Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 5:8 - සිංහල කාලීන පරිවර්තනය

8 එහෙත් දෙවියන්වහන්සේ අප උදෙසා ස්වකීය ප්‍රේමය පෙන්වන්නේ, අප තවමත් පව්කරුවන්ව සිටියදී, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා මරණය විඳීමෙන් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ අප පව්කාරයන් ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දිවි පිදූ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ අප පව්කාරයන් ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දිවි පිදූ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ මරණය විඳීමෙන්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 5:8
19 හුවමාරු යොමු  

තම මිතුරන් උදෙසා ජීවිතය පිදීමට වඩා ශ්‍රේෂ්ඨ ප්‍රේමයක් කිසිවකුටත් තිබිය නො හැක.


මන්ද දෙවියන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක් ද යත්, ස්වකීය එකම පුතණුවන් පවා දුන් සේක. ඒ, උන්වහන්සේ තුළ අදහා ගන්නා කවරකු වුවත් විනාශ නො වී, සදාතන ජීවනය ලබන පිණිස ය.


අප බෙලහීනව සිටියදී, නිසි කල්හි ක්‍රිස්තුස්වහන්සේ අධාර්මිකයින් උදෙසා මැරුණු සේක.


මන්ද ක්‍රිස්තුස්වහන්සේ පාප උදෙසා එක් වරක් මැරුණු සේක. ධර්මිෂ්ඨ තැනැන්වහන්සේ අධර්මිෂ්ඨයින් උදෙසා එසේ කළේ, දෙවියන්වහන්සේ වෙත අප පමුණුවන පිණිස ය. උන්වහන්සේ මාංසයෙන් මරණයට පත් කරනු ලැබූ නමුදු ආත්මයෙන් ජීවනයට ගෙනෙනු ලැබූ සේක්,


අප ප්‍රේමය හැඳින ගන්නේ මෙයිනි; එනම්, උන්වහන්සේ අප උදෙසා සිය ජීවිතය දීම මඟිනි. අප ද අප සහෝදරයින් උදෙසා ජීවිතය දිය යුතුව ඇත.


එසේ කළේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අපට පානා උන්වහන්සේගේ කරුණාව පෙන්නුම් කරමින්, මතු පැමිණෙන යුගවලදී උන්වහන්සේගේ අනුග්‍රහයේ අනුපමේය ඉසුරුමත් භාවය විදහා දක්වනු පිණිස ය.


උන්වහන්සේ පාවා දෙනු ලැබුවේ, අපගේ පාප උදෙසා ය; නැගිටුවනු ලැබුවේ අප නිර්දෝෂ කොට ගණන් ගැනීම සඳහා ය.


මා දයාව ලද්දේ මේ හේතුවෙනි; සදාතන ජීවනය සඳහා උන්වහන්සේ තුළ විශ්වාස කරන්නට සිටින්නවුනට ආදර්ශයක් වශයෙන්, ලොකුම පව්කරුවා වන මා තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සම්පූර්ණ ඉවසීම ප්‍රදර්ශනය කරන පිණිස ය.


දහම් නීතිය පැමිණියේ අයුතුකම් වැඩි කිරීමට ය. එහෙත්, පාප වැඩිවන්නේ කොතැන ද, එතැන අනුග්‍රහය අතිශයින් බහුල වන්නේ ය.


අපගේ අධර්මිෂ්ඨකම මඟින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රදර්ශන කෙරේ නම්, අපට කිව හැක්කේ කුමක් ද? (මානව තර්කයෙන් කිවහොත්) උදහසේ දඬුවම පැමිණවීමට දෙවියන්වහන්සේ අසාධාරණ ද?


දැහැමි මිනිසකු උදෙසා වුව මැරෙන්නට කෙනකු හමුවන්නේ කලාතුරකිනි. ඇතැම් විට, සද්ගුණවත් කෙනකු උදෙසා මැරෙන්නට කෙනකු ධෛර්යවත් වනු ඇත.


ස්වකීය පුත්‍රයාණන් පවා ඉතිරි කර නො ගෙන, අප සියල්ලන් උදෙසා උන්වහන්සේ ද දුන් සේක් නම්, උන්වහන්සේ ද ඇතුළුව හැම දෙයක්ම නො මසුරුව අපට නො දෙන සේක් ද?


උසට හෝ ගැඹුරට හෝ මුළු මහත් මැවිල්ලේ අන් කිසිවකටවත්, ක්‍රිස්තුස් යේසුස් අප ස්වාමින්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කළ නො හැකි වග මට සහතික ය.


ක්‍රිස්තුස්වහන්සේ සමඟ මම කුරුසිපත් කරනු ලදිමි. තවදුරටත් ජීවත් වන්නේ මා නො වේ. ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත් වන සේක. දැන් මාංසයේ වෙසෙමින් මා ගෙවන මේ ජීවිතය මා ජීවත් වන්නේ, මට ප්‍රේම කළ, මා උදෙසා තමන්ම පූජා වූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් තුළ ඇදහිල්ලෙනි,


දෙවියන්වහන්සේට මිහිරි සුවඳක් හා යාගයක්ව අප උදෙසා තමන්ම පරිත්‍යාග වෙමින්, ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේම කළ සේ ප්‍රේමයේ ජීවිතයක් ගත කරන්න.


හැම උත්තම පූජකයෙක්ම පඬුරු හා යාග ඔප්පු කරනු සඳහා පත් කරනු ලබයි, එබැවින් මෙම උත්තම පූජකයාණන්ටත් ඔප්පු කරන්නට යමක් තිබීම අවශ්‍ය ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්