Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යාකොබ් 2:6 - සිංහල කාලීන පරිවර්තනය

6 එහෙත් ඔබ, දිළිඳාට අවමන් කර ඇත. ඔබට පීඩා පමුණුවන්නේත්, උසාවි කරා ඔබ ඇදගෙන යන්නෙත් ධනවතුන්ම නො වේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එහෙත් ඔබ දිළිඳුන්ට අවමන් කළහු ය. ඔබට පීඩා කරන්නෝ ධනවත්තු නොවෙත් ද? නඩු ශාලාවලට ඔබ ඇදගෙන යන්නෝත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 එහෙත් ඔබ දිළිඳුන්ට අවමන් කළහු ය. ඔබට පීඩා කරන්නෝ ධනවත්තු නොවෙත් ද? නඩු ශාලාවලට ඔබ ඇදගෙන යන්නෝත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ධනවතුන් නුඹලාට පීඩාකරනවා නොවේද? නඩුශාලාවලට නුඹලා ඇදගන යනවා නොවේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යාකොබ් 2:6
38 හුවමාරු යොමු  

කිම ද? කන්නට බොන්නට ඔබට ගෙවල් නැද්ද? නැතහොත් දෙවියන්වහන්සේගේ සභාවට නිගරු කරමින්, ඔබ කිසිවක් නැත්තවුන්ට අවමන් කරනවා ද? මා ඔබට මොනවා කියන්න ද? මේ ගැන මා ඔබට ප්‍රශංසා කරන්න ද? නැත; මා එසේ කරන්නේ නැත.


මෙන්න! ඔබගේ කුඹුරුවල අස්වැන්න නෙළුෑ වැඩකරුවනට ගෙවිය යුතු, එහෙත් ඔබ විසින් වංචනිකව නො ගෙවූ ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධව මොර ගසයි. ඔබගේ අස්වනු නෙළන්නවුන්ගේ අඳෝනාව ද සියලු බලැති ස්වාමින්වහන්සේගේ සවනට ළඟා වී ඇත.


ඔබ අර වටිනා ඇඳුම් හැඳි කෙනා අමතමින්, “එන්න, මේ හොඳ පහසු තැනකින් වාඩි වන්නැ” යි කියා, දුගී මිනිසා වෙත හැරී, “ඔන්න ඔහෙන් ඉන්නවා” ය කියා හෝ, “මේ මගේ පා අසලින් ඉඳගන්නවා” කියා කියන්නේ නම්,


එහෙත් එහිදී ඔවුන් හමු නො වූ බැවින්, ඔවුහු ජේසන් ද සහෝදරයින් තවත් කීප දෙනකු ද අල්ලා, නගර බලධාරීන් වෙත ඔවුන් ගෙන යමින් කෑ මොර දෙන්නට වන්හ, “ලොව හැම තැන පෙරළි ඇති කළ මිනිස්සු මෙන්න! දැන් මෙහාටත් ඇවිල්ලා.


එහෙත් යුදෙව්වෝ දේව බය ඇති කුල ස්ත්‍රීන් ද එපුර ප්‍රධාන මිනිසුන් ද උසිගන්වා පාවුල් හා බාර්ණබස්ට එරෙහි හිංසනයකට ඔවුන් පොලඹවා, ඔවුන්ගේ පළාතෙන් ඔවුන් පන්නා දැමූහ.


එහෙත් සාවුල් ගෙයක් ගෙයක් පාසා යමින්, පුරුෂයින් මෙන්ම ස්ත්‍රීන් ද අල්ලා, සිර ගෙදරට බාර දෙමින් සභාව විනාශ කරන්නට වන්නේ ය.


ඔබ, ඔබට විරෝධය නො දැක්වූ අහිංසක මිනිසුන් වරදකරුවන් කොට ඔවුන් මරා දැමී ය.


එහෙත් ගලියෝ, අකායේ පළාත් ආණ්ඩුකරු ව සිටියදී, යුදෙව්වෝ පාවුල්ට එරෙහිව එක්සත්ව නැගිට, උසාවියට ඔහු ගෙන අවුත්,


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මට ඇති යක්ෂාත්මයක් නැහැ; එහෙත් මම මගේ පියාණන්වහන්සේට ගෞරව කරන්නෙමි. නුඹලා මට කරන්නේ අගෞරවයකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්