ඔවුන් අමතමින්, “ලියා ඇත්තේ, ‘මාගේ ගෘහය යාච්ඤාවේ ගෘහයකි’ කියා ය. එහෙත් නුඹලා එය ‘සොරුන්ගේ ගුහාවක්’ කරති” යි කී සේක.
යොහන් 12:6 - සිංහල කාලීන පරිවර්තනය ඔහු එසේ කීවේ, දුප්පතුන් ගැන සැලකූ නිසා නො ව, ඔහු සොරකු නිසා ය. මුදල් පසුම්බිය බාරව සිටි ඔහු එහි දමන ලද දෑ තමාටම ගන්නට පුරුදුව සිටියේ ය. Sinhala New Revised Version ඔහු මෙසේ කීවේ දිළිඳුන් ගැන කැක්කුමක් තිබුණ නිසා නොව, ඔහු සොරෙකු වූ බැවිනි. පොදු මුදල් පසුම්බිය භාර ව සිටි ඔහු, එහි දමන ලද දේ සොරාගන්නට පුරුදු ව සිටියේ ය. Sinhala New Revised Version 2018 ඔහු මෙසේ කීවේ දිළිඳුන් ගැන කැක්කුමක් තිබුණ නිසා නොව, ඔහු සොරෙකු වූ බැවිනි. පොදු මුදල් පසුම්බිය භාර ව සිටි ඔහු, එහි දමන ලද දේ සොරාගන්නට පුරුදු ව සිටියේ ය. Sinhala Revised Old Version ඔහු මේක කීවේ දිළිඳුන් සැලකූ නිසා නොව ඔහු සොරෙකු බැවිනුත් මුදල් පසුම්බිය භාරව එහි දැමූ දේ රැගෙනගිය බැවිනුත්ය. |
ඔවුන් අමතමින්, “ලියා ඇත්තේ, ‘මාගේ ගෘහය යාච්ඤාවේ ගෘහයකි’ කියා ය. එහෙත් නුඹලා එය ‘සොරුන්ගේ ගුහාවක්’ කරති” යි කී සේක.
හෙරෝද්ගේ ගබඩා භාරකරු වූ කුසාගේ භාර්යාව වූ යොවන්නා ද සුසන්නා ද තමන්ට ඇති දෙයින් ඔවුන්ට උපස්ථාන කළ තව බොහෝ දෙනෙක් ද ඒ අතර වූහ.
“මේ සුවඳ විලවුන් ඩිනාරි තුන්සියයකට විකුණා ඒ මුදල් දුප්පතුන්ට බෙදා නුදුන්නේ මන්දැ?” යි කීවේ ය.
මුදල් පසුම්බිය භාරව සිටියේ යූදස් බැවින්, මංගල්‍යය සඳහා යමක් මිලට ගැනීමට හෝ දිළිඳුන්ට යමක් දීමට හෝ යේසුස්වහන්සේ ඔහුට කියන්නට ඇතැයි සමහරු සිතූහ.
සොරුන්, තණ්හාධිකයින්, බේබද්දන්, අපවාද නගන්නන් හෝ කොල්ලකරුවන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ උරුමය ලබන්නේ නැත.
රන් මුදු පැලඳි, වටිනා ඇඳුම් හැඳි ධනවතෙක් ද වැරහැලි හැඳි දුගියෙක් ද ඔබේ එක්රැස්වීමකට පැමිණි විටෙක,
එහෙත් ඔබ, දිළිඳාට අවමන් කර ඇත. ඔබට පීඩා පමුණුවන්නේත්, උසාවි කරා ඔබ ඇදගෙන යන්නෙත් ධනවතුන්ම නො වේ ද?