Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 16:34 - Sinhala Revised Old Version

34 ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 සමිඳුන් හට තුති පුදන්න; මන්ද, එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ ස්ථිරසාර ප්‍රේමය සදහට ම පවත්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 සමිඳුන් හට තුති පුදන්න; මන්ද, එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ ස්ථිරසාර ප්‍රේමය සදහට ම පවත්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 16:34
13 හුවමාරු යොමු  

ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.


ඔව්හු ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසාකරමින්: උන්වහන්සේ යහපත්ය, මක්නිසාද ඉශ්‍රායෙල් කෙරෙහි උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්නෙය කියා ඔවුනොවුන් ගී කීවෝය. ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම දමන නිසා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකළ විට මුළු සෙනඟ මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය.


සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිනි බසිනවාත් ස්වාමීන්වහන්සේගේ තේජස ගෘහය පිට තිබෙනවාත් දැක, ගල් අතුළ බිමට තමුන්ගේ මුහුණු නමා නමස්කාරකොට: මක්නිසාද උන්වහන්සේ යහපතය‍; උන්වහන්සේ කරුණාව සදාකල් පවත්නේය කියමින් ස්වාමීන්වහන්සේට ස්තුතිකළෝය.


ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.


එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත් ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් එක ශබ්දයක් ඇසෙන පිණිස එක්කෙනෙකු මෙන් සිට, නළාවලින්ද අත්තල්වලින්ද වෙනත් තූර්ය භාණ්ඩවලින්ද: මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, ගෘහය වලාපටලයෙන් පිරීගියේය.


නැවත ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද: සේනාවල ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්සේක, උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේයයි කියන්නන්ගෙත් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ස්තුති පූජා ගෙනෙන්නන්ගෙත් හඬද ඇසෙනවා ඇත. මක්නිසාද මම මුලදී මෙන් දේශයේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක


ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේය.


එවිට වනයේ වෘක්ෂයෝ ස්වාමීන් ඉදිරියෙහි ප්‍රීතියෙන් ගී කියන්නාහ, මක්නිසාද උන්වහන්සේ පොළොව විනිශ්චයකරන පිණිස එනසේක.


ඔහු සෙනඟ සමඟ මන්ත්‍රණයකොට ස්වාමීන්වහන්සේට ගීතිකාකරන්නන් පත්කෙළේය. ඔව්හු යුද්ධ සේනාවට පෙරටුව යමින්, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තව ප්‍රශංසා කරමින්–ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්නේයයි කීවෝය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්ය; උන්වහන්සේගේ කරුණාව සදාකාලේටද උන්වහන්සේගේ විශ්වාසකම සියලු පරම්පරාවලටද පවත්නේය.


ස්වාමීන්ට ස්තුතිකරව්. උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරව්. මනුෂ්‍ය වර්ගයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශකරව්.


ඔවුන් සමඟ හේමාන්ද යෙදූතුන්ද නම් සඳහන්කර තෝරාගනු ලැබූ අනික් අයද: ස්වාමීන්වහන්සේගේ කරුණාව සදාකාලයටම පවත්නේය කියා උන්වහන්සේට ස්තුතිකිරීමට නියමකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්