අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කෙරෙති; බිහිරි අය ඇසීම ලබති. මළාහු නැගිටුවනු ලබති. දිළිඳුනට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ.
ලූක් 5:17 - සිංහල කාලීන පරිවර්තනය දිනක් යේසුස්වහන්සේ උගන්වමින් සිටියදී, ගලීලයේ හා යුදයේ හැම ගමකින් ද යෙරුසලමෙන් ද පැමිණි පරිසිවරු හා දහම් පඬිවරු එහි අසුන් ගෙන වුන්හ. සුව කිරීමට ස්වාමින්වහන්සේගේ බලය උන්වහන්සේ වෙත විය. Sinhala New Revised Version එක් දිනක් උන් වහන්සේ උගන්වමින් සිටිය දී, ගලීලයේ සහ ජුදයේ සෑම ගම්වලින් ද ජෙරුසලමෙන් ද ආ පරිසිවරු හා විනයධරයෝ එහි හිඳගෙන උන්හ. රෝගීන් සුව කිරීමේ දේවානුභාවය උන් වහන්සේට තිබිණ. Sinhala New Revised Version 2018 එක් දිනක් උන් වහන්සේ උගන්වමින් සිටිය දී, ගලීලයේ සහ ජුදයේ සෑම ගම්වලින් ද ජෙරුසලමෙන් ද ආ පරිසිවරු හා විනයධරයෝ එහි හිඳගෙන උන්හ. රෝගීන් සුව කිරීමේ දේවානුභාවය උන් වහන්සේට තිබිණ. Sinhala Revised Old Version ඒ දවස්වලින් එකකදී උන්වහන්සේ උගන්වන කල, ගලීලයේ හා යුදයේ සෑම ගම්වලින්ද යෙරුසලමෙන්ද ආවාවූ ඵරිසිවරුත් ව්‍යවස්ථාව උගන්වන්නොත් එහි හිඳගෙන උන්නෝය. සුවකරන පිණිස ස්වාමීන්වහන්සේගේ ආනුභාවය උන්වහන්සේ සමඟ වූයේය. |
අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කෙරෙති; බිහිරි අය ඇසීම ලබති. මළාහු නැගිටුවනු ලබති. දිළිඳුනට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ.
එහෙත් ඔහු පිටත්ව ගොස්, ඒ ගැන පතළ කරමින්, ප්‍රසිද්ධියේ කතා කළේ ය. ඒ හේතුවෙන් යේසුස්වහන්සේට ප්‍රසිද්ධියේ කිසි නගරයකට ඇතුළු වීමට නො හැකි විය. උන්වහන්සේ නගරයෙන් පිටත හුදෙකලා තැන්වල සිටිය ද හැම පැත්තෙන්ම ජනයා උන්වහන්සේ වෙත ආහ.
ඔවුන් තම අත්වලින් සර්පයින් අල්ලා ගනු ඇත; ඔවුන් මරණීය විස පානය කළත් ඔවුන්ට එයින් කිසිදු අනතුරක් වන්නේ නැත; ඔවුන් රෝගීන් පිට අත් තබනු ඇත; එවිට ඔවුන් සුවය ලබනු ඇතැ” යි පැවසූ සේක.
තවද යෙරුසලමෙන් පැමිණි දහම් පඬිවරු, “මොහුට බෙල්සෙබුල් ආවේශ වෙලා! මොහු යක්ෂාත්මයන් දුරු කරන්නේ යක්ෂාධිපති මාර්ගයෙනැ” යි කීහ.
එකෙණෙහි ආනුභාවය තමන් කෙරෙන් නික්මුණු බව දැනගත් යේසුස්වහන්සේ පිරිස මැද හැරෙමින්, “මගේ වස්ත්‍රයට අත ගැසුවේ කවුරු දැ?” යි ඇසූ සේක.
එවිට පරිසිවරු හා දහම් පඬිවරු, “මොහු පව්කාරයින් පිළිගෙන, ඔවුන් සමඟ කෑමත් කනවා” යි මැසිවිලි කීහ.
තුන් දිනකට පසු, එතුමාණන් ඔවුනට හමු වූයේ, දේව මාලිගය තුළ පඬිවරුන් අතර හිඳ, ඔවුන්ට සවන් දෙමින් හා ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටියදී ය.
එවිට දහම් පඬිවරු හා පරිසිවරු, “දේවාපහාස පවසන මොහු කවුරු ද? දෙවියන්වහන්සේට මිස, පාප කමා කරන්නට පුළුවන් කවරකුට දැ?” යි ප්‍රශ්න කරන්නට වන්හ.
එවිට පරිසිවරු හා ඔවුන්ගේ දහම් පඬිවරු උන්වහන්සේගේ ගෝලයිනට අවලාද නගමින්, “බදු අය කරන්නන් හා පව්කරුවන් සමඟ නුඹලා කන්නේ, බොන්නේ මන්දැ?” යි ඇසූහ.
උන්වහන්සේගෙන් බලය නික්ම, ඔවුන් හැම සුව කළ බැවින් මුළු ජනකායම උන්වහන්සේට අත ගසන්නට සෙවූහ.
එහෙත් පරිසිවරු හා නීති විශාරදයෝ ඔහුගෙන් බව්තීස්ම නො ලැබ, තමන් සඳහා වූ දෙවියන්වහන්සේගේ සැලැස්ම ප්‍රතික්ෂේප කළහ.)
එහෙත් යේසුස්වහන්සේ, “කවුරු නමුත් මට අත ගැසුවා; ආනුභාවය මගෙන් නික්මෙනු මට දැනුණා” යි පැවසූ සේක.
යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, මෙසේ පැවසූ සේක, “ඉශ්‍රායෙල් ගුරුවරයා ඔබයි; ඒත් ඔබට ඒවා වැටහෙන්නේ නැති ද?
එහෙත් සත්‍යයෙහි පැවත ක්‍රියා කරන්නා, තමන් කරන දේ දෙවියන්වහන්සේගේ කැමැත්තට එකඟව කළ බව පෙනෙන පිණිස, ආලෝකය තුළට එන්නේ ය.
ඔබවහන්සේගේ ශුද්ධ සේවක යේසුස්වහන්සේගේ නාමයෙන් සුව කිරීමට ද විස්මිත ලකුණු හා හාස්කම් දැක්වීමට ද ඔබවහන්සේගේ හස්තය දිගු කළ මැනව” යි කීහ.
එහෙත් සියලු දෙනාගේ ගරු බුහුමනට පාත්‍ර වූ දහම් නීති පඬිවරයකු වූ ගමාලියෙල් නම් පරිසිවරයා මන්ත්‍රණ සභාව ඉදිරියේ නැගිට, ඒ මිනිසුන් මද වේලාවකට පිටතට ගෙන යෑමට අණ කළේ ය.