Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 11:41 - සිංහල කාලීන පරිවර්තනය

41 එබැවින් ඇතුළේ ඇති දෙයින් දන් දෙන්න. මෙන්න, එවිට සියලු දේම ඔබට පවිත්‍ර වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

41 එසේ නම් ඔබට ඇති දෙයින් දන් දෙන්න. එවිට සියල්ල ම ඔබට පිරිසුදු වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

41 එසේ නම් ඔබට ඇති දෙයින් දන් දෙන්න. එවිට සියල්ල ම ඔබට පිරිසුදු වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

41 එසේවී නුමුත් ඇතුළේ තිබෙන ඒ දෙයින් දන් දෙන්න; එවිට සියල්ලම නුඹලාට පවිත්‍රවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 11:41
37 හුවමාරු යොමු  

ඔබ සන්තක දේ විකුණා දිළිඳුන්ට දෙන්න. දිරන්නේ නැති පසුම්බි හා පිරිහෙන්නේ නැති ස්වර්ගීය සම්පත් සපයා ගන්න. එහිදී සොරෙක් ඊට ළං වන්නේ නැත; කාවෝ ඒවා කා දමන්නේ නැත.


පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ඉදිරියේ පවිත්‍ර, නිර්දෝෂ භක්තිවන්තකම වන්නේ, අනාථ දරුවනට හා වැන්දඹුවනට ඔවුන්ගේ විපතේදී පිහිට වීමත්, තමා ලෝකයෙන් දූෂ්‍ය නො වී පැවත සිටීමත් ය.


පවිත්‍ර අයට සියලු දේ පවිත්‍ර ය. එහෙත් දූෂිත හා අවිශ්වාසීවූවනට කිසිවක් පවිත්‍ර නැත. ඔවුන්ගේ මනසත්, හෘදය සාක්ෂියත් යන දෙකම දූෂ්‍ය වී ඇත.


යහපත කිරීම ද ඔබට ඇති දෑ අන් අය සමඟ බෙදා හදා ගැනීම ද අතපසු නො කරන්න. එම පූජා දෙවියන්වහන්සේට ප්‍රසන්න ය.


එම කටහඬ දෙවන වරට ඔහු අමතමින්, “දෙවියන්වහන්සේ පවිත්‍ර කළ කිසිවක් අකැපය කියා නො කියන්නැ” යි පැවසී ය.


මා ඔබට කියන්නේ ලෞකික ධනයෙන් මිතුරන් සපයා ගන්නා ලෙසයි. ඒ, ඒවා සිඳී ගිය කල සදාතනික වාසස්ථානවලට ඔබ පිළිගැනෙනා පිණිස ය.


මන්ද ඔබගේ වැඩ හා ඔබ තවමත් කරන පරිදි ශුද්ධවතුනට උපකාර කරමින්, උන්වහන්සේ උදෙසා ඔබ දක්වන ප්‍රේමය නො සලකා හැරීමට දෙවියන්වහන්සේ අසාධාරණ නැත.


මන්ද ඕනෑකම ඇත්නම්, එය පිළිගැනෙන්නේ කෙනකුට ඇති දේට අනුකූලව ය; ඔහුට නැති දේට අනුකූලව නො වේ.


එහෙත් සාකෙවුස් නැගිට, ස්වාමින්වහන්සේ අමතමින්, “මෙන්න! මගේ වස්තුවෙන් බාගයක් දිළිඳුන්ට මා දෙනවා ස්වාමිනි, යමකුට මා යම් වංචාවක් කර ඇත්නම් එමෙන් හතර ගුණයක් ආපසු ගෙවනවා” යි කීවේ ය.


යේසුස්වහන්සේ ඒ අසා, “ඔබට තවමත් එක් දෙයක් අඩුයි. ඔබ සතු හැම දෙයක්ම විකුණා දිළිඳුන්ට බෙදා දෙන්න. එවිට ඔබට ස්වර්ගීක ධනය අත්වනු ඇත; ඉන්පසු ඇවිත් මා අනුගමන කරන්නැ” යි පැවසූ සේක.


ඔබෙන් ඉල්ලන්නාට දෙන්න. ඔබෙන් ණයට ගන්නට කැමති තැනැත්තාට නො පිටුපාන්න.


සොරකමේ යෙදුන අය මින් මතු සොරකම් නො කළ යුතු ය. ඒ වෙනුවට, අවැසිතා ඇත්තවුනට උදවු දීමට තමනටත් කිසිවක් තිබෙන පිණිස, තම දෑතින්ම පලදායි කාරියක යෙදෙමින් වෙහෙසී වැඩ කළ යුතු ය.


එවිට ගෝලයෝ එකිනෙකා තම තමාගේ පුළුවන්කමේ හැටියට යුදයේ සිටි සහෝදරයනට සහනාධාර යැවීමට තීරණ කළහ.


මන්ද දිළිඳුන් හැමදා ඔබ අතරේ සිටිනවා. එහෙත් මා හැමදා ඔබ සමඟ සිටින්නේ නැහැ.


“වසරකට පසු මා යෙරුසලමට ආවේ, මගේ ජනයාට සහනාධාර දීමටත්, පඬුරු ඔප්පු කිරීමටත් ය.


ඒවා ඇතුළු වන්නේ ඔහුගේ හදවතට නො ව, උදරයටයි; පසුව එය වැසිකිළියට බැහැරව යතැ” යි ඔවුන්ට කී සේක. (මෙසේ කීමෙන් යේසුස්වහන්සේ ප්‍රකාශ කළේ සෑම ආහාරයක් ම පවිත්‍ර බව ය.)


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්