තවද ගේ-දොර, සහෝදර-සහෝදරියන්, මව හෝ පියා හෝ දරුවන් හෝ ඉඩ කඩම් හෝ මගේ නාමය උදෙසා අත්හළ හැම කෙනකුටම ඒ හා සිය ගුණයක් ලැබෙනු ඇත. සදාතන ජීවනය ද උරුම වනු ඇත.
හෙබ්‍රෙව් 9:15 - සිංහල කාලීන පරිවර්තනය එබැවින්, පොරොන්දු වූ සදාතන උරුමය, කැඳවනු ලැබූවන් ලබන පිණිස, උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත්කරුවාණන් ය. මන්ද ඔවුන් පළමු ගිවිසුම යටතේ කරන ලද පාප අපරාධවලින් ඔවුන් මුදවන මරණයක් සිදු වී ඇත. Sinhala New Revised Version මේ කාරණය නිසා, කැඳවනු ලැබූවන්ට සදාතන උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිස උන් වහන්සේ අලුත් ගිවිසුමක මැදහත් කාරයාණෝ වන සේක. එසේ වන්නේ පළමු වන ගිවිසුමේ කාලයේ දී කළ පාප ක්‍රියාවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිදු වූ බැවිනි. Sinhala New Revised Version 2018 මේ කාරණය නිසා, කැඳවනු ලැබූවන්ට සදාතන උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිස උන් වහන්සේ අලුත් ගිවිසුමක මැදහත් කාරයාණෝ වන සේක. එසේ වන්නේ පළමු වන ගිවිසුමේ කාලයේ දී කළ පාප ක්‍රියාවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිදු වූ බැවිනි. Sinhala Revised Old Version මේ කාරණය නිසා උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත්කාරයාව සිටිනසේක. එසේ වන්නේ පළමුවෙනි ගිවිසුමේ කාලයේදී කළ වරදවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිද්ධවූ බැවින්, කැඳවනු ලැබුවාවූ තැනැත්තන්ට සදාකාල උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිසය. |
තවද ගේ-දොර, සහෝදර-සහෝදරියන්, මව හෝ පියා හෝ දරුවන් හෝ ඉඩ කඩම් හෝ මගේ නාමය උදෙසා අත්හළ හැම කෙනකුටම ඒ හා සිය ගුණයක් ලැබෙනු ඇත. සදාතන ජීවනය ද උරුම වනු ඇත.
මංගල සාදයට ඇරියුම් කර තිබූ අය කැඳවමින් ඔහු තම සේවකයින් පිටත් කර යැවී ය. එහෙත් ඔවුහු එන්නට නො කැමති වූහ.
“එවිට රජ්ජුරුවෝ තමන් දකුණු පස සිටින්නන් අමතමින්, ‘එන්න, මගේ පියාණන්වහන්සේගෙන් ආශිර්වාද ලද්දනි, ලොව අත්තිවාරම් ලූ තැන් පටන් ඔබ සඳහා සූදානම් කරන ලද රාජ්‍යය උරුම කරගන්න.
මා නිර්වස්ත්‍රව සිටියා; ඔබ මට ඇඳුම් ඇඳවූවා. මා රෝගීව සිටියා; ඔබ මට සැලකුවා. මා සිරගතව සිටියා. ඔබ මා බලන්නට ආවා’ යි කියනු ඇත.
උන්වහන්සේ ගමන් අරඹත්ම, එක් මිනිසෙක් දුවගෙන අවුත්, උන්වහන්සේ අබියස දණින් වැටී, “යහපත් ගුරුතුමනි, සදාතන ජීවනය උරුම කර ගන්නට, මා කුමක් කළ යුතු දැ?” යි ඇසී ය.
එක් අධිපතියෙක් උන්වහන්සේ අමතමින්, “යහපත් ගුරුතුමනි, සදාතන ජීවනය උරුම කර ගන්නට, මා කුමක් කළ යුතු දැ?” යි ඇසී ය.
භෝජනයෙන් පසු උන්වහන්සේ කුසලාන ගෙන, “මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ ලෙයින් වන අලුත් ගිවිසුමයි.
මම ඔවුන්ට සදාතන ජීවනය දෙන්නෙමි. ඔවුන් කිසි කලෙක විනාශ වන්නේ නැත. කිසි කෙනකු මගේ අතින් ඔවුන් උදුරා ගන්නේ නැත.
“දෙවියන්වහන්සේටත්, ඔබ ගොඩ නංවාලීමට හා පවිත්‍ර කරනු ලැබූ සියල්ලන් අතර උරුමයක් ඔබට දෙන්නට හැකි උන්වහන්සේගේ අනුග්‍රහයේ වචනයටත් දැන් මා ඔබ භාර කරනවා.
අප සතුරන්ව සිටියදීත් ස්වකීය පුත්‍රයාණන්ගේ මරණය හේතු කොට, දෙවියන්වහන්සේ සමඟ අප සමඟි කරනු ලැබුවා නම්, එසේ සමඟි කරනු ලැබූ අපි, උන්වහන්සේගේ ජීවනය හේතු කොට ඊට කොතරම් වැඩියෙන් ගලවනු නො ලබන්නෙමු ද!
එහෙත් දෙවියන්වහන්සේ අප උදෙසා ස්වකීය ප්‍රේමය පෙන්වන්නේ, අප තවමත් පව්කරුවන්ව සිටියදී, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා මරණය විඳීමෙන් ය.
මන්ද පාපයේ කුලිය මරණයයි. එහෙත් දෙවියන්වහන්සේගේ තිළිණ දීමනාව, ක්‍රිස්තුස් යේසුස් අප ස්වාමින්වහන්සේ තුළ සදාතන ජීවනයයි.
තවද දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන්ට, උන්වහන්සේගේ අරමුණට අනුව කැඳවනු ලැබූවන්ට, හැම දෙයක්ම යහපත පිණිස එකට ක්‍රියා කරන වග අපි දනිමු.
එසේ, උන්වහන්සේ පෙර-නියම කළවුන්, උන්වහන්සේ කැඳවූ සේක. උන්වහන්සේ කැඳවා ගත්තවුන්, උන්වහන්සේ ධර්මිෂ්ඨකමට ද පැමිණෙවු සේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමට පැමිණෙවුවන් උන්වහන්සේ තේජසට ද පත් කළ සේක.
අලුත් ගිවිසුමක සේවකයින් ලෙසට අප සමත් කළේ උන්වහන්සේ ය. ඒ ගිවිසුම ලිඛිත එකක් නො ව ආත්මයාණන්ගෙනි. මන්ද ලේඛනය මරා දමන්නේ ය; ආත්මයාණෝ ජීවත් කරවන සේක.
මැදහත්කරුවකු නියෝජන කරන්නේ එක් පාර්ශ්වයක් පමණක් නො වේ; එහෙත් දෙවියන්වහන්සේ එක්කෙනෙක්ම ය.
උන්වහන්සේ තුළ උන්වහන්සේගේ ලේ මඟින් අපට මිදීම වන අපගේ පාපවලට කමාව ඇත්තේ, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ඉසුරුමත් බවට අනුකූලව ය.
අපගේ ශුභාරංචිය මඟින් දෙවියන්වහන්සේ ඊට ඔබ කැඳවූයේ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය ඔබත් අත්කර ගන්නා පිණිස ය.
මන්ද සිටින්නේ එක දෙවියන්වහන්සේ හා දෙවියන්වහන්සේත් මිනිසුනුත් අතර එක මැදහත්කරුවාණන් වන මිනිසා වූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේත් ය.
එබැවින් තෝරා ගත්තවුන් උදෙසා මා, හැම දෙයක් දරා ගන්නේ, සදාතන තේජස සමඟ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති ගැලවීම ඔවුන් ද අත්කර ගනු පිණිස ය.
බොරු නො කියන දෙවියන්වහන්සේ යුග කාල පටන්ගැන්මටත් කලින් පොරොන්දු වූ, සදාතන ජීවනය පිළිබඳ බලාපොරොත්තුව,
උන්වහන්සේගේ අනුග්‍රහයෙන් අප නිර්දෝෂ කරනු ලැබ, සදාතන ජීවන බලාපොරොත්තුවේ උරුමක්කරුවන් බවට අප පත් වන පිණිස ය.
සිරගත කරනු ලැබූවන්ට ඔබ අනුකම්පාවෙන් සැලකූ අතර ඔබේ දේපළ කොල්ල කෑ කල, සතුටු සිතින් එය බාර ගත්තේ, වඩා හොඳ හා පවතින හිමිකමක් ඔබට ඇති වග දැනගෙන ය.
මන්ද දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ පසු, පොරොන්දු වූ දෑ ලබන පිණිස, ඉවසා දරා සිටීම ඔබට අවශ්‍ය ය.
ඇදහිල්ලෙහි පිහිටා සිටි මේ හැම කෙනකුම මිය ගියේ, පොරොන්දු වූ දෑ නො ලැබ, එහෙත් ඒවා දුරතියා දැක, සාදරයෙන් ඒවා පිළිගනිමිනි; තමන් මේ පොළොවට පිටදේශක්කරුවන් හා ආගන්තුකයින් වග පිළිගනිමිනි.
අලුත් ගිවිසුමක මැදහත්කරුවාණන් වූ යේසුස්වහන්සේ වෙතට ය; ආබෙල්ගේ ලෙයට වඩා උතුම් ලෙස කතා කරන ඉසීමේ ලේ වෙතට ය.
සදාතන ගිවිසුමේ ලේ මඟින්, බැටළුවන්ගේ ශ්‍රේෂ්ඨ එඬේරාණන් වූ යේසුස් අප ස්වාමියාණන් මළවුන් වෙතින් යළි ජීවනයට ගෙන ආ සාමයේ දෙවියන්වහන්සේ,
එම දරුවන් ලෙයින් හා මසින් පංගුකාර වූ බැවින් උන්වහන්සේ ද එම ස්වභාවයට පංගුකාර වූ සේක. එසේ කළේ, මරණය මඟින් මරණයේ බලධාරියා වන යක්ෂයා විනාශ කරන පිණිසත්,
එබැවින් ස්වර්ගීය කැඳවීමට පංගුකාර වූ ශුද්ධ වූ සහෝදරයිනි, අපගේ ඇදහිල්ලේ අපෝස්තුලුවරයාණන් හා උත්තම පූජකයාණන් වන යේසුස්වහන්සේ වෙත ඔබගේ සිත් යොමන්න.
දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වන කල, දිවුරුම් දීමට තමන්වහන්සේට වඩා උතුම් කෙනෙක් නො වූ බැවින් තමන්ම ගැන දිවුරමින්,
මෙසේ මෙය “අලුත්” ගිවිසුමකැයි කීමෙන්, දෙවියන්වහන්සේ පළමු එක කල් ඉකුත්වූ එකක් කළ සේක. එසේ කල් ඉකුත්වූ පරණ වන්නා වූ දේ කල් නො ගොසින් අතුරුදහන් වනු ඇත.
ශුද්ධස්ථානයට ඇතුළු වූයේ, එළු ලේ හා ගව ලේ මඟින් නො ව, තමන්වහන්සේගේ ලේ මඟින් සදාතන මිදීම සලසමින්, සදහට ම එක් වරක් පමණි.
ක්‍රිස්තුස්වහන්සේ බොහෝ දෙනකුගේ පාප දරා ගැනීමට එකම වරක් පූජා වූ සේක; පාප ඉසිලීමට නො ව, උන්වහන්සේගේ ඊම ආශාවෙන් බලා සිටින්නන් ගලවන පිණිස, උන්වහන්සේ දෙවන වරටත් පෙනී සිටින සේක.
පරීක්ෂා මැද නො සැලී ස්ථිරව සිටින මිනිසා භාග්‍යවත් ය. මන්ද ඔහු ඒ පරීක්ෂා ඉසිලූ පසු, තමන්වහන්සේට ප්‍රේම කරන්නවුන්ට දෙවියන්වහන්සේ පොරොන්දු වූ ජීවනයේ ඔටුන්න ලබන්නේ ය.
මන්ද ක්‍රිස්තුස්වහන්සේ පාප උදෙසා එක් වරක් මැරුණු සේක. ධර්මිෂ්ඨ තැනැන්වහන්සේ අධර්මිෂ්ඨයින් උදෙසා එසේ කළේ, දෙවියන්වහන්සේ වෙත අප පමුණුවන පිණිස ය. උන්වහන්සේ මාංසයෙන් මරණයට පත් කරනු ලැබූ නමුදු ආත්මයෙන් ජීවනයට ගෙනෙනු ලැබූ සේක්,
ස්වල්ප කලක් දුක් විඳි පසු, ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්වහන්සේගේ සදාතනික තේජෝමහිමයට ඔබ කැඳවාගත්, සකල අනුග්‍රහයේ දෙවියන්වහන්සේ, ඔබ ප්‍රකෘතිමත් කර, ශක්තිමත් කර, ස්ථාවර කර, ස්ථිර පදනමක ඔබ පිහිටු වන සේක.
ඔවුහු අලුත් ගීයක් ගැයූහ: “සුදුසුයි ඔබ පොත ගන්නට, හා එහි මුද්‍රා අරින්නට, මන්ද ඔබ මරන ලද නිසා ඔබගේ ලෙයින් වන්දි ගෙවා, හැම ගෝත්‍රයකින් හා භාෂාවකින් ද හැම ජනතාවකින් හා ජාතියකින් ද, මිනිසුන් දෙවියන්වහන්සේට මිලයට ගෙන,