Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 8:3 - සිංහල කාලීන පරිවර්තනය

3 හෙරෝද්ගේ ගබඩා භාරකරු වූ කුසාගේ භාර්යාව වූ යොවන්නා ද සුසන්නා ද තමන්ට ඇති දෙයින් ඔවුන්ට උපස්ථාන කළ තව බොහෝ දෙනෙක් ද ඒ අතර වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 හෙරොද්ගේ භාණ්ඩාගාරික වන කුසාගේ භාර්යාව වන ජෝවන්නා ද සුසානා ද සිය සම්පතින් උන් වහන්සේට උපස්ථාන කළ තවත් බොහෝ ස්ත්‍රීහු ද සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 හෙරොද්ගේ භාණ්ඩාගාරික වන කුසාගේ භාර්යාව වන ජෝවන්නා ද සුසානා ද සිය සම්පතින් උන් වහන්සේට උපස්ථාන කළ තවත් බොහෝ ස්ත්‍රීහු ද සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 හෙරොද්ගේ ගබඩාකාරවූ කුසාගේ භාර්යාවූ යොවන්නාද සූසානාද තමුන්ගේ වස්තුවෙන් උන්වහන්සේට උපස්ථාන කළවෙනත් බොහෝ ස්ත්‍රියෝද සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 8:3
19 හුවමාරු යොමු  

යහ වැඩ ගැන හොඳ නමක් ඇති තැනැත්තියකි; එනම්, දරුවන් ඇති දැඩි කළ, ආගන්තුක සත්කාර පෑ, ශුද්ධවතුනගේ පා සේදූ, දුකට පත්වූවනට පිහිට වූ, හැම හොඳ වැඩකටම කැපව සිටි තැනැත්තියකි.


සියලු ශුද්ධවන්තයෝ ද, විශේෂයෙන්ම සීසර් මාලිගයේ සිටින ශුද්ධවන්තයෝ ද ඔබට ආචාර කරති.


මන්ද යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ දනිති. උන්වහන්සේ ධනවත් නමුදු ඔබ උදෙසා දිළිඳු බවට පැමිණියේ උන්වහන්සේගේ දිළිඳු බව තුළින්, ඔබ ධනවත් වන පිණිස ය.


මන්ද දිළිඳුන් හැමදා ඔබ අතරේ සිටිනවා. එහෙත් මා හැමදා ඔබ සමඟ සිටින්නේ නැහැ.


“එවිට රජ්ජුරුවෝ පිළිතුරු දෙමින්, ‘සැබවින් ම මා ඔබට කියන්නේ, මාගේ මේ සහෝදරයින්ගෙන් කුඩාම කෙනකුට හෝ ඔබ කළ යම් දෙයක් වේ ද, ඔබ එය කළේ මට යැ’ යි පවසනු ඇත.


නිවසට ඇතුළු වූ ඔවුහු දරුවාත්, ඔහුගේ මවු වූ මරියාත් දැක, වැඳ වැටී උන්වහන්සේට නමස්කාර කළහ. ඉන්පසු තම කරඬු ඇර, රන් ද කට්ටකුමංජල් ද සුවඳලාටු ද යන ත්‍යාග උන්වහන්සේට පිළිගැන් වූහ.


අපෝස්තුලුවරුන්ට මේ දෑ කීවේ, මග්දලායේ මරියා, යොවන්නා, යාකොබ්ගේ මව වූ මරියා හා ඔවුන් සමඟ සිටි අනෙක් ස්ත්‍රීන් ය.


අන්තියෝකියේ සභාවේ දිවැසිවරු හා ගුරුවරු වූහ. ඔවුහු නම්, බාර්ණබස්, නීගර් නමින් හැඳින් වූ සිමියොන්, සිරේනියානු ලුසියස්, හෙරෝද් ප්‍රාන්ත රජ සමඟ ඇති දැඩි වූ මානායින් හා සාවුල් ය.


මෙකල යේසුස්වහන්සේගේ කීර්තිය පිළිබඳව හෙරෝද් ප්‍රාන්ත රජුට අසන්ට ලැබුණේ ය.


මන්ද හෙරෝද්, තම සහෝදරයා වූ පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා, යොහන් අල්ලා බැඳ, සිර කරනු ලැබ තිබිණ.


එහෙත් හෙරෝද්ගේ උපන් දිනය පැමිණි කල, හෙරෝදියස්ගේ දියණිය, පිරිස ඉදිරියේ නැටුමක් නටා, හෙරෝද් ප්‍රීතියට පත් කළෙන්,


“සවස් වූ කල තම කළමනාකරු ඇමතූ ඉඩම් හිමියා, ‘කම්කරුවන් කැඳවා, අන්තිමට ආ අයගෙන් පටන් ගෙන මුලින් ආ අය දක්වා ඔවුන්ගේ පඩිය ගෙවන්නැ’ යි කීවේ ය.


දුරින් සිට එදෙස බලා සිටි ස්ත්‍රීන් බොහෝ දෙනෙක් ද එහි වූහ. ඔවුහු යේසුස්වහන්සේට උපස්ථාන කරමින් ගලීලයේ සිට උන්වහන්සේ අනුව ආවෝ වූහ.


ඔහු එසේ කීවේ, දුප්පතුන් ගැන සැලකූ නිසා නො ව, ඔහු සොරකු නිසා ය. මුදල් පසුම්බිය බාරව සිටි ඔහු එහි දමන ලද දෑ තමාටම ගන්නට පුරුදුව සිටියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්