Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 10:28 - සිංහල කාලීන පරිවර්තනය

28 මම ඔවුන්ට සදාතන ජීවනය දෙන්නෙමි. ඔවුන් කිසි කලෙක විනාශ වන්නේ නැත. කිසි කෙනකු මගේ අතින් ඔවුන් උදුරා ගන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 මම ඔවුන්ට සදාතන ජීවනය දෙමි. ඔව්හු කිසි කලෙකත් විනාශ නොවෙති. කිසිවෙක් ඔවුන් මා අතින් පැහැර නොගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 මම ඔවුන්ට සදාතන ජීවනය දෙමි. ඔව්හු කිසි කලෙකත් විනාශ නොවෙති. කිසිවෙක් ඔවුන් මා අතින් පැහැර නොගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි; ඔව්හු කිසිකලකත් විනාශ නොවන්නෝය, කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 10:28
60 හුවමාරු යොමු  

පියාණන්වහන්සේ මට දෙන සැවොම මා කරා එන්නෝ ය; මා වෙත එන කවරකු වුවත් කිසි කල මා ඉවත දමන්නේ නැත.


එබැවින්, උන්වහන්සේ මඟින් දෙවියන්වහන්සේ වෙත ළඟාවන්නන් සම්පූර්ණයෙන්, සදාතනිකව ගලවන්නට උන්වහන්සේ පොහොසත් ය. මන්ද ඔවුන් උදෙසා මැදිහත් වන්නට උන්වහන්සේ නිබඳවම ජීවත් වන සේක.


මන්ද උන්වහන්සේ පෙර දැනසිටියවුන්, ස්වකීය පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමාන විය යුතු බවට, පෙර නියමයක් කළ සේක; එසේ කළේ, උන්වහන්සේ බොහෝ වූ සහෝදරයන් අතරේ කුලුඳුලාණන් වන පිණිස ය.


මෙසේ වූයේ, “ඔබ මට දුන් අයගෙන් කිසිවකුත් මට නැති වූයේ නැතැ” යි උන්වහන්සේ කලින් පැවසූ වචන ඉටු වන පිණිස ය.


ඔබ තුළ යහපත් කාර්යයකට මුලපිරූ තැනැන්වහන්සේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දවස දක්වා එය සම්පූර්ණ කරන වග ඒකාන්තයෙන් මම විශ්වාස කරගෙන සිටිමි.


උන්වහන්සේ අපට වූ පොරොන්දුව මෙයයි; එනම්, සදාතන ජීවනයයි.


එනමුත්, මා දෙන දිය බොන කෙනකුට නැවත පිපාසය ඇති නො වේ. මා දෙන දිය බොන ඇත්තන් තුළ සදාතන ජීවන උල්පත් මැවෙන්නේ යැ” යි පැවසූ සේක.


එබැවින් දැන්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නවුන් දඬුවමට පත් කිරීමක් නැත.


පැකිළීමෙන් ඔබ වළකාගන්නටත්, මහා ප්‍රීතියකින් ස්වකීය තේජවත් අභිමුඛයට දෝෂ රහිතව ඔබ පමුණුවන්නටත් සමත් තැනැන්වහන්සේට,


මන්ද පුත්‍රයාණන්ට ඔබ දුන් සියලු දෙනාට සදාතන ජීවනය දෙන පිණිස, සකල මිනිස් වර්ගයා කෙරෙහි ඔබවහන්සේ පුත්‍රයාණන්ට ආධිපත්‍යය දුන් සේක.


“සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මගේ වචන අසා, මා එවූ තැනැන්වහන්සේ විශ්වාස කරන තැනැත්තාට සදාතන ජීවනය ඇත. ඔහු විනිශ්චයට පත් වන්නේ නැත; ඔහු මරණයෙන් ජීවනයට පැමිණ සිටී.


ඔවුන් අප වෙතින් පිටත්ව ගොසින් ය, එහෙත් ඔවුන් අපේ අය නො වේ. ඔවුන් අපේ අය වූවා නම්, දිගටම අප සමඟ සිටිය යුතුව තිබිණි, එහෙත් ඔවුන් පිටත්ව ගොසිනි; ඔවුන් හැම අපේ අය නො වන වග එයින් පැහැදිලි ය.


ඒ සාක්ෂිය මෙයයි: දෙවියන්වහන්සේ අපට සදාතන ජීවනය දුන් බවයි; ඒ ජීවනය උන්වහන්සේගේ පුත්‍රයාණන් තුළ තිබෙන බවයි.


සදාතන ජීවනයට ඔබ ගෙන යන යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දයාව බලා හිඳිමින් දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙහි ඔබම පැවත සිටින්න.


අවසන් කාලයේ එළිදරවු වීමට සූදානම් ගැලවීම පැමිණෙන තෙක්, ඇදහිල්ල තුළින් දෙවියන්වහන්සේගේ බලයෙන්, උන්වහන්සේ ඔබ ආරක්ෂා කරන සේක.


යේසුස්වහන්සේ ඇය අමතමින්, “මරණින් නැගිටීමත්, ජීවනයත් මම ය. මා තුළ විශ්වාස කරන්නා මැරුණත් ජීවත් වන්නේ ය.


යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු ද යාකොබ්ගේ සොහොයුරා ද වන යූද් වෙතිනි; පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේ තුළ ප්‍රේමණීයයන් වීමට හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා සුරක්ෂිතව තැබීමට කැඳවුම් ලද්දවුන් වෙතයි.


ස්වාමින්වහන්සේගේ ප්‍රේමයට පාත්‍ර වූ සහෝදරයිනි, ආත්මයාණන්වහන්සේගේ පවිත්‍ර කිරීමේ කාරිය තුළින් හා සත්‍යය ඇදහීම තුළින් ගැලවීම ලබන පිණිස, පටන්ගැන්මේ සිට දෙවියන්වහන්සේ ඔබ තෝරා ගෙන ඇති බැවින්, ඔබ ගැන දෙවියන්වහන්සේට නිබඳව ස්තුති දීම අප විසින් කළ යුත්තකි.


පුත්‍රයාණන් අදහන්නාට සදාතන ජීවනය තිබෙයි. එහෙත් පුත්‍රයාණන්ට කීකරු නො වන්නාට ජීවනය දකින්නට නො ලැබෙයි. දෙවියන්වහන්සේගේ උදහස ඔහු මත රැඳී පවතී.


මෙලෙස මා දැන් දුක් විඳින්නේ එනිසා ය. එහෙත් මා ලජ්ජා වන්නේ නැත. මන්ද මා අදහාගෙන සිටින්නේ කවුරුදැයි මා දන්නා බැවිනි. තවද මා උන්වහන්සේට භාර දුන් දෑ ඒ දවස දක්වා ආරක්ෂා කරන්නට උන්වහන්සේ සමත් බැව් මම ඒත්තු ගෙන සිටිමි.


එසේ වන්නේ පාපය තුළ මරණය රජකම් කළා සේ ම, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් සදාතන ජීවනය දක්වා ධර්මිෂ්ඨකම මඟින් අනුග්‍රහය ද රජකම් කරන පිණිස ය.


මා දයාව ලද්දේ මේ හේතුවෙනි; සදාතන ජීවනය සඳහා උන්වහන්සේ තුළ විශ්වාස කරන්නට සිටින්නවුනට ආදර්ශයක් වශයෙන්, ලොකුම පව්කරුවා වන මා තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සම්පූර්ණ ඉවසීම ප්‍රදර්ශනය කරන පිණිස ය.


මන්ද පාපයේ කුලිය මරණයයි. එහෙත් දෙවියන්වහන්සේගේ තිළිණ දීමනාව, ක්‍රිස්තුස් යේසුස් අප ස්වාමින්වහන්සේ තුළ සදාතන ජීවනයයි.


ඒ එක මිනිසාගේ අයුතුකම නිසා, ඒ එක මිනිසා මඟින් මරණය රජකම් කළේ නම්, අනුග්‍රහයේ බහුලත්වයත්, ධර්මිෂ්ඨකමේ තිළිණ දීමනාවත් ලැබූ අය, මේ එක මිනිසා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ඊට වඩා කොතරම් වැඩියෙන් ජීවනයේ රජකම් නො කරන්නේ ද?


දැන් අප සිටගෙන සිටින මෙම අනුග්‍රහයට අප ඇතුළුව සිටින්නේ, උන්වහන්සේ මඟින් ඇදහිල්ලෙනි; එබැවින් දෙවියන්වහන්සේගේ තේජසේ බලාපොරොත්තුව තුළ අපි ප්‍රමෝද වන්නෙමු.


ඔවුන් එසේ ගල් ගසද්දී ස්තේපන්, “යේසුස් ස්වාමිනි, මා ආත්මය බාරගත මැනවි” යි යාච්ඤා කළේ ය.


තව ටිකකට පසු, ලෝකයා තවත් මා දකින්නේ නැත. එහෙත් ඔබ මා දකිනු ඇත. මන්ද මා ජීවත් වන නිසා, ඔබත් ජීවත්වනු ඇත.


සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, විශ්වාස කරන්නාට සදාතන ජීවනය ලැබෙන බවයි.


දිරා ජරාවට යන ආහාර සඳහා නො වෙහෙසී, මනුෂ්‍ය පුත්‍රයාණන් ඔබට දෙන සදාතන ජීවනයට පවතින ආහාර සඳහා වෙහෙසෙන්න. මන්ද උන්වහන්සේ පිට පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ තම මුද්‍රාව තබා ඇතැ” යි පැවසූ සේක.


එබැවින් ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින්, දැන් අප නිර්දෝෂ කරනු ලැබ ඇති බැවින්, උන්වහන්සේ මඟින් ඊට කොතරම් වැඩියෙන් දෙවියන්වහන්සේගේ උදහසින් අපි ගලවනු නො ලබන්නෙමු ද!


සීමොන් පේතෘස් උන්වහන්සේට පිළිතුරු දෙමින්, “ස්වාමිනි, අප කවුරු ළඟට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබටයි.


යේසුස්වහන්සේ උස් හඬ නඟමින්, “පියාණන්වහන්ස, ඔබවහන්සේගේ දෝතට මගේ ආත්මය බාර දෙමි” යි පැවසූ සේක. එසේ පවසා උන්වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක.


මන්ද ව්‍යාජ ක්‍රිස්තුවරුන් හා ව්‍යාජ දිවැසිවරුන් නැගිට, හැකි නම් තෝරාගනු ලැබූවන් වුව මුළා කරන්නට තරම් වූ හාස්කම් හා අනුහස් ලකුණු දක්වනු ඇත.


ඔවුන් මට දුන් මගේ පියාණන්වහන්සේ හැමට වඩා උතුම් ය. මගේ පියාණන්වහන්සේගේ අතින් ඔවුන් උදුරා ගැනීමට සමත් කිසි කෙනකු නැත.


එම ජීවනය පැහැදිලිව දක්වන ලදී; අපි එය දුටුවෙමු. එබැවින් අපි ඒ ගැන සාක්ෂි දෙමින්, පියාණන්වහන්සේ සමඟ සිටියා වූ, අපට දක්වනු ලැබූ සදාතනික ජීවනය ගැන ඔබට ප්‍රකාශ කරන්නෙමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්