Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 12:5 - සිංහල කාලීන පරිවර්තනය

5 “මේ සුවඳ විලවුන් ඩිනාරි තුන්සියයකට විකුණා ඒ මුදල් දුප්පතුන්ට බෙදා නුදුන්නේ මන්දැ?” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 “මේ විලවුන් රිදී කාසි තුන් සියයකට විකුණා දිළිඳුන්ට නුදුන්නේ මන් දැ?”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 “මේ විලවුන් රිදී කාසි තුන් සියයකට විකුණා දිළිඳුන්ට නුදුන්නේ මන් දැ?”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 මේ තෙල මසු තුන්සියයකට විකුණා දිළිඳුන්ට නුදුන්නේ මක්නිසාදැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 12:5
16 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ ඒ අසා, “ඔබට තවමත් එක් දෙයක් අඩුයි. ඔබ සතු හැම දෙයක්ම විකුණා දිළිඳුන්ට බෙදා දෙන්න. එවිට ඔබට ස්වර්ගීක ධනය අත්වනු ඇත; ඉන්පසු ඇවිත් මා අනුගමන කරන්නැ” යි පැවසූ සේක.


ඔබ සන්තක දේ විකුණා දිළිඳුන්ට දෙන්න. දිරන්නේ නැති පසුම්බි හා පිරිහෙන්නේ නැති ස්වර්ගීය සම්පත් සපයා ගන්න. එහිදී සොරෙක් ඊට ළං වන්නේ නැත; කාවෝ ඒවා කා දමන්නේ නැත.


පිලිප් පිළිතුරු දෙමින්, “එකිනෙකාට ටික ටිකවත් කෑමට, ඩිනාරි දෙසියයක රොටි ගෙනාවත් මදි වේවි” යි කීවේ ය.


“ඔබේ ඇසේ ඇති ලී පතුර දෙස නො බලා, ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ්ඩ දෙස බලන්නේ ඇයි?


කම්කරුවනට දිනකට ඩිනාරිය බැගින් දීමට එකඟව ඔහු ඔවුන් තම මිදි වත්තට යැවී ය.


“එහෙත් ඒ දාසයා පිටත්ව යද්දී, ඩිනාරි සියයක සුළු මුදලක් ඔහුට ණයව සිටි සහෝදර දාසයකු හමු වී, ඔහු අල්ලා, ‘මගේ ණය ආපසු ගෙවනු’ කියමින් ඔහුගේ ගෙල මිරිකන්නට වන්නේ ය.


එවිට උන්වහන්සේගේ ගෝලයකු වූ යූදස් ඉස්කාරියොත් කතා කොට, (උන්වහන්සේ පාවා දීමට සිටියේ ඔහු ය)


ඔහු එසේ කීවේ, දුප්පතුන් ගැන සැලකූ නිසා නො ව, ඔහු සොරකු නිසා ය. මුදල් පසුම්බිය බාරව සිටි ඔහු එහි දමන ලද දෑ තමාටම ගන්නට පුරුදුව සිටියේ ය.


මුදල් පසුම්බිය භාරව සිටියේ යූදස් බැවින්, මංගල්‍යය සඳහා යමක් මිලට ගැනීමට හෝ දිළිඳුන්ට යමක් දීමට හෝ යේසුස්වහන්සේ ඔහුට කියන්නට ඇතැයි සමහරු සිතූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්