Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 5:34 - සිංහල කාලීන පරිවර්තනය

34 එහෙත් සියලු දෙනාගේ ගරු බුහුමනට පාත්‍ර වූ දහම් නීති පඬිවරයකු වූ ගමාලියෙල් නම් පරිසිවරයා මන්ත්‍රණ සභාව ඉදිරියේ නැගිට, ඒ මිනිසුන් මද වේලාවකට පිටතට ගෙන යෑමට අණ කළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 එහෙත්, විනයධරයෙකු වූ, සියල්ලන්ගේ ප්‍රශංසාව ලැබූ ගමාලියෙල් නම් එක් පරිසිවරයෙක්, මන්ත්‍රණ සභාවෙහි නැඟිට, ප්‍රේරිතයන් ටික වේලාවකට පිටතට ගෙන යන්නට අණ කොට, මෙසේ කී ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 එහෙත්, විනයධරයෙකු වූ, සියල්ලන්ගේ ප්‍රශංසාව ලැබූ ගමාලියෙල් නම් එක් පරිසිවරයෙක්, මන්ත්‍රණ සභාවෙහි නැඟිට, අපෝස්තුළුවරුන් ටික වේලාවකට පිටතට ගෙන යන්නට අණ කොට, මෙසේ කී ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 නුමුත් ව්‍යවස්ථාචාර්යයෙක්වූ සියලු මනුෂ්‍යයන් විසින් ගරුකරනලද්දාවූ ගමාලියෙල් නම් එක් ඵරිසියෙක් සභාවෙහි නැගිට සිට, ඒ මනුෂ්‍යයන් ස්වල්ප වේලාවකට පිටතට ගෙනයන්ට අණකොට, කියනුයේ:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 5:34
14 හුවමාරු යොමු  

“මා යුදෙව්වෙක්; සිලිසියාහි තාර්සස්වල උපන් නමුදු මා හැදුනේ, වැඩුනේ මේ නගරයේ. අපේ පියවරුන්ගේ දහම් නීතිය, ගමාලියෙල් ගුරුන් යටතේ මනාව පුහුණුව ලැබ, මා සිටියේ අද දවසේ ඔබ හැම වගේ දෙවියන්වහන්සේ කෙරේ දැල්වුණු උද්යෝගයකින්.


තුන් දිනකට පසු, එතුමාණන් ඔවුනට හමු වූයේ, දේව මාලිගය තුළ පඬිවරුන් අතර හිඳ, ඔවුන්ට සවන් දෙමින් හා ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටියදී ය.


දිනක් යේසුස්වහන්සේ උගන්වමින් සිටියදී, ගලීලයේ හා යුදයේ හැම ගමකින් ද යෙරුසලමෙන් ද පැමිණි පරිසිවරු හා දහම් පඬිවරු එහි අසුන් ගෙන වුන්හ. සුව කිරීමට ස්වාමින්වහන්සේගේ බලය උන්වහන්සේ වෙත විය.


එබැවින් මන්ත්‍රණ සභාවෙන් පිට මං වන්නට ඔවුන්ට අණ දුන් ඔවුහු, තමන් අතරේ සාකච්ඡා කරන්නට වන්හ.


යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, මෙසේ පැවසූ සේක, “ඉශ්‍රායෙල් ගුරුවරයා ඔබයි; ඒත් ඔබට ඒවා වැටහෙන්නේ නැති ද?


ඒ අනුව ඔවුහු දවස උදා වෙත්ම, දේව මාලිගයට පිවිස, ජනතාවට උගන්වන්නට වන්හ. ඒ අතර උත්තම පූජකයා, තම හවුල්කරුවන් ද සමඟ පැමිණ, ඉශ්‍රායෙල් මුළු වැඩිහිටි සමාජය වන මන්ත්‍රණ සභාව රැස් කරවා, අපෝස්තුලුවරුන් ගෙන ඒමට සිර ගෙදරට මිනිසුන් යැවී ය.


මෙසේ අපෝස්තුලුවරුන් මන්ත්‍රණ සභාව ඉදිරියට පැනවූ පසු, උත්තම පූජකයා ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නට වන්නේ ය.


අනතුරුව මන්ත්‍රණ සභාව ඇමතූ හෙතෙම, “ඉශ්‍රායෙල් මිනිසුනි, මේ මිනිසුන්ට ඔබ කරන්නට යන දේ ගැන පරිස්සම් වන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්