Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 8:13 - සිංහල කාලීන පරිවර්තනය

13 මෙසේ මෙය “අලුත්” ගිවිසුමකැයි කීමෙන්, දෙවියන්වහන්සේ පළමු එක කල් ඉකුත්වූ එකක් කළ සේක. එසේ කල් ඉකුත්වූ පරණ වන්නා වූ දේ කල් නො ගොසින් අතුරුදහන් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 අලුත් ගිවිසුම යයි කීමෙන් පළමු වැනි ගිවිසුම පරණ වූවක් කළ සේක. පරණ වෙමින් දිරා යන දෙය අතුරුදහන් වීමට ළඟ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 අලුත් ගිවිසුම යයි කීමෙන් පළමු වැනි ගිවිසුම පරණ වූවක් කළ සේක. පරණ වෙමින් දිරා යන දෙය අතුරුදහන් වීමට ළඟ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 අලුත් ගිවිසුමක්යයි කීමෙන් පළමුවෙනි ගිවිසුම පරණකළසේක. ඉඳින් පරණවන්නාවු මහලුවන්නාවූ දෙය නොපෙනීයාමට ළඟය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 8:13
15 හුවමාරු යොමු  

එබැවින්, යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ වේ නම්, ඔහු නව මැවිල්ලකි. පැරැන්න පහව ගොස් ඇත, මෙන්න! අලුත් භාවය පැමිණ ඇත.


එබැවින්, පොරොන්දු වූ සදාතන උරුමය, කැඳවනු ලැබූවන් ලබන පිණිස, උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත්කරුවාණන් ය. මන්ද ඔවුන් පළමු ගිවිසුම යටතේ කරන ලද පාප අපරාධවලින් ඔවුන් මුදවන මරණයක් සිදු වී ඇත.


ප්‍රේමය කිසි කල අවසන් වන්නේ නැත. දිවැස් වැකි පහ වී යයි; අන්‍ය භාෂා නවතිනු ඇත. දැනුම ද පහව යයි.


අහසත් පොළොවත් පහව යනු ඇත. එහෙත් මාගේ වචන පහව යන්නේ නැත.


භෝජනයෙන් පසු උන්වහන්සේ කුසලාන ගෙන, “මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ ලෙයින් වන අලුත් ගිවිසුමයි.


අලුත් ගිවිසුමක සේවකයින් ලෙසට අප සමත් කළේ උන්වහන්සේ ය. ඒ ගිවිසුම ලිඛිත එකක් නො ව ආත්මයාණන්ගෙනි. මන්ද ලේඛනය මරා දමන්නේ ය; ආත්මයාණෝ ජීවත් කරවන සේක.


ඒවා වැනසී යනු ඇත. එහෙත් ඔබ පැවත සිටින සේක; ඒවා වස්ත්‍රයක් සේ ගෙවී, පරණ වෙයි.


මෙමඟින් යේසුස්වහන්සේ වඩා හොඳ ගිවිසුමක ඇපකරුවාණන්ව සිටින සේක.


එහෙත් යේසුස්වහන්සේ ඒ පැරණි එකට වඩා අතිශය උත්තරීතර මෙහෙවරක් අත්කර ගෙන ඇත්තේ, උන්වහන්සේ මැදහත්කම් කරන ගිවිසුම ද වඩා හොඳ එකක් වූ පරිද්දෙනි; මන්ද එය වඩා හොඳ පොරොන්දු මත පිහිටන බැවිනි.


මන්ද ඔවුන්ට දොස් නගමින්, උන්වහන්සේ මෙසේ පවසන සේක: “මෙන්න! ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි, ඉශ්‍රායෙල් වංශය හා යූදා වංශය සමඟ මා අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙයි.


අලුත් ගිවිසුමක මැදහත්කරුවාණන් වූ යේසුස්වහන්සේ වෙතට ය; ආබෙල්ගේ ලෙයට වඩා උතුම් ලෙස කතා කරන ඉසීමේ ලේ වෙතට ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්