Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මතෙව් 15:30 - සිංහල කාලීන පරිවර්තනය

30 එකල කොරුන්, අන්ධයින්, අබ්බගාතයින්, ගොළුවන් හා වෙනත් බොහෝ රෝගීන් ද ගෙන උන්වහන්සේ වෙත ආ මහ සමූහයක්, ඒ රෝගීන් උන්වහන්සේගේ පාමුලට ගෙනාහ. උන්වහන්සේ ඔවුන් සුව කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 මහත් ජනකායක්, කොරුන් ද අබ්බාගාතයන් ද අන්ධයන් ද ගොළුවන් හා වෙනත් බොහෝ දෙනෙකුන් ද රැගෙන, ජේසුස් වහන්සේ වෙත අවුත් ඔවුන් උන් වහන්සේගේ පාමුල තැබූ හ. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 මහත් ජනකායක්, කොරුන් ද අබ්බාගාතයන් ද අන්ධයන් ද ගොළුවන් හා වෙනත් බොහෝ දෙනෙකුන් ද රැගෙන, ජේසුස් වහන්සේ වෙත අවුත් ඔවුන් උන් වහන්සේගේ පාමුල තැබූ හ. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 බොහෝ සමූහයෝ කොරුන්, අන්ධයන්, ගොළුවන්, අබ්බාගාතයන් හා වෙනත් බොහෝ දෙනා රැගෙන යේසුස්වහන්සේ ළඟට ඇවිත්, උන්වහන්සේගේ පාමුල ඔවුන් තැබුවෝය; උන්වහන්සේ ඔවුන්ට සුවකළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 15:30
14 හුවමාරු යොමු  

ඔබගේ අත, පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා වෙන් කර දමන්න. මන්ද අබ්බගාතව ජීවනයට ඇතුළු වීම, දෑත් ඇතිව නො නිවෙන ගින්නක් ඇති නිරයට යෑමට වඩා හොඳ ය.


එබැවින් ඔබ භෝජන සංග්‍රහයක් පවත්වන කල දුප්පතුන්ට, අබ්බගාතයින්ට, කොරුන්ට හා අන්ධයින්ට ඇරියුම් කරන්න.


“ඉශ්‍රායෙල් මිනිසුනි, මේ වචන අහගන්න. ඔබ දන්නා පරිදි ඔබට දෙවියන්වහන්සේ සහතික කළ මනුෂ්‍යයකු වූ නාසරෙත්හි යේසුස්වහන්සේ ලවා ඔබ අතරේ බලවත් ක්‍රියා, හාස්කම් ලකුණු දෙවියන්වහන්සේ කර වූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්