Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 6:10 - සිංහල කාලීන පරිවර්තනය

10 සොරුන්, තණ්හාධිකයින්, බේබද්දන්, අපවාද නගන්නන් හෝ කොල්ලකරුවන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ උරුමය ලබන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 සොරුවත්, කොල්ලකන්නෝ වත්, ලෝබියෝ වත්, බේබද්දෝ වත්, නින්දා කරන්නෝ වත්, ගසා කන්නෝ වත්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 සොරුවත්, කොල්ලකන්නෝ වත්, ලෝබියෝ වත්, බේබද්දෝ වත්, නින්දා කරන්නෝ වත්, ගසා කන්නෝ වත්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 සොරුවත් ලෝභයෝවත් බේබද්දෝවත් නින්දා කරන්නෝවත් කොල්ලකන්නෝවත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකර නොගන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 6:10
19 හුවමාරු යොමු  

එහෙත් දැන් මා මේ ඔබට ලියන්නේ, ලිංගික අනාචාරයෙහි, තණ්හාවෙහි වරදකරුවකු වන කෙනකු හෝ පිළිම වඳින්නකු, අපහාසිකයකු, බේබද්දකු හෝ වංචනිකයකු වන සහෝදර නාමය දරන කිසිවකු සමඟ ඇසුරක් නො පවත්වන ලෙස හා එවැන්නකු සමඟ ආහාර ගැනීම නො කළ යුතු ය කියා ය.


කුඩුකේඩුකම, බේබදුකම, අසංවර සාද හා තවත් එවන් දෑ ය. මේ දෑ කරන්නන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ උරුමය ලබන්නේ නැති බැව් කලින් මා කී ලෙස, දැනුත් මම අනතුරු හඟවමි.


සොරකමේ යෙදුන අය මින් මතු සොරකම් නො කළ යුතු ය. ඒ වෙනුවට, අවැසිතා ඇත්තවුනට උදවු දීමට තමනටත් කිසිවක් තිබෙන පිණිස, තම දෑතින්ම පලදායි කාරියක යෙදෙමින් වෙහෙසී වැඩ කළ යුතු ය.


එහෙත් ඔබ කිසිවකු මිනී මරුවකු, සොරකු, අපරාධකරුවකු හෝ අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගසන්නකු ලෙස පීඩා විඳින්නකු නො වෙත්වා;


“සර්පයිනි! පොළොං පැටවුනි! නිරයට හෙළනු ලැබීමේ දඬුවමින් නුඹලා ගැලවෙන්නේ කෙසේ ද?


මේ සම්බන්ධව කිසිවකු තම සහෝදරයා රවටා, වාසියක් ලබා නො ගත යුතු ය. අප ඔබට පවසා ඇති පරිදි, අප ඔබට අවවාද දී ඇති පරිදි ඒවාට ස්වාමින්වහන්සේ පළිය ගන්නා සේක.


ඔහු එසේ කීවේ, දුප්පතුන් ගැන සැලකූ නිසා නො ව, ඔහු සොරකු නිසා ය. මුදල් පසුම්බිය බාරව සිටි ඔහු එහි දමන ලද දෑ තමාටම ගන්නට පුරුදුව සිටියේ ය.


“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයිනි, නුඹලාට වන විපතක මහත! නුඹලා මිනිසුන්ගේ මුහුණටම ස්වර්ග රාජ්‍යයේ දොරටු වසා දමති. නුඹලා ඇතුළු වන්නේ නැත; ඇතුළු වන්නට යන අයට ඉඩ දෙන්නේ ද නැත.


මග අසල වූ අත්තික්කා ගහක් දුටු උන්වහන්සේ එතැනට ගිය නමුදු, එහි කොළ මිස, අන් කිසිවක් නො වීය. එවිට උන්වහන්සේ, “යළි කිසි දින පල දැරීමක් නුඹට නො වෙත්වා!” යි ඒ ගසට කී සේක. එකෙණෙහිම ඒ ගස වියළී ගියේ ය.


“දෙවියන්වහන්සේටත්, ඔබ ගොඩ නංවාලීමට හා පවිත්‍ර කරනු ලැබූ සියල්ලන් අතර උරුමයක් ඔබට දෙන්නට හැකි උන්වහන්සේගේ අනුග්‍රහයේ වචනයටත් දැන් මා ඔබ භාර කරනවා.


සහෝදරයිනි, මසට හා ලෙයට දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කර ගත නො හැකි වග, දිරා යන දේට නො දිරන දේ උරුම නැති වග මම ඔබට ප්‍රකාශ කරමි.


මේ වග නිසැකව දැනගන්න! අනාචාරකම් කරන්නකුට, දුරාචාරයේ යෙදෙන්නකුට, තණ්හාව නැමති රූප අදහන්නකුට ක්‍රිස්තුස්වහන්සේගේ හා දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ කිසි උරුමයක් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්