එකල කොරුන්, අන්ධයින්, අබ්බගාතයින්, ගොළුවන් හා වෙනත් බොහෝ රෝගීන් ද ගෙන උන්වහන්සේ වෙත ආ මහ සමූහයක්, ඒ රෝගීන් උන්වහන්සේගේ පාමුලට ගෙනාහ. උන්වහන්සේ ඔවුන් සුව කළ සේක.
ලූක් 14:13 - සිංහල කාලීන පරිවර්තනය එබැවින් ඔබ භෝජන සංග්‍රහයක් පවත්වන කල දුප්පතුන්ට, අබ්බගාතයින්ට, කොරුන්ට හා අන්ධයින්ට ඇරියුම් කරන්න. Sinhala New Revised Version එහෙත් ඔබ භෝජන සංග්‍රහයක් පිළියෙළ කරන කල, දිළිඳුන් ද අබ්බගාතයන් ද කොරුන් ද අන්ධයන් ද කැඳවන්න. Sinhala New Revised Version 2018 එහෙත් ඔබ භෝජන සංග්‍රහයක් පිළියෙළ කරන කල, දිළිඳුන් ද අබ්බගාතයන් ද කොරුන් ද අන්ධයන් ද කැඳවන්න. Sinhala Revised Old Version නුමුත් නුඹ කෑමක් පිළියෙළකරන කල, දිළිඳුන්ද අබ්බාගාතයන්ද කොරුන්ද අන්ධයන්ද කැඳවන්න. |
එකල කොරුන්, අන්ධයින්, අබ්බගාතයින්, ගොළුවන් හා වෙනත් බොහෝ රෝගීන් ද ගෙන උන්වහන්සේ වෙත ආ මහ සමූහයක්, ඒ රෝගීන් උන්වහන්සේගේ පාමුලට ගෙනාහ. උන්වහන්සේ ඔවුන් සුව කළ සේක.
සේවකයෝ මං මාවත්වලට ගියෝ, හොඳ හෝ නරක හෝ තමනට හමු වූ සියල්ලන් රැස් කළෝ ය. මෙසේ මංගල සාද ශාලාව අමුත්තන්ගෙන් පිරී ගියේ ය.
ඉන්පසු යේසුස්වහන්සේ තමන්ට ඇරියුම් කළ තැනැත්තාට කතා කොට, “ඔබ භෝජන සංග්‍රහයක් දහවල හෝ රාත්‍රියේ පවත්වන කල, ඔබේ මිතුරන්, සහෝදරයින්, ඔබේ නෑයින් හෝ ධනවත් අසල්වාසීන් නො කැඳවන්න. ඔබ එසේ කළහොත් ඔවුන් ද පෙරළා ඔබට ඇරියුම් කරනු ඇත. එවිට ඔබේ ක්‍රියාවනට ප්‍රතිවිපාක ලැබේ.
පෙරළා ඔබට සංග්‍රහ කරන්නට ඔවුන්ට නො හැකි බැවින්, ඔබ භාග්‍යවන්තයි. ධර්මිෂ්ඨයින්ගේ නැවත නැගිටීමේදී ඔබට ඊට ප්‍රතිඵල ලැබෙනු ඇතැ” යි පැවසූ සේක.
“සේවකයා ආපසු ගොස්, තම හාම්පුතුට එපවත් දැන්වූවා. ඉන් කෝප වූ ගෘහපතියා, ‘නගරයේ වීදිවලටත්, අතුරු පාරවලටත් වහාම ගොස්, දිළින්දන්, අබ්බගාතයින්, අන්ධයින් හා කොරුන් කැඳවාගෙන එනු’ යි තම සේවකයාට කීවා.
පේතෘස් නැගිට, ඔවුන් සමඟ පිටත් වුණේ ය. ඔහු එහි පැමිණි කල ඔවුහු උඩු මහලට ඔහු කැඳවාගෙන ගියහ. සියලු වැන්දඹු ස්ත්‍රීහු හඬ හඬා, දොර්කස් ඔවුන් සමඟ ජීවත්ව සිටියදී, නිම කර තිබූ සැට්ට කබා හා අනිකුත් ඇඳුම් පෙන්වමින් ඔහු වටා සිටගත්හ.
එබැවින් නායකයා දොසක් දැකිය නො හැකි, එක භාර්යාවකට ස්වාමි පුරුෂයා වූ, පමණ දැන කටයුතු කරන, සංයමයෙන් යුතු, ගරු කටයුතු වූ, ආගන්තුක සත්කාරයට ලැදි, ඉගැන්වීමෙහි සමත් අයකු විය යුතු ය.
යහ වැඩ ගැන හොඳ නමක් ඇති තැනැත්තියකි; එනම්, දරුවන් ඇති දැඩි කළ, ආගන්තුක සත්කාර පෑ, ශුද්ධවතුනගේ පා සේදූ, දුකට පත්වූවනට පිහිට වූ, හැම හොඳ වැඩකටම කැපව සිටි තැනැත්තියකි.
ආගන්තුක සත්කාරයට ලැදි, යහපතට ප්‍රේම කරන, ආත්ම සංයමයෙන් යුක්ත, යුක්ති ගරුක, ශුද්ධවත්, විනය ගරුක කෙනකු විය යුතු ය.
මා සොහොයුර, ඔබගේ ප්‍රේමය මට මහත් ප්‍රීතියක් හා සැනසිල්ලක් ගෙන දී ඇත. මන්ද ඔබ තුළින් ශුද්ධවතුන්ගේ හදවත් ප්‍රාණවත් කරනු ලැබ ඇති හෙයිනි.
ආගන්තුක සත්කාරය අතපසු නො කරන්න. එසේ කිරීමෙන් ඇතමුන් නො දැනම දේව දූතයින්ට සංග්‍රහ කර ඇත.