Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 9:39 - සිංහල කාලීන පරිවර්තනය

39 පේතෘස් නැගිට, ඔවුන් සමඟ පිටත් වුණේ ය. ඔහු එහි පැමිණි කල ඔවුහු උඩු මහලට ඔහු කැඳවාගෙන ගියහ. සියලු වැන්දඹු ස්ත්‍රීහු හඬ හඬා, දොර්කස් ඔවුන් සමඟ ජීවත්ව සිටියදී, නිම කර තිබූ සැට්ට කබා හා අනිකුත් ඇඳුම් පෙන්වමින් ඔහු වටා සිටගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 එවිට පේදුරු පිටත් ව ඔවුන් සමඟ ගියේ ය. ඔහු පැමිණි කල, ඔව්හු උඩුමහලට ඔහු කැඳවාගෙන ගියහ. සියලු වැන්දඹුවෝ ඔහු වටා සිට හඬ හඬා, දොර්කස් ජීවත් ව සිටිය දී මැහූ කමිසත් කබාත් පෙන්වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 එවිට පේදුරු පිටත් ව ඔවුන් සමඟ ගියේ ය. ඔහු පැමිණි කල, ඔව්හු උඩුමහලට ඔහු කැඳවාගෙන ගියහ. සියලු වැන්දඹුවෝ ඔහු වටා සිට හඬ හඬා, දොර්කස් ජීවත් ව සිටිය දී මැහූ කමිසත් කබාත් පෙන්වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

39 එවිට පේතෘස් නැගිට ඔවුන් සමඟ ගියේය. ඔහු ආ කල, ඔව්හු උඩුමහලට ඔහු කැඳවාගන ගියෝය. සියලු වැන්දඹුවෝ ඔහු ළඟ සිට හඬ හඬා, දොර්කස් තමුන් සමඟ සිටියදී මහපු ඇඳුම් සහ වස්ත්‍ර පෙන්නුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 9:39
26 හුවමාරු යොමු  

ඔබගේ ඇදහිල්ලේ ක්‍රියාව ද ඔබගේ ප්‍රේමයේ වෙහෙසීම ද යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළ ඔබගේ බලාපොරොත්තුවෙන් උපදනා නො පසුබට වීර්යය ද ගැන අපගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේ ඉදිරියේ නිබඳව අපි සිහි කරන්නෙමු.


සොරකමේ යෙදුන අය මින් මතු සොරකම් නො කළ යුතු ය. ඒ වෙනුවට, අවැසිතා ඇත්තවුනට උදවු දීමට තමනටත් කිසිවක් තිබෙන පිණිස, තම දෑතින්ම පලදායි කාරියක යෙදෙමින් වෙහෙසී වැඩ කළ යුතු ය.


ප්‍රිය දරුවනි, වචනයෙන් හා කතාවෙන් නො ව ක්‍රියාවෙන් හා සත්‍යයෙන් ප්‍රේම කරමු.


සහෝදරයිනි, සැතපී සිටින්නන් ගැන ඔබ නො දැන සිටීම අපගේ කැමැත්ත නො වේ. බලාපොරොත්තුවක් නැති සෙසු ලෝකයා මෙන්, ඔවුන් ගැන ඔබ ශෝක නො විය යුතු ය.


මන්ද ඕනෑකම ඇත්නම්, එය පිළිගැනෙන්නේ කෙනකුට ඇති දේට අනුකූලව ය; ඔහුට නැති දේට අනුකූලව නො වේ.


මෙලෙස වෙහෙසී වැඩ කර, අබල දුබල අයට අප උපකාර කළ යුතු බව මා කළ හැම දෙයක් තුළින්ම ඔබට පෙන්වා දුන්නේ යේසුස්වහන්සේගේම වචන සිහි ගන්වමින්; උන්වහන්සේ කීවේ, ‘ලැබීමට වඩා දීම ආශිර්වාදයකි’ කියායි.”


ඔහු ඇයට අත දී, සිටගන්නට සලසා, ඉන්පසු ශුද්ධවතුන් හා වැන්දඹුවන් කැඳවා, ජීවත් වන තබීතා ඔවුන්ට බාර කළේ ය.


භක්තිවන්ත මනුෂ්‍යයෝ ස්තේපන් භූමදාන කර, ඔහු ගැන බෙහෙවින් ශෝක වූහ.


අනුගාමික සංඛ්‍යාව වර්ධන වෙමින් පැවති එකල, ග්‍රීක් කතා කළ යුදෙව්වන් හෙබ්‍රෙව් කතා කළවුනට දොස් පවරන්නට වූයේ, දිනපතා ආහාර බෙදීමේදී ඔවුන්ගේ වැන්දඹුවන් නො සලකා තිබූ බැවිනි.


මා ඔවුන් සමඟ සිටියදී ඔබ මට දුන් නාමයෙන් මම ඔවුන් සුරැකීමි. මම ඔවුන් ආරක්ෂා කළෙමි. ශුද්ධ ලියවිල්ල ඉෂ්ට වන පිණිස, විනාශයේ පුත්‍රයා හැර, අන් කිසි කෙනකු නැති වුණේ නැත.


දිළිඳුන් හැමදා ඔබ අතරේ ඉඳීවි. එහෙත් මා ඔබ අතරේ හැමදා සිටින්නේ නැතැ” යි පැවසූ සේක.


උන්වහන්සේ යළි ඔවුන් අමතමින්, “මෝස‍ෙස්ගේ දහම් නීති සංග්‍රහයේත්, දිවැසිවරුන්ගේත්, ගීතාවලියෙත් මා ගැන ලියවුණු හැම දෙයක්ම ඉෂ්ට විය යුතු ය කියා ඔබ හා සිටියදී මා කී වචන මේ යැ” යි පැවසූ සේක.


ඈ කළේ ඇයට කළ හැකි දේයි. භූමදානයට පෙර ඈ මගේ සිරුර සුවඳ ගල්වා, ආලේප කළා.


මන්ද දිළිඳුන් හැමදා ඔබ අතරේ සිටිනවා. එහෙත් මා හැමදා ඔබ සමඟ සිටින්නේ නැහැ.


යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “අහෝ! ඇදහිලි හීන හිතුවක්කාර පරම්පරාව, තව කොතෙක් කලක් මා ඔබ සමඟ සිටින්න ද? තව කොතෙක් කලක් ඔබ ගැන ඉවසා සිටින්න ද? ඔහු මා ළඟට මෙහි ගෙනෙන්නැ” යි කී සේක.


පුරවරයට ඇතුළු වූ ඔවුහු තමන් නැවතී සිටි උඩු මහල් කාමරයට නැඟුණහ. ඔවුහු නම්: පේතෘස්, යොහන්, යාකොබ්, අන්දෘ; පිලිප් හා තෝමස්; බර්තොලමෙව් හා මතෙව්; අල්පෙවුස්ගේ පුත්‍ර යාකොබ්, ජ්වලිතයා වූ සීමොන් හා යාකොබ්ගේ පුත්‍ර යූදස් ය.


සැබවින් වැන්දඹු වූ වැන්දඹුවනට ගෞරව කරන්න.


තනි වී, සැබවින් වැන්දඹුව සිටින්නී, දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබා, රෑ දහවල් නිරතුරු යාච්ඤාවේ යෙදෙමින්, දෙවියන්වහන්සේගෙන් පිහිට යදින්නී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්