.ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බව දැනගනිව්. උන්වහන්සේ අප මැවූසේක, අපි උන්වහන්සේගේය; අපි උන්වහන්සේගේ සෙනඟය, උන්වහන්සේගේ ගොදුරුබිමේ බැටළුවෝය.ස්තුතිකරමින් උන්වහන්සේගේ දොරටුවලින් ඇතුල්ව, ප්‍රශංසාකරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණෙව්. උන්වහන්සේට ස්තුතිකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්.මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්ය; උන්වහන්සේගේ කරුණාව සදාකාලේටද උන්වහන්සේගේ විශ්වාසකම සියලු පරම්පරාවලටද පවත්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 ලේකම් 16:8

ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්, උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරව්; ජනයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා දන්වව්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තෙසලෝනික 1:2

අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ ඇදහිල්ලේ ක්‍රියාවද ප්‍රේමයේ වීර්යයද අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන බලාපොරොත්තුවේ ඉවසීමද අපි නොකඩව සිහිකරමින්,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 138:1-2

මාගේ මුළු සිතින් ඔබට ස්තුතිකරන්නෙමි. දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගීයෙන් ප්‍රශංසාකරන්නෙමි.ඔබගේ ශුද්ධ මාළිගාව දෙසට නමස්කාරකරමින්, ඔබගේ කරුණාගුණය සහ සත්‍යය නිසා ඔබගේ නාමයට ස්තුතිකරන්නෙමි. මක්නිසාද ඔබගේ මුළු නාමයට ඉහළින් ඔබගේ වචනය උතුම්කළසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 89:1-2

ස්වාමීන්ගේ කරුණාවන් ගැන සදාකල් ගීතිකාකරන්නෙමි, මාගේ කටින් ඔබගේ විශ්වාසකම සියලු පරම්පරාවලට දන්වන්නෙමි.රාහබ් මරනු ලැබූ කෙනෙකු මෙන් කැබලිකොට බින්දසේක; ඔබගේ බලය නමැති බාහුවෙන් ඔබගේ සතුරන් පළවා හැරියසේක.ස්වර්ගයෝ ඔබගේය, පොළොවත් ඔබගේය. ලෝකයද එහි පූර්ණකමද ඔබ පිහිටෙවුසේක.උතුරත් දකුණත් මැවුවේ ඔබය. තාබොර් සහ හෙර්මොන් ඔබගේ නාමය කෙරෙහි ප්‍රීතිවෙති.ඔබට බලවත් බාහුවක් ඇත්තේය. ඔබගේ අත ශක්තිමත්ය, දකුණත උසස්ය.ධර්මිෂ්ඨකමත් යුක්තියත් ඔබගේ සිංහාසනයේ අත්තිවාරමය. කරුණාවත් සැබෑකමත් ඔබට පෙරටුව යති.ප්‍රීතිමත් හඬ දන්නාවූ සෙනඟ ආශීර්වාදලද්දෝය. ස්වාමිනි, ඔව්හු ඔබගේ මුහුණේ එළියෙහි හැසිරෙති.ඔව්හු දවස මුළුල්ලේම ඔබගේ නාමය ගැන ප්‍රීතිමත්වෙති. ඔබගේ ධර්මිෂ්ඨකම කරණකොටගෙන උසස් භාවයට පැමිණෙති.මක්නිසාද ඔවුන්ගේ ශක්තියේ අලංකාරය නම් ඔබය. ඔබගේ කරුණාවෙන් අපේ අඟ උසස්වන්නේය.මක්නිසාද අපේ පලිහ ස්වාමීන්ටත් අපේ රජ්ජුරුවන් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේටත් අයිතිය.ඔබගේ ශුද්ධවන්තයන්ට ඔබ දර්ශනයකින් කථාකොට: උපකාරකිරීමේ භාරය බලවන්තයෙකුට පැවරුවෙමි; සෙනඟ අතරෙන් තෝරාගත් කෙනෙකු උසස්කෙළෙමි.මක්නිසාද: කරුණාව සදාකාලේටම පිහිටුවනු ලබන්නේය, ඔබගේ විශ්වාසකම ස්වර්ගයන්හිම ඔබ පිහිටුවනසේකැයි කීයෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 ලේකම් 16:41

ඔවුන් සමඟ හේමාන්ද යෙදූතුන්ද නම් සඳහන්කර තෝරාගනු ලැබූ අනික් අයද: ස්වාමීන්වහන්සේගේ කරුණාව සදාකාලයටම පවත්නේය කියා උන්වහන්සේට ස්තුතිකිරීමට නියමකෙළේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 කොරින්ති 4:15

මක්නිසාද අනුග්‍රහය වැඩිදෙනා කරණකොටගෙන අධිකවී, ස්තුතිකිරීම දෙවියන්වහන්සේගේ තේජස සඳහා අධිකවන පිණිස ඒ සියල්ල නුඹලා උදෙසා වන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 6:17

එහෙත් නුඹලා පාපයේ දාසයන්ව සිටි නුමුත්, යම් ඉගැන්වීම් ක්‍රමයකට නුඹලා භාරදෙනලදද, ඊට සිතින්ම කීකරුවී,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 136:4-9

මහත් ආශ්චර්යයන් කරන එකම තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.නුවණින් අහස මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.ජල මතුයෙහි පොළොව අතුළාවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.මහත් ආලෝක මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.දවාලෙහි ආණ්ඩුකිරීමට සූර්යයා මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.රාත්‍රියෙහි ආණ්ඩුකිරීමට සඳ සහ තාරකා මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 සාමුවෙ 2:1

හන්නා යාච්ඤාකරමින් කියන්නී-මාගේ සිත ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වේ, මාගේ අඟ ස්වාමීන්වහන්සේ කෙරෙහි උසස්වී තිබේ. මාගේ මුඛය මාගේ සතුරන්ට විරුද්ධව ඇරී තිබේ; මක්නිසාද මම ඔබගේ ගැළවීම ගැන ප්‍රීතිවෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 30:4

ස්වාමීන්ගේ ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට ප්‍රශංසා ගී කියව්, උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරව්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 7:17

ස්වාමීන්ගේ ධර්මිෂ්ඨකම පරිද්දෙන් උන්වහන්සේට ස්තුතිකරන්නෙමි. මහෝත්තමවූ ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 කොරින්ති 2:14

තවද ක්‍රිස්තුස්වහන්සේ තුළ නිතරම අප ජයට පමුණුවන්නාවූ, සියලු තැන්වල අප ලවා උන්වහන්සේව දැනගැනීම නමැති සුවඳ පතුරුවන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 31:19

ඔබ කෙරෙහි භය ඇත්තන්ට නිධාන කොට තැබුවාවූ, ඔබ කෙරෙහි විශ්වාසය තබන්නන්ට මනුෂ්‍ය පුත්‍රයන් ඉදිරියෙහි ඔබ කළාවූ ඔබගේ යහපත්කම කොපමණ මහත්ද!

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 40:5

මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබ විසින් කළ පුදුම ක්‍රියාද, අප කෙරෙහි ඇති ඔබගේ සිතිවිලිද බොහෝය. ඒවා ඔබ ඉදිරියෙහි පිළිවෙළින් තැබිය නොහැකිය; ඒවා ප්‍රකාශකරන්ටත් ඒ ගැන කථා කරන්ටත් කැමැත්තෙමි, නුමුත් ඒවා ගණන්කරන්ට පුළුවන්වාටත් වැඩිය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 86:12

මාගේ දෙවිවූ ස්වාමිනි, මාගේ මුළු සිතින් ඔබට ප්‍රශංසාකරන්නෙමි; සදාකල් ඔබගේ නාමයට ගෞරව කරන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 1:3

නුඹලා මට සිහිවෙන හැම වේලේම නිතරම මාගේ සියලු යාච්ඤාවලදී නුඹලා සියල්ලන් උදෙසා ප්‍රීතියෙන් යාච්ඤාව ඔප්පුකරමින්,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 14:6

දවස සලකන්නා ස්වාමීන්වහන්සේ උදෙසා ඒක සලකන්නේය. කන තැනැත්තාද දෙවියන්වහන්සේට ස්තුතිකරන බැවින් කන්නේ ස්වාමීන්වහන්සේ උදෙසාය. නොකන තැනැත්තාත්, ස්වාමීන්වහන්සේ උදෙසා නොකා සිට දෙවියන්වහන්සේට ස්තුතිකරන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 136:10-15

කුලුඳුලන් නැසීමෙන් මිසරයට පහර දුන් තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.ඔවුන් අතරෙන් ඉශ්‍රායෙල් පිටත ගෙනා උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.බලවත් හස්තයකින් හා දිගුකළ බාහුවකින් එසේ කළ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.රතු මුහුද දෙකට බෙදූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.ඉශ්‍රායෙල්වරුන්ද ඒ මැදින් යැවූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.ඵාරාවෝ සහ ඔහුගේ සේනාව රතු මුහුදේ හෙළාදැමූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 107:8-9

ස්වාමීන්ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා.මක්නිසාද උන්වහන්සේ පිපාසිතයා තෘප්තියට පමුණුවා, ක්ෂුධා ඇත්තා යහපතින් පිනවනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 139:13-14

මක්නිසාද ඔබ මාගේ හදවත හිමිකරගත්සේක. මාගේ මවු කුසෙහි මා වැසූසේක.මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 15:57

නුමුත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපට ජය දෙන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 116:12

ස්වාමීන් විසින් මට කළාවූ සියලු යහපත්කම් ගැන උන්වහන්සේට කුමක් දෙම්ද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තිමෝති 1:12

මම විශ්වාසයෙකැයි ගණන්ගෙන තමන්වහන්සේගේ සේවයට අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා පත්කළ බැවින් මට බලය දුන්නාවූ උන්වහන්සේට ස්තුතිකරමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 ලේකම් 29:10-13

දාවිත් මුළු සභාව ඉදිරියෙහි ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරමින් කථාකොට: අපේ පියවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබට සදාකාලයටම ප්‍රශංසාවේවා;ස්වාමීන්වහන්ස, මහන්තත්ත්වයද පරාක්‍රමයද තේජසද ජයද මහිමයද අයත් ඔබටය. මක්නිසාද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් ඇති සියල්ල ඔබගේය; රාජ්‍යයත්, ස්වාමීන්වහන්ස, ඔබට අයිතිය, ඔබ සියල්ල කෙරෙහි හිස මෙන් උසස්ව සිටිනසේක.වස්තුවද ගෞරවයද පැමිණෙන්නේ ඔබගෙන්ය, ඔබ සියල්ල කෙරෙහි ආණ්ඩුකරනසේක; බලයද පරාක්‍රමයද ඔබගේ අතෙහිය; සියල්ලන් උසස්කරන්ටත් ශක්තිමත්කරන්ටත් බලය තිබෙන්නේ ඔබ අතෙහිය;එබැවින්, අපේ දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුතිකරමින් ඔබගේ තේජවත් නාමය වර්ණනාකරමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 12:28

එහෙයින් සොලවන්ට බැරි රාජ්‍යයක් ලබන්නාවූ අපි, ගෞරවයෙන්ද දේවභයින්ද දෙවියන්වහන්සේට ප්‍රසන්නවන ලෙස සේවයකරන පිණිස, අනුග්‍රහය ඇතුව සිටිමු.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 9:2

ඔබ කෙරෙහි ප්‍රීතිව සන්තෝෂ වන්නෙමි; මහෝත්තමයාණෙනි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 57:9

ස්වාමිනි, මනුෂ්‍ය වර්ගයන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි; ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 ලේකම් 5:13

එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත් ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් එක ශබ්දයක් ඇසෙන පිණිස එක්කෙනෙකු මෙන් සිට, නළාවලින්ද අත්තල්වලින්ද වෙනත් තූර්ය භාණ්ඩවලින්ද: මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, ගෘහය වලාපටලයෙන් පිරීගියේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 96:1-3

ස්වාමීන්ට අලුත් ගීතිකාවක් ගීතිකාකරව්; පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ගීතිකාකරව්.ස්වාමීන්වහන්සේ රජකම්කරනසේක කියාත්, නොසෙලවෙන ලෙස ලෝකය පිහිටා තිබේය කියාත්, උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන් සාධාරණකමින් විනිශ්චයකරනසේක කියාත් ජාතීන් අතරේ කියව්.ආකාශය සන්තෝෂවේවා, පොළොව ප්‍රීතිවේවා; මුහුදත් එහි පූර්ණකමත් ගර්ජනාකෙරෙත්වා;කෙත සහ එහි ඇති සියල්ලද ප්‍රීතිමත් වේවා; එවිට වනයෙහි සියලු ගස් ස්වාමීන් ඉදිරියෙහි ප්‍රීතියෙන් ගී කියන්නේය.මක්නිසාද උන්වහන්සේ එනසේක; පොළොව විනිශ්චයකරන පිණිස එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් පොළොවද, ස්වකීය සැබෑකමින් මනුෂ්‍ය වර්ගයන්ද විනිශ්චයකරනසේක.ස්වාමීන්ට ගීතිකාකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්; උන්වහන්සේ දෙන ගැළවීම දිනෙන් දින ප්‍රකාශකරව්.උන්වහන්සේගේ මහිමය ජාතීන් අතරේද උන්වහන්සේගේ ආශ්චර්ය ක්‍රියා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරේද ප්‍රකාශ කරව්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 75:1

දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුති කරමුව; ඔබගේ නාමය සමීප බැවින් ස්තුති කරමුව. මනුෂ්‍යයෝ ඔබගේ පුදුම ක්‍රියා ප්‍රකාශකරති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 4:4

ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප්‍රීතිවෙන්න. ප්‍රීතිවෙන්නැයි නැවතත් කියමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 118:24

ස්වාමීන් විසින් සෑදූ දවස මේය; එහිදී අපි ප්‍රීතිවෙමුව, සන්තෝෂවෙමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 ලේකම් 16:35

අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, ඔබගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරන පිණිසත්, ඔබගේ ප්‍රශංසා ගැන ජයඝෝෂා පවත්වන පිණිසත්, අප ගළවා, ජාතීන් අතරෙන් අප රැස්කොට, අප නිදහස්කළ මැනවයි කියව්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එස්රා 3:11

ඔව්හු ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසාකරමින්: උන්වහන්සේ යහපත්ය, මක්නිසාද ඉශ්‍රායෙල් කෙරෙහි උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්නෙය කියා ඔවුනොවුන් ගී කීවෝය. ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම දමන නිසා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකළ විට මුළු සෙනඟ මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 115:1

ස්වාමිනි, අපට නොව, අපට නොව, ඔබගේ කරුණාව නිසාත් සැබෑකම නිසාත් ඔබගේ නාමයට ගෞරවය දුන මැනව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
දානියෙල් 6:10

ඒ පත්‍රය අත්සන් කළ බව දානියෙල් දැනගත් විට, තමාගේ ගෙදරට ගොස්, තමාගේ උඩුමහලේ කවුළු යෙරුසලම දෙසට ඇරී තිබියදී, තමා ඊට පළමු කළාක්මෙන් දවසට තුන්වරක් දණින් හිඳ තමාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤාකොට ස්තුතිකෙළේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 2:6-7

එබැවින් නුඹලා ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේව පිළිගත් ලෙස, උන්වහන්සේ තුළ මුල්ඇද ගොඩනගන ලදුව,නුඹලාට ඉගැන්නූ ලෙසම නුඹලාගේ ඇදහිල්ලෙහි පිහිටා, බොහෝසෙයින් ස්තුතිදෙමින් උන්වහන්සේ තුළ හැසිරෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 34:1

සෑම කල්හිම ස්වාමීන්ට ප්‍රශංසා කරමි. උන්වහන්සේගේ වර්ණනාව මාගේ මුඛයෙහි නිතරම පවත්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 සාමුවෙ 2:2

ස්වාමීන්වහන්සේ මෙන් ශුද්ධවූ එකද කෙනෙක් නැත; මක්නිසාද ඔබ ඇර වෙන දෙවිකෙනෙක් නැත. අපේ දෙවියන්වහන්සේට සමානවූ පර්වතයක් නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 89:5

ස්වාමිනි, ස්වර්ගයෝ ඔබගේ ආශ්චර්යයන් වර්ණනාකරන්නෝය; ශුද්ධවන්තයන්ගේ රැස්වීමේදී ඔබගේ විශ්වාසකම වර්ණනාකරනු ලබන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 105:2

උන්වහන්සේට ගීතිකාකරව්, ප්‍රශංසා ගී කියව්; උන්වහන්සේගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ගැන කථාකරව්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 10:31

එහෙයින් නුඹලා කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස කරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 13:16

නුමුත් යහපත්කම්කරන්ටත් අනුන්ට බෙදාදෙන්ටත් මතකනැති නොකරන්න. මක්නිසාද එයාකාර පූජාවලට දෙවියන්වහන්සේ ප්‍රසන්න වනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 136:16-20

ස්වකීය සෙනඟ කාන්තාරය මැදින් ගෙනගිය තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.මහත් රජුන්ට පහරදුන් තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.කීර්තිමත් රජුන් නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.අමෝරිවරුන්ගේ රජවූ සීහොන් නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්]. මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.දෙවිවරුන්ගේ දෙවියන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.බාෂාන්හි රජවූ ඕග්ද නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 138:4-5

ස්වාමිනි, පොළොවේ සියලු රජවරු ඔබගේ මුඛයේ වචන ඇසූ බැවින් ඔබට ස්තුතිකරන්නෝය.එසේය, ස්වාමීන්ගේ මහිමය උතුම් නිසා, ඔව්හු ස්වාමීන්ගේ මාර්ගය ගැන ගීතිකාකරන්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 තෙසලෝනික 2:13

නුමුත්, ස්වාමීන්වහන්සේ විසින් ප්‍රේමකරනු ලබන සහෝදරයෙනි, ආත්මයාණන්වහන්සේගේ පිරිසිදුකිරීමද සැබෑව ඇදහීමද කරණකොටගෙන නුඹලා ගැළවෙන පිණිස දෙවියන්වහන්සේ පටන්ගැන්මේ සිට නුඹලා තෝරාගත් නිසා නුඹලා ගැන දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්ට අපි බැඳී සිටිමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 118:28-29

ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබට ස්තුතිකරන්නෙමි. ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබ උසස්කරන්නෙමි.ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 65:8

ඉතා දුර සීමාවල වසන්නෝද ඔබගේ ලකුණුවලට භයවෙති. ඔබ උදයද සවසද නික්මෙන ස්ථාන ප්‍රීතිමත්කරවනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 ලේකම් 29:20

එවිට දාවිත් මුළු සභාවට කථාකොට: නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි කීය. මුළු සභාවද තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරමින්, හිස නමා ස්වාමීන්වහන්සේටත් රජුටත් වැන්දෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 26:7

නිදොස්කමින් මාගේ අත් සෝදා, ඔබගේ පූජාසනය ප්‍රදක්ෂිණ කරන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 71:8

මාගේ මුඛය දවස මුළුල්ලේ ඔබට ප්‍රශංසාකිරීමෙන්ද ගෞරවකිරීමෙන්ද පිරෙන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 104:33-34

දිවි ඇති තාක් ස්වාමීන්ට ගී කියන්නෙමි. මා පවතින තෙක් මාගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.මාගේ භාවනාව උන්වහන්සේට මිහිරි වේවා. මම ස්වාමීන් කෙරෙහි ප්‍රීතිවන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙරෙමියා 30:19

ඒවායින් ස්තුති කිරීමද සන්තෝෂවන්නන්ගේ හඬද නික්මෙන්නේය. මම ඔවුන් ස්වල්පව නොසිටින හැටියට ඔවුන් වැඩිකර, ඔවුන් සුළුව නොසිටින හැටියට ඔවුන්ට ගෞරවකරන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 63:4-5

මෙසේ මම ජීවත්ව සිටින තෙක් ඔබට ප්‍රශංසාකරන්නෙමි. ඔබගේ නාමයෙන් මාගේ අත් ඔසවන්නෙමි.මාගේ යහනේදී ඔබ සිහිකරන කලද, රෑ යාම්වලදී ඔබ මෙනෙහිකරන කලද,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 145:2

සෑමදාම ඔබට ප්‍රශංසාකරන්නෙමි; සදාකාලේටම ඔබගේ නාමය වර්ණනා කරන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 2:9

නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 136:21-26

ඔවුන්ගේ දේශය උරුමයක් කොට දුන් උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.ස්වකීය මෙහෙකරුවූ ඉශ්‍රායෙල්ට එය උරුමයක් කොට දුන් උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.අපේ පහත් ස්වභාවයෙහිදී අප සිහිකළ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.අපේ එදිරිකාරයන්ගෙන් අප මිදූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.උන්වහන්සේ මාංසමයවූ සියල්ලන්ට ආහාර දෙනසේක. මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.ස්වර්ගයේ දෙවියන්වහන්සේට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 11:41

එවිට ඔව්හු ගල අහක්කළෝය. යේසුස්වහන්සේ ඇස් ඔසවා: පියාණෙනි, ඔබ මාගේ වචන ඇසූ නිසා ඔබට ස්තුති කරමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 103:1

මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසා කරව; මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ප්‍රශංසාකරව්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 5:19-20

නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කථාකොට, නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්,ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරින්න.අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පියවූ දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 135:1-3

ස්වාමීන්ට ප්‍රශංසාකරව්; ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකරව්. ස්වාමීන්ගේ මෙහෙකරුවෙනි,උන්වහන්සේ බොහෝ ජාතීන්ට පහරදී, බලවත් රජුන් නැසූසේක;අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ද බාෂාන්හි රජවූ ඕග්ද කානාන්හි සියලු රාජ්‍යයන්ද නසා,ඔවුන්ගේ දේශය උරුමයක් පිණිස, ස්වකීය සෙනඟවූ ඉශ්‍රායෙල්ට උරුමයක් පිණිස, දුන්සේක.ස්වාමිනි, ඔබගේ නාමය සදාකල් පවත්නේය; ස්වාමිනි, ඔබ සිහිකිරීම සියලු පරම්පරා දක්වා වන්නේය.මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ විනිශ්චයකරනසේක, ස්වකීය මෙහෙකරුවන් ගැන තැවෙනසේක.ජාතීන්ගේ රූප රන් රිදීය, මනුෂ්‍යයන්ගේ අත් වැඩය.ඒවාට කටවල් ඇත, එහෙත් කථානොකෙරෙති; ඇස් ඇත, එහෙත් නොදකිති;කන් ඇත, එහෙත් නොඅසති; ඒවායේ කටවල හුස්මත් නැත.ඒවා සාදන්නොත්, එසේය, ඒවා කෙරෙහි විශ්වාසකරන සියල්ලොත් ඒවාට සමානවන්නෝය.එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමීන්ට ප්‍රශංසාකරව්. එම්බා ආරොන්ගේ වංශය, ස්වාමීන්ට ප්‍රශංසාකරව්.ස්වාමීන්ගේ ගෘහයෙහි, අපේ දෙවියන්වහන්සේගේ ගෘහ මළුවල සිටින්නෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.එම්බා ලෙවී වංශය, ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන් කෙරෙහි භය ඇත්තෙනි, ස්වාමීන්ට ප්‍රශංසාකරව්.යෙරුසලමෙහි වසන ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ප්‍රශංසා ලබනසේක්වා. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.ස්වාමීන්ට ප්‍රශංසාකරව්; මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ නාමය ප්‍රියකරු නිසා ගී කියමින් එය වර්ණනාකරව්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 71:22

මාගේ දෙවියන්වහන්ස, ඔබ, එනම් ඔබගේ සැබෑකම, කුඩා වීණාවෙන් වර්ණනාකරන්නෙමි. ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්ස, මහ වීණාවෙන් ඔබට ගායනාකරන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 කොරින්ති 1:11

නුඹලාත් එක්ව නුඹලාගේ කන්නලව් කරණකොටගෙන අප වෙනුවට උපකාර කරන්නහුය. එසේ කරන්නේ බොහෝදෙනෙකු කරණකොටගෙන අපට ලැබුණු දීමනාව නිසා අප වෙනුවට බොහෝ දෙනෙක් ස්තුතිකරන පිණිසය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 3:16

ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසයකෙරේවා. නුඹලා ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින්, දැනමුතුකම් දෙමින්, නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන්වහන්සේට ගීතිකාකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 ලේකම් 16:9

උන්වහන්සේට ගීතිකා කියව්, උන්වහන්සේට ප්‍රශංසා ගී කියව්; උන්වහන්සේගේ සියලු පුදුම ක්‍රියා මෙනෙහිකරව්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 44:8

අපි දවස මුළුල්ලේම දෙවියන්වහන්සේ වර්ණනාකෙළෙමුව, ඔබගේ නාමයට සදාකල් ස්තුතිකරන්නෙමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 68:19

දවස්පතා අපේ බර උසුලන්නාවූ, අපේ ගැළවුම්කාරවූ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 25:1

ස්වාමීන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; මම ඔබ උසස්කොට ඔබගේ නාමයට ප්‍රශංසා කරන්නෙමි; මක්නිසාද ඔබ පුදුම දේ එනම් පුරාතන මන්ත්‍රණ විශ්වාසයෙන්ද සැබෑකමෙන්ද ඉෂ්ටකළසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 28:6-7

ස්වාමීන්ට ප්‍රශංසා වේවා, මක්නිසාද උන්වහන්සේ මාගේ කන්නලව් ශබ්දය ඇසූසේක.ස්වාමීන්වහන්සේ මාගේ ශක්තියය, මාගේ පලිහය; මාගේ සිත උන්වහන්සේ කෙරෙහි විශ්වාසකෙළේය, මම උපකාර ලැබුයෙමි. එබැවින් මාගේ සිත අතිශයින් ප්‍රීතිවන්නේය; මාගේ ගීයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 ලේකම් 20:21

ඔහු සෙනඟ සමඟ මන්ත්‍රණයකොට ස්වාමීන්වහන්සේට ගීතිකාකරන්නන් පත්කෙළේය. ඔව්හු යුද්ධ සේනාවට පෙරටුව යමින්, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තව ප්‍රශංසා කරමින්–ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්නේයයි කීවෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 16:27

එකම ප්‍රඥාවන්තවූ දෙවියන්වහන්සේට ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සදාකල්ම ගෞරවය වේවා. ආමෙන්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 66:1-2

පොළෝවැසි සියල්ලෙනි, දෙවියන්වහන්සේට ප්‍රීති නාද පවත්වව්.මක්නිසාද දෙවියන්වහන්ස, ඔබ අප සෝදිසිකළසේක. රිදී පරීක්ෂාකරන්නාක්මෙන් ඔබ අප පරීක්ෂාකළසේක.ඔබ අප දැලට පැමිණෙවුසේක; අපේ තුනටිය පිට තද බරක් තැබූසේක.ඔබ මනුෂ්‍යයන් අපේ හිසට උඩින් යැවූසේක; ගිනි මැදින් හා ජල මැදින්ද ගියෙමුව; නුමුත් ඔබ අප එයින් සාරවත් තැනකට පැමිණවූසේක.මම දවන පූජා රැගෙන ඔබගේ ගෘහයට ඇතුල්වෙන්නෙමි, මාගේ විපත්තියේදී මාගේ තොල්වලින් කීවාවූ,මාගේ මුඛයෙන් කථාකළාවූ මාගේ භාර ඔබට ඔප්පුකරන්නෙමි.බැටළුවන්ගේ සුවඳ දුම් සහිතව, තර සතුන් දවන පූජාවන් කොට ඔබට පුදන්නෙමි; ගොනුන්ද එළුවන් සමඟ පූජාකරන්නෙමි.දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇති සියල්ලෙනි, ඇවිත් අසව්, උන්වහන්සේ මාගේ ආත්මය උදෙසා කළ දේ ප්‍රකාශකරන්නෙමි.මාගේ මුඛයෙන් උන්වහන්සේට මොරගැසීමි, මාගේ දිවෙන් උන්වහන්සේ උසස් කරනු ලැබූසේක.අයුතුකම් කිරීමේ අභිප්‍රායක් මාගේ සිතෙහි ඇත්නම්, ස්වාමීන්වහන්සේ මාගේ බස් නාසනසේක.නුමුත් සැබවින්ම දෙවියන්වහන්සේ ඇසූසේක; මාගේ යාච්ඤා ශබ්දයට කන්දුන්සේක.උන්වහන්සේගේ නාමයේ මහිමය ගැන ගී කියව්. උන්වහන්සේගේ ප්‍රශංසාව කීර්තිමත් කරව්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 66:8-9

මනුෂ්‍ය වර්ගයෙනි, අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසාකරව්, උන්වහන්සේට නඟන ප්‍රශංසා හඬ ඇසෙන්ට සලස්වව්.අපේ ප්‍රාණය ජීවත්කරන්නෙත් අපේ පාද ලිස්සන්ට නාරින්නෙත් උන්වහන්සේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 2:13

මක්නිසාද තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා, කැමතිවෙන්ටත් වැඩකරන්ටත් නුඹලා තුළ ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේමය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 118:15

ප්‍රීතිවීමේ හා ගැළවීමේ ශබ්දය ධර්මිෂ්ඨයන්ගේ කූඩාරම්වලය. ස්වාමීන්ගේ දකුණු හස්තය වික්‍රමාන්විතව ක්‍රියාකරයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 ලේකම් 29:11

ස්වාමීන්වහන්ස, මහන්තත්ත්වයද පරාක්‍රමයද තේජසද ජයද මහිමයද අයත් ඔබටය. මක්නිසාද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් ඇති සියල්ල ඔබගේය; රාජ්‍යයත්, ස්වාමීන්වහන්ස, ඔබට අයිතිය, ඔබ සියල්ල කෙරෙහි හිස මෙන් උසස්ව සිටිනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 92:4-5

මක්නිසාද ස්වාමිනි, ඔබගේ ක්‍රියාවෙන් ඔබ මා සන්තෝෂකළසේක. ඔබගේ හස්තකර්ම ගැන ප්‍රීති ප්‍රකාශ කරන්නෙමි.ස්වාමිනි, ඔබගේ ක්‍රියා කොපමණ මහත්ද! ඔබගේ කල්පනා ඉතා ගැඹුරුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 කොරින්ති 9:11

මෙසේ නුඹලා සියලු ත්‍යාගවන්තකමට සියලු ආකාරයෙන් පොහොසත් වන්නහුය, එය අප කරණකොටගෙන දෙවියන්වහන්සේට ස්තුති උපදවන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 103:11-12

මක්නිසාද පොළොවට උඩින් අහස උස්ව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට උන්වහන්සේගේ කරුණාව මහත්ය.නැගෙනහිර බස්නාහිරෙන් දුරව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ අපේ වරද අපෙන් දුරුකළසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එළිදරව් 4:11

අපගේ ස්වාමීන්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේයයි කියති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 ලේකම් 31:2

හෙසකියා දවන පූජා සහ ශාන්ති පූජා ඔප්පුකරන්ටත් ස්වාමීන්වහන්සේගේ කඳවුරේ දොරටුවල සේවය කරන්ටත් ස්තුති ප්‍රශංසා කරන්ටත් පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත් පංක්තිවල ප්‍රකාරයට පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද එකිනෙකාගේ සේවයේ හැටියට ඔවුන්ගේ පංක්ති නියමකෙළේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 148:1-5

ස්වාමීන්ට ප්‍රශංසා කරව්. ස්වර්ගවල සිට ස්වාමීන්ට ප්‍රශංසාකරව්. උස් තැන්හිදී උන්වහන්සේට ප්‍රශංසාකරව්.තිරිසනුන් හා සියලු සිව්පාවෙනි, උරගුන් හා පියාඹන පක්ෂීනි,පොළොවේ රජුන් හා සියලු මනුෂ්‍ය වර්ගයෙනි, අධිපතීන් හා පොළොවේ සියලු විනිශ්චයකාරයෙනි,තරුණයන් හා තරුණියෙනි, මහල්ලන් හා බාලයෙනි, පොළොවේ සිට ස්වාමීන්ට ප්‍රශංසාකරව්.මොව්හු ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා; මක්නිසාද උන්වහන්සේගේ නාමය පමණක් උසස්ය. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය හා පොළොව මත්තෙහි පවත්නේය.උන්වහන්සේ ස්වකීය සෙනඟගේ අඟ එසෙවුසේක, ස්වකීය සියලු ශුද්ධවන්තයන්ට එනම් තමන්ට ළංව සිටින සෙනඟක් වන ඉශ්‍රායෙල් පුත්‍රයන්ට, ප්‍රශංසා හේතුවක් නැගූසේක. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.උන්වහන්සේගේ සියලු දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ මුළු සේනාව, උන්වහන්සේට ප්‍රශංසාකරව්.චන්ද්‍ර සූර්යයෙනී, උන්වහන්සේට ප්‍රශංසාකරව්. දීප්තිමත් තාරකා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.ස්වර්ගවල ස්වර්ගයෙනි, අහසට උඩින් තිබෙන ජලයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.ඒ සියල්ලෝ ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා. මක්නිසාද උන්වහන්සේ අණකළසේක, එවිට ඒවා මවනලද්දේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 145:1

මාගේ දෙවිවූ රජ්ජුරුවන්වහන්ස, ඔබ උසස්කරන්නෙමි; ඔබගේ නාමයට සදාකාලේටම ප්‍රශංසාකරන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 1:6

නුඹලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණකරනසේකැයි යන මේ විශ්වාසය ඇතිව සිටිමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 8:28

තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 10:21

ඒ පැයේදීම උන්වහන්සේ ශුද්ධාත්මයෙන් ප්‍රීතිමත්ව කියනසේක්: ස්වර්ගයටත් පොළොවටත් ස්වාමිවූ පියාණෙනි, ඔබවහන්සේ ප්‍රඥාවන්තයන්ටත් නුවණ ඇත්තන්ටත් මේ කාරණා සඟවා බාලයන්ට එළිදරව්කළ බැවින් ඔබට ස්තුතිකරමි. එසේය, පියාණෙනි; මක්නිසාද ඔබගේ කැමැත්ත එසේ විය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 118:5-6

මාගේ විපත්තියේදී ස්වාමීන්ට යාච්ඤාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මට උත්තරදෙමින්, නිදහස් තැනක මා සිටෙවුසේක.ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය; භය නොවන්නෙමි. මනුෂ්‍යයා මට කුමක් කළ හැක්කේද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 136:7-9

මහත් ආලෝක මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.දවාලෙහි ආණ්ඩුකිරීමට සූර්යයා මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.රාත්‍රියෙහි ආණ්ඩුකිරීමට සඳ සහ තාරකා මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 149:1

ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ට අලුත් ගීතිකාවක්ද ශුද්ධවන්තයන්ගේ සභාවේදී උන්වහන්සේගේ ප්‍රශංසාවද ගායනාකරව්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 3:20-21

ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම,සියලු පරම්පරාවන් දක්වා සභාවෙහි ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සදාකාලයටම ගෞරවය වේවා ආමෙන්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 1:9

අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 1:3

අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව, නොකැලැල්ව සිටින පිණිස,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 106:2-3

ස්වාමීන්ගේ බලවත් ක්‍රියා කියන්ටත් උන්වහන්සේගේ සියලු ප්‍රශංසාව ප්‍රකාශකරන්ටත් කාට පුළුවන්ද?මෙසේ ඔව්හු තමුන්ගේ මහිමයවූ තැනන්වහන්සේ තණකොළ කන ගොනෙකුගේ ස්වරූපයට මාරුකළෝය.ඔව්හු මිසරයේදී මහත් දේද හාම්ගේ දේශයේදී ආශ්චර්ය ක්‍රියාදරතු මුහුද ළඟදී භයංකර ක්‍රියාද කළාවූ තමුන්ගේ ගැළවුම්කාර දෙවියන්වහන්සේ මතකනැතිකළෝය.එබැවින් උන්වහන්සේ: ඔවුන් විනාශකරන්නෙමියි කීසේක. උන්වහන්සේ ඔවුන් විනාශ නොකරන ලෙස උන්වහන්සේගේ උදහස පහකරන පිණිස, උන්වහන්සේ විසින් තෝරාගත් මෝසෙස් උන්වහන්සේ ඉදිරියේ කෝප දොරටුවෙහි නොසිටියේ නම්, එසේ කරනවා ඇත.ඔව්හු ප්‍රිය උපදවන දේශය හෙළාදැක්කෝය, උන්වහන්සේගේ වචනය අදහා නොගත්තෝය.නුමුත් තමුන්ගේ කූඩාරම්වලදී කොඳුළෝය, ස්වාමීන්ගේ ශබ්දයට ඇහුම්කන් නුදුන්නෝය.එබැවින් උන්වහන්සේ, ඔවුන් වනාන්තරයෙහි හෙළා දමන බවත්, ඔවුන්ගේ වංශය ජාතීන් අතරේ හෙළා දමන බවත්,ඔවුන් දේශවල විසුරුවන බවත් කියා, ස්වකීය හස්තය ඔසවා දිවුළසේක.ඔව්හු බාල්පෙයොර්ටත් බැඳී, මළවුන්ට පිදූ දේ කෑවෝය.මෙසේ ඔව්හු තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේ උදහස් කෙරෙවුවෝය; වසංගතයද ඔවුන් අතරට පැමිණියේය.යුක්තිය රක්ෂාකරන්නෝද හැම කල්හි ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාද ආශීර්වාදලද්දෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 115:18

නුමුත් අපි මෙතැන් පටන් සදාකල්ම ස්වාමීන් වර්ණනාකරන්නෙමුව. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 12:5

ස්වාමීන්වහන්සේට ගායනාකරන්න; මක්නිසාද උන්වහන්සේ උතුම් දේ කළසේක. මේ බව මුළු පොළොවෙහි දන්වනු ලැබේවයි කියන්නහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 5:3-5

එපමණකුත් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ලද,ඉවසිල්ලෙන් සහතිකකමද සහතිකකමෙන් බලාපොරොත්තුවීමද උපදින බව දැන, අප විඳින පීඩාවලදීත් ප්‍රීතිමත්වෙමු.බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 31:21

ස්වාමීන්ට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ශක්තිමත් නුවරල්කදී තමන් පුදුමවූ කරුණා ගුණය මට පෙන්වූසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 4:15-16

මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය.එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 30:11-12

ඔබ මාගේ වැලපීම නැටීමට පෙරළූසේක; ඔබ මාගේ ගෝණි රෙදි මුදා සතුටු පිළියෙන් මාගේ ඉණ සැරසූසේක.කුමටද? මාගේ මහිමය නිශ්ශබ්ද නොවී ඔබට ප්‍රශංසා ගී කියන පිණිසය. මාගේ දෙවිවූ ස්වාමිනි, සදාකල්ම ඔබට ස්තුතිකරන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 1:31

එහෙයින්, ලියා තිබෙන ලෙස, ගරුකම් කියන්නා ස්වාමීන්වහන්සේ කෙරෙහි ගරුකම් කියාවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 1:3-4

අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද අන්තිම කාලයෙහි එළිදරව්වෙන්ට සූදානම්ව තිබෙන ගැළවීමට දෙවියන්වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරණකොටගෙන ආරක්ෂාකරනු ලබන්නාවූ,නුඹලා උදෙසා ස්වර්ගයෙහි තබා තිබෙන්නාවූ, ජරාවට නොපැමිණෙන්නාවූ, නොකිලුටුවූ, පහ නොවන්නාවූ උරුමයක් ගැන,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 145:8-9

ස්වාමීන්වහන්සේ දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය; උදහස්වීමට ප්‍රමාදය, මහත් කරුණාවෙන් යුක්තය.ස්වාමීන්වහන්සේ සියල්ලන්ට යහපත්ය; උන්වහන්සේගේ දයාබරකම් උන්වහන්සේගේ සියලු කර්මාන්ත කෙරෙහිය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 12:1

ඒ දවසෙහි නුඹ කථාකොට: ස්වාමීන්වහන්ස, ඔබට ස්තුති කරමි; මක්නිසාද ඔබ මා කෙරෙහි උදහස්ව සිටිය නුමුත් ඔබගේ උදහස පහවගියේය, ඔබ මා සනසනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 7:25

අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ස්තුති කරමි. මෙසේ මමම සිතින් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට සේවයකරමි; නුමුත් මාංසයෙන් සේවයකරන්නේ පාපයාගේ ව්‍යවස්ථාවටය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 ලේකම් 16:36

ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්ට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේවා. මුළු සෙනඟද: ආමෙන් කියා ස්වාමීන්වහන්සේ වර්ණනාකළෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 107:31

ස්වාමීන්ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 89:8

සේනාවන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, යාඃ නම්වූ ඔබ හා සමාන බලසම්පන්න කෙනෙක් කවරේද? ඔබගේ විශ්වාසකම ඔබ හාත්පසය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 13:15-16

එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.නුමුත් යහපත්කම්කරන්ටත් අනුන්ට බෙදාදෙන්ටත් මතකනැති නොකරන්න. මක්නිසාද එයාකාර පූජාවලට දෙවියන්වහන්සේ ප්‍රසන්න වනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 ලේකම් 20:22

ඔවුන් ප්‍රීති ඝෝෂාවද ප්‍රශංසාවද පටන්ගත් වේලාවේදී යූදාට විරුද්ධව ඇවිත් සිටි අම්මොන් සහ මෝවබ් පුත්‍රයන්ටද සෙයිර් කඳුකරයේ වැසියන්ටද විරුද්ධ ස්වාමීන්වහන්සේ රැක සිටින සේනාවක් සිටෙවුසේක; ඔව්හු පැරදුණෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:164

ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් නිසා දවසට සත් වරක් ඔබට ප්‍රශංසා කරමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්