Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගලාති 3:20 - සිංහල කාලීන පරිවර්තනය

20 මැදහත්කරුවකු නියෝජන කරන්නේ එක් පාර්ශ්වයක් පමණක් නො වේ; එහෙත් දෙවියන්වහන්සේ එක්කෙනෙක්ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එක් කෙනෙකු උදෙසා මැදහත්කාරයෙක් වුවමනා නැත. දෙවියන් වහන්සේ එක් කෙනෙක් ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 එක් කෙනෙකු උදෙසා මැදහත්කාරයෙක් වුවමනා නැත. දෙවියන් වහන්සේ එක් කෙනෙක් ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 තවද මැදහත්කාරයෙක් සිටින්නේ එක්කෙනෙකු පිළිබඳව නොවේය; නුමුත් දෙවියන්වහන්සේ එක්කෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගලාති 3:20
11 හුවමාරු යොමු  

මන්ද සිටින්නේ එක දෙවියන්වහන්සේ හා දෙවියන්වහන්සේත් මිනිසුනුත් අතර එක මැදහත්කරුවාණන් වන මිනිසා වූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේත් ය.


එබැවින්, පොරොන්දු වූ සදාතන උරුමය, කැඳවනු ලැබූවන් ලබන පිණිස, උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත්කරුවාණන් ය. මන්ද ඔවුන් පළමු ගිවිසුම යටතේ කරන ලද පාප අපරාධවලින් ඔවුන් මුදවන මරණයක් සිදු වී ඇත.


එහෙත් යේසුස්වහන්සේ ඒ පැරණි එකට වඩා අතිශය උත්තරීතර මෙහෙවරක් අත්කර ගෙන ඇත්තේ, උන්වහන්සේ මැදහත්කම් කරන ගිවිසුම ද වඩා හොඳ එකක් වූ පරිද්දෙනි; මන්ද එය වඩා හොඳ පොරොන්දු මත පිහිටන බැවිනි.


අලුත් ගිවිසුමක මැදහත්කරුවාණන් වූ යේසුස්වහන්සේ වෙතට ය; ආබෙල්ගේ ලෙයට වඩා උතුම් ලෙස කතා කරන ඉසීමේ ලේ වෙතට ය.


මා අදහස් කරන්නේ මෙයයි: දෙවියන්වහන්සේ විසින් ස්ථාපිත ගිවිසුම, ඉන් වසර හාරසිය තිහකට පසු පැමිණි දහම් නීතිය මඟින් අවලංගු කළ නො හැකි බවයි; එමඟින් පොරොන්දුව නිෂ්ප්‍රභා කළ නො හැකි බවයි.


ඔහු තීර් හා සීදොන් වාසීන් සමඟ එදිරිවාදිකමක් ඇති කරගෙන තිබිණි. මෙකල ඔවුහු එකමුතුවී හෙරෝද් බැහැදැක්මට ගියහ. වාසල භාර නිලධාරි බ්ලාස්තුස්ගේ සහාය ඇතිව ඔවුහු රජු හා සාමය ඉල්ලූහ. මන්ද ඔවුන්ට ආහාර සැපයුණේ රජුගේ රටින් බැවිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්