Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 5:17 - Sinhala Revised Old Version

17 ඒ දවස්වලින් එකකදී උන්වහන්සේ උගන්වන කල, ගලීලයේ හා යුදයේ සෑම ගම්වලින්ද යෙරුසලමෙන්ද ආවාවූ ඵරිසිවරුත් ව්‍යවස්ථාව උගන්වන්නොත් එහි හිඳගෙන උන්නෝය. සුවකරන පිණිස ස්වාමීන්වහන්සේගේ ආනුභාවය උන්වහන්සේ සමඟ වූයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එක් දිනක් උන් වහන්සේ උගන්වමින් සිටිය දී, ගලීලයේ සහ ජුදයේ සෑම ගම්වලින් ද ජෙරුසලමෙන් ද ආ පරිසිවරු හා විනයධරයෝ එහි හිඳගෙන උන්හ. රෝගීන් සුව කිරීමේ දේවානුභාවය උන් වහන්සේට තිබිණ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 දිනක් යේසුස්වහන්සේ උගන්වමින් සිටියදී, ගලීලයේ හා යුදයේ හැම ගමකින් ද යෙරුසලමෙන් ද පැමිණි පරිසිවරු හා දහම් පඬිවරු එහි අසුන් ගෙන වුන්හ. සුව කිරීමට ස්වාමින්වහන්සේගේ බලය උන්වහන්සේ වෙත විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එක් දිනක් උන් වහන්සේ උගන්වමින් සිටිය දී, ගලීලයේ සහ ජුදයේ සෑම ගම්වලින් ද ජෙරුසලමෙන් ද ආ පරිසිවරු හා විනයධරයෝ එහි හිඳගෙන උන්හ. රෝගීන් සුව කිරීමේ දේවානුභාවය උන් වහන්සේට තිබිණ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 5:17
20 හුවමාරු යොමු  

උන්වහන්සේගෙන් ආනුභාවය නික්මවිත් ඔවුන් සියල්ලන් සුවකළ බැවින්, මුළු සමූහයා උන්වහන්සේට අතගසන්ට උත්සාහකළෝය.


එහෙත් යේසුස්වහන්සේ: කවුරු නුමුත් මට අතගැසුවේය. මක්නිසාද මාගෙන් ආනුභාවය නිකුත්වූ බව මට දැනුණේයයි කීසේක.


දෙවියන්වහන්සේ පාවුල්ගේ අත්වලින් අපූරුවූ ආශ්චර්යයන් කෙරෙවූසේක.


අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ.


ඔබගේ වචනය නිර්භීතකමින් කථාකරන්ටත් ඔබගේ ශුද්ධ සේවකයාවූ යේසුස්වහන්සේගේ නාමය කරණකොටගෙන හාස්කම්ද පුදුමද කරන්ටත් ඔබගේ දාසයන්ට වර දුන මැනවයි කීවෝය.


යෙරුසලමෙන් ආවාවූ ඵරිසිවරුද ලියන්නන්ගෙන් සමහරෙක්ද උන්වහන්සේ වෙතට රැස්ව,


එකෙණෙහිම යේසුස්වහන්සේ තමන් කෙරෙන් නිකුත් වන ආනුභාව පිටවී ගිය බව දැන, සමූහයා මැද හැරී: මාගේ වස්ත්‍රවලට අතගැසුවේ කවුදැයි ඇසූසේක.


එකල ඵරිසිවරුද ලියන්නෝද යෙරුසලමෙන් යේසුස්වහන්සේ ළඟට ඇවිත්:


නුමුත් සැබෑව කරන්නා තමාගේ ක්‍රියා දෙවියන්වහන්සේ තුළ කළ බව ප්‍රකාශවෙන පිණිස ආලෝකයට එන්නේයයි කීසේක.‍


තවද තුන් දවසකට පසු, උන්වහන්සේ දේවමාළිගාවෙහි පණ්ඩිතයන් මැද වාඩිවී, ඔවුන් කියන දේ අසමින්ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින්ද ඉන්නවා ඔව්හු දුටුවෝය.


ඵරිසිවරුද ලියන්නෝද කථාකොට: මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමඟ කන්නේය කියා කොඳුළෝය.


නුමුත් ඵරිසිවරු ව්‍යවස්ථාව උගන්වන්නෝද ඔහුගෙන් බව්තීස්මය නොලැබ, දෙවියන්වහන්සේගේ අදහස තමුන්ටම එපාකළෝය.–


එකල ඵරිසිවරුද ඔවුන්ගේ ලියන්නෝද උන්වහන්සේගේ ගෝලයන්ට විරුද්ධව කොඳුරමින්: නුඹලා සුංගම් අයකරන්නන්ද පව්කාරයන්ද සමඟ කන්නෙත් බොන්නෙත් මක්නිසාදැයි කීවෝය.


එවිට ලියන්නෝද ඵරිසිවරුද: දෙවියන්වහන්සේට අපහාස වචන කියන මොහු කවුද? පව් කමාකරන්ට දෙවියන්වහන්සේට මිස වෙන කාට පුළුවන්දැයි කල්පනාකරන්ට පටන්ගත්තෝය.


සර්පයන් අල්ලාගන්නෝය, යම් මරණීය වස ජාතියක් බීවත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන්නේය; ඔවුන් රෝගීන් පිට අත් තැබූ කල්හි, ඔව්හු සුවය ලබන්නෝයයි කීසේක.


යෙරුසලමෙන් ආවාවූ ලියන්නෝ: මොහුට බෙල්සෙබුබ් ඇත්තේය කියාත් යක්ෂාධිපතියාගේ බලයෙන් මොහු යක්ෂයන් දුරුකරයිය කියාත් කීවෝය.


නුමුත් ඔහු පිටත්ව ගොස් ඒ කාරණය බොහෝසෙයින් ප්‍රසිද්ධකරන්ටත් පතළකරන්ටත් පටන් ගත්තේය. ඒ නිසා යේසුස්වහන්සේ ප්‍රසිද්ධයෙන් නුවරකට තවත් ඇතුල්වන්ට නොහැකිව, වනාන්තර ස්ථානවල පිටත සිටිසේක. මනුෂ්‍යයෝ සියලු දිශාවලින් උන්වහන්සේ වෙතට ආවෝය.


යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නුඹ ඉශ්‍රායෙල්හි ගුරුවරයාව සිටියදීත් මේ දේවල් දන්නේ නැද්ද?


නුමුත් ව්‍යවස්ථාචාර්යයෙක්වූ සියලු මනුෂ්‍යයන් විසින් ගරුකරනලද්දාවූ ගමාලියෙල් නම් එක් ඵරිසියෙක් සභාවෙහි නැගිට සිට, ඒ මනුෂ්‍යයන් ස්වල්ප වේලාවකට පිටතට ගෙනයන්ට අණකොට, කියනුයේ:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්