Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 5:30 - සිංහල කාලීන පරිවර්තනය

30 එවිට පරිසිවරු හා ඔවුන්ගේ දහම් පඬිවරු උන්වහන්සේගේ ගෝලයිනට අවලාද නගමින්, “බදු අය කරන්නන් හා පව්කරුවන් සමඟ නුඹලා කන්නේ, බොන්නේ මන්දැ?” යි ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 එකල පරිසිවරු ද ඔවුන්ගේ විනයධරයෝ ද උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට විරුද්ධ ව චෝදනා කරමින්, “ඔබ අයකැමියන් ද පව්කාරයන් ද සමඟ කන්නේත් බොන්නේත් මන්දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 එකල පරිසිවරු ද ඔවුන්ගේ විනයධරයෝ ද උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට විරුද්ධ ව චෝදනා කරමින්, “ඔබ අයකැමියන් ද පව්කාරයන් ද සමඟ කන්නේත් බොන්නේත් මන්දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 එකල ඵරිසිවරුද ඔවුන්ගේ ලියන්නෝද උන්වහන්සේගේ ගෝලයන්ට විරුද්ධව කොඳුරමින්: නුඹලා සුංගම් අයකරන්නන්ද පව්කාරයන්ද සමඟ කන්නෙත් බොන්නෙත් මක්නිසාදැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 5:30
16 හුවමාරු යොමු  

ඔවුන්ගේ කලහකාරී ඝෝෂාව වඩ වඩා උත්සන්න වෙද්දී, පරිසීන්ගේ පිලට අයත් දහම් පඬිවරු ඇතැම් දෙනෙක් සභාව මැද නැගිට, තරයේ තර්ක කරමින්, “අපට මේ මිනිසා අත කිසි වරදක් නො පෙනේ. යම් ආත්මයක් හෝ දේව දූතයෙක් හෝ ඔහුට කතා කළා නම් මොකදැ?” යි ඇසූහ.


ඒ දුටු සියල්ලෝ, “එතුමන් පව්කාර මිනිහකුගේ ආගන්තුකයා වීමට ගියා” යි කොඳුරන්නට වූහ.


එවිට දහම් පඬිවරු හා පරිසිවරු, “දේවාපහාස පවසන මොහු කවුරු ද? දෙවියන්වහන්සේට මිස, පාප කමා කරන්නට පුළුවන් කවරකුට දැ?” යි ප්‍රශ්න කරන්නට වන්හ.


දිනක් යේසුස්වහන්සේ උගන්වමින් සිටියදී, ගලීලයේ හා යුදයේ හැම ගමකින් ද යෙරුසලමෙන් ද පැමිණි පරිසිවරු හා දහම් පඬිවරු එහි අසුන් ගෙන වුන්හ. සුව කිරීමට ස්වාමින්වහන්සේගේ බලය උන්වහන්සේ වෙත විය.


පරිසිවරුන් හා සියලු යුදෙව්වන්, වැඩිහිටියන්ගේ සම්ප්‍රදාය අනුව තම අත් සෝදා මිස, අහර ගන්නේ නැත.


පරිසියා නැගිට, තමා තුළ මෙසේ යාච්ඤා කළා: ‘දෙවියන්වහන්ස, මම වෙනත් මිනිසුන් මෙන් නො වන බැවින් ඔබට ස්තුති කරමි. මා පැහැර ගන්නෙක් හෝ අධර්මිෂ්ඨයෙක් හෝ නො වේ. පරදාරිකයෙක් ද නො වේ. මේ බදු අය කරන්නා වගේ ද නො වේ.


යේසුස්වහන්සේට ඇරියුම් කළ පරිසියා ඒ දැක, “මුන්නැහේ දිවැසිවරයෙක් නම්, තමන්ට මෙලෙස අත ගසන්නේ කවරෙක් ද, කෙබඳු කෙනෙක්දැයි දැනගත යුතුයි; මැය පව්කාරියකැ” යි තමාටම කියා ගත්තේ ය.


මනුෂ්‍ය පුත්‍රයා ආවේ කමින්, බොමින්; එවිට ඔබ කියන්නේ, ‘මෙන්න බලන්න! කෑදරයෙක්, බේබද්දෙක්; බදු අයකරන්නන්ගේ හා පව්කරුවන්ගේ මිතුරෙක්!’ කියායි.


ඔබ ප්‍රේම කරන්නේ ඔබට ප්‍රේම කරන අයට පමණක් නම්, ඔබට ඉන් ඇත්තේ කවර ප්‍රති විපාකයක් ද? බදු අය කරන්නෝ පවා එසේ නො කරත් ද?


ඒ දුටු පරිසිවරු, “නුඹලාගේ ගුරුතුමා බදු අය කරන්නන් හා පව්කරුවන් සමඟ කන්නේ මන්දැ?” යි උන්වහන්සේගේ ගෝලයන්ගෙන් ඇසූහ.


උන්වහන්සේ පව්කරුවන් හා බදු අය කරන්නන් සමඟ ආහාර ගනු දුටු පරිසිවරුන්ගේ දහම් පඬිවරු, උන්වහන්සේගේ ගෝලයින් අමතමින්, “මොහු බදු අය කරන්නන් හා පව්කරුවන් සමඟ කන්නේ මන්දැ?” යි ඇසූහ.


“ඔබ ඔවුන් සමඟ වාද කරන්නේ කුමක් ගැන දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්