ඇය පුතකු බිහි කරනු ඇත. ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතු ය. මන්ද ස්වකීය ජනයා ඔවුන්ගේ පාපවලින් ගලවන්නේ උන්වහන්සේ යැ” යි කීවේ ය.
යොහන් 1:29 - සිංහල කාලීන පරිවර්තනය පසු දා යේසුස්වහන්සේ තමන් දෙසට එනු දුටු යොහන් කතා කරමින්, “අන්න! ලෝකයේ පාපය දුරු කරන දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ; Sinhala New Revised Version පසු දින ජොහන් තෙමේ ජේසුස් වහන්සේ තමා සමීපයට වඩිනු දැක, “මෙන්න, ලෝකයේ පාපය දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ! Sinhala New Revised Version 2018 පසු දින ජොහන් තෙමේ ජේසුස් වහන්සේ තමා සමීපයට වඩිනු දැක, “මෙන්න, ලෝකයේ පාපය දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ! Sinhala Revised Old Version පසුවදා ඔහු තමා ළඟට යේසුස්වහන්සේ එනවා දැක කථාකොට: අන්න, ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණෝ! |
ඇය පුතකු බිහි කරනු ඇත. ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතු ය. මන්ද ස්වකීය ජනයා ඔවුන්ගේ පාපවලින් ගලවන්නේ උන්වහන්සේ යැ” යි කීවේ ය.
එසේම මනුෂ්‍ය පුත්‍රයාණන් සේවය ලබන්නට නො ව, සේවය කිරීමටත්, බොහෝ දෙනා උදෙසා වන්දියක් වශයෙන් තම ජීවිතය දීමටත් පැමිණියේ යැ” යි පැවසූ සේක.
පසු දා යේසුස්වහන්සේ ගලීලයට යෑමට තීරණය කළ සේක. උන්වහන්සේට පිලිප් හමු වී, “මා සමඟ එන්නැ” යි ඔහු කැඳවූ සේක.
තුන් වන දවසේ ගලීලයේ කානාහි විවාහ මංගල්‍යයක් විය. යේසුස්වහන්සේගේ මෑණියෝ ද එහි වූවා ය.
මන්ද දෙවියන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක් ද යත්, ස්වකීය එකම පුතණුවන් පවා දුන් සේක. ඒ, උන්වහන්සේ තුළ අදහා ගන්නා කවරකු වුවත් විනාශ නො වී, සදාතන ජීවනය ලබන පිණිස ය.
ඔවුහු ඒ ස්ත්‍රියට කතා කොට, “අප දැන් විශ්වාස කරන්නේ, ඔබ කී දේ නිසා නො වෙයි. අපි දැන් අපේම කනින් ඇසුවා; සැබවින් ම දැන් අප දන්නවා මුන්වහන්සේ ලෝකයේ ගැලවුම්කරුවාණන් වග” යයි කීවෝ ය.
ස්වර්ගයෙන් බැස ආ ජීවනදායක රොටි මමයි. යම් කෙනෙක් මේ රොටි කෑවොත් ඔහු සදහට ජීවත් වෙයි. ලෝකයාගේ ජීවනය සඳහා මා දෙන රොටි මගේ මාංසයැ” යයි ප්‍රකාශ කළ සේක.
මෝසෙස්ගේ දහම් නීතිය මඟින් හැම දෙයක් සඳහාම ධර්මිෂ්ඨ කරනු ලැබීම ලැබිය නො හැකි නමුදු, මුන්වහන්සේ අදහා ගන්නා සෑම කෙනකුම ඒ තුළින් ධර්මිෂ්ඨ කරනු ලබති.
ඔහු කියවමින් සිටි ශුද්ධ ලියවිලි පාඨය නම්: “මරන්නට ගෙන යන බැටළුවකු විලස, ලොම් කපන්නන් අබියස බැටළු පැටවකු නිහඬව සිටින විලස, එතුමන් තම මුව විවර කළේ නැත.
ප්‍රමුඛව වැදගත් වූ දේ ලෙස මා ඔබට භාර කළේ, මා ද ලබාගත් දේ ය. එනම්, ශුද්ධ ලියවිල්ල පරිදි, ක්‍රිස්තුස්වහන්සේ අපේ පාප උදෙසා මැරුණ බවත්,
පාපය නො දත් තැනැන්වහන්සේ අප උදෙසා පාපය වීමට දෙවියන්වහන්සේ සැලසූ සේක. එසේ කළේ, උන්වහන්සේ තුළ අප, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස ය.
උන්වහන්සේ, මේ වත්මන් දුෂ්ට යුගයෙන් අප මුදා ගන්නා පිණිස, අපගේ පාප උදෙසා තමන්ම පූජා වූයේ, අපගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේගේ අභිප්‍රාය පරිද්දෙනි.
මන්ද: “ගසක එල්ලන ලද හැම කෙනෙක්ම ශාප ලද්දෙකි” යි ලියා ඇති ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපය වෙමින්, දහම් නීතියේ ශාපයෙන් අප මුදා ගත්තේ,
එයට නියමිත කාලයේ වූ සාක්ෂිය වශයෙන්, උන්වහන්සේ සියල්ලන් උදෙසා මිදීමේ මිලයක්ව තමන්ම කැප කළ සේක.
සියලු දුෂ්ටකම්වලින් අප මුදනු පිණිසත්, යහපත් ක්‍රියාවන් කිරීමට උද්යෝගී, තමන් සන්තකවූත් ජනතාවක් කොට අප පවිත්‍ර කර ගනු පිණිසත් උන්වහන්සේ අප උදෙසා තමන්ම දුන් සේක.
උන්වහන්සේ, දෙවියන්වහන්සේගේ තේජාලංකාරයේ ප්‍රභාවය ද උන්වහන්සේගේ යථා ස්වභා-ස්වරූපය ද වන සේක්, තම බලගතු වචනයෙන් විශ්වයම දරා සිටින සේක. පාප ශෝධනය කළ පසු, උන්වහන්සේ ස්වර්ගයේ මහෝත්තමයාණන්ගේ දකුණු පස අසුන් ගත් සේක.
මේ හේතුව නිසා ජනයාගේ පාප උදෙසා වන්දි නිවාරණය කරන්නට දෙවියන්වහන්සේ ඉදිරියේ සේවාවට දයාවන්ත, විශ්වාසනීය උත්තම පූජකයකු වන පිණිස, තම සහෝදරයින්ගේ තත්වයට හැම අතින්ම සමාන වන්නට උන්වහන්සේට යුතුව තිබිණි.
ක්‍රිස්තුස්වහන්සේ බොහෝ දෙනකුගේ පාප දරා ගැනීමට එකම වරක් පූජා වූ සේක; පාප ඉසිලීමට නො ව, උන්වහන්සේගේ ඊම ආශාවෙන් බලා සිටින්නන් ගලවන පිණිස, උන්වහන්සේ දෙවන වරටත් පෙනී සිටින සේක.
“පාපයට අප මැරී, ධර්මිෂ්ඨකමට ජීවත් වන පිණිස, උන්වහන්සේ ස්වකීය ශරීරයෙන් ගස පිටදී අපගේ පාප දරාගත් සේක. උන්වහන්සේගේ තුවාලවලින් ඔබ සුව කරනු ලැබ ඇත.”
මන්ද ක්‍රිස්තුස්වහන්සේ පාප උදෙසා එක් වරක් මැරුණු සේක. ධර්මිෂ්ඨ තැනැන්වහන්සේ අධර්මිෂ්ඨයින් උදෙසා එසේ කළේ, දෙවියන්වහන්සේ වෙත අප පමුණුවන පිණිස ය. උන්වහන්සේ මාංසයෙන් මරණයට පත් කරනු ලැබූ නමුදු ආත්මයෙන් ජීවනයට ගෙනෙනු ලැබූ සේක්,
අපගේ පාප උදෙසා වන්දි මිලය ගෙවීමේ පූජාව උන්වහන්සේ ය. අප උදෙසා පමණක් නො වේ; මුළු ලෝකයාගේම පාප උදෙසා ය.
ප්‍රේමය නම් මෙයයි: අප දෙවියන්වහන්සේට ප්‍රේම කළා නො ව, උන්වහන්සේ අපට ප්‍රේම කරමින්, අපගේ පාප උදෙසා වන්දි මිලය ගෙවීමේ පූජාව වශයෙන් ස්වකීය පුත්‍රයාණන් එවීම ය.
විශ්වාසී සාක්ෂිකරුවාණන්, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාණන් හා පොළොවේ රජුන්ගේ පාලකයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් ද අත් වේවා! අපට ප්‍රේම කරන, ස්වකීය ලෙයින් අපගේ පවින් අප මිදූ,
බැටළු පැටවාණන්ගේ ලේ මඟින් හා තම සාක්ෂියේ වචනය මඟින්, ඔවුහු ඔහුගෙන් ජය ගත්හ. තවද, ඔවුන් මරණය දක්වාම, තමන්ගේ ජීවිතවලට ප්‍රේම කළේ නැත.
පොළෝ වාසී සියල්ලෝ, එනම් ලොව මැවූ තැන් පටන් මරා දමන ලද බැටළු පැටවාණන්ගේ ජීවන පොතේ නම් ලියනු නො ලැබූවෝ මෘගයාට නමස්කාර කරති.
ඉන්පසු මම බැලුවෙමි. එවිට මෙන්න! සියොන් කන්ද මත බැටළු පැටවාණන් හා උන්වහන්සේ සමඟ 144,000 දෙනකු සිටගෙන සිටිනු දුටිමි; ඔවුන්ගේ නළල්හි බැටළු පැටවාණන්ගේ නාමය හා උන්වහන්සේගේ පියාණන්වහන්සේගේ නාමය ලියා තිබිණි.
දෙවියන්වහන්සේගේ කෝපයේ කුසලාන අමිශ්‍රව වත් කරන ලද උන්වහන්සේගේ උදහසේ මිදි යුෂ ඔහු ද බොනු ඇත. ශුද්ධ දේව දූතයින් ඉදිරියේ හා බැටළු පැටවාණන් ඉදිරියේ, ගින්නෙන් හා ගෙන්දගමින් ඔහුට වධ දෙනු ඇත.
ස්ත්‍රීන් වෙතින් තමන් කිලිටි කර නො ගත්තෝ ඔවුහු ය. මන්ද ඔවුහු බ්‍රහ්මචාරීහු ය. බැටළු පැටවාණන් යන කොතැනක වුව, උන්වහන්සේ අනුව යන්නෝ ඔවුහු ය. දෙවියන්වහන්සේට හා බැටළු පැටවාණන්ට නාඹුල් පල වන පිණිස, මොවුහු මිනිස් වර්ගයා වෙතින් මිලක් ගෙවා මුදා ගනු ලැබුවාහු වෙති.
ඔවුහු දෙවියන්වහන්සේගේ සේවක මෝසෙස්ගේ ගීතය හා බැටළු පැටවාණන්ගේ ගීතය ගයමින් මෙසේ පැවසූහ: “සියලු බලැති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, හරි උදාර ය, විස්මිත ය, ක්‍රියා ඔබගේ. ජාතීන්ගේ රජ්ජුරුවනි, යුක්තිය ය, සත්‍යය ය, මාර්ග ඔබගේ.
ඔවුන් බැටළු පැටවාණන්ට එරෙහිව යුද්ධ කරනු ඇත. එහෙත්, බැටළු පැටවාණෝ ඔවුන්ගෙන් ජය ගන්නාහ. මන්ද උන්වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමියාණෝ ය; රජවරුන්ගේ රජ්ජුරුවෝ ය. උන්වහන්සේ සමඟ සිටින්නේ කැඳවුම් ලැබූ, තෝරාගනු ලැබූ, විශ්වාසනීයයන් යැ” යි පැවසී ය.
අපි ප්‍රීති වෙමු; ප්‍රමෝද වෙමු. උන්වහන්සේට මහිමය දෙමු. මන්ද බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍යය පැමිණිලා, එතුමන්ගේ මනාලී තමාම සැරසී සිටින්නී ය.
එවිට මා ඇමතූ දේව දූතයා, “ ‘බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍යයේ භෝජනයට ඇරියුම් ලද්දෝ භාග්‍යවත් ය’ කියා ලියන්නැ” යි පැවසී ය. “මේවා දෙවියන්වහන්සේගේ සත්‍ය වචනයැ” යි ද ඔහු පැවසී ය.
පුර පවුරට අත්තිවාරම් දොළොසකි; ඒ මත බැටළු පැටවාණන්ගේ දොළොස් අපෝස්තුලුවරුන්ගේ නාම දොළොස විය.
අපවිත්‍ර වූ කිසිවක් කිසි කල එහි ඇතුළු වන්නේ නැත. පිළිකුල් වූ, ව්‍යාජ වූ දෑ කරන කිසිවකු එහි ඇතුළු වන්නේ නැත. ඇතුළු වන්නේ, බැටළු පැටවාණන්ගේ ජීවන පොතේ නම් ලියවුණු ඇත්තන් පමණකි.
ඉන්පසු අවසාන වසංගත හතෙන් පිරි පාත්‍ර හත දැරූ දේව දූතයින් හත්දෙනාගෙන් කෙනෙක් මා වෙත අවුත්, “එන්න; බැටළු පැටවාණන්ගේ භාර්යාව වන මනාලිය මම ඔබට පෙන්වන්නෙමි” යි මට කීවේ ය.
එකල සිංහාසනයට හා ජීවමාන සත්වයින් හතර දෙනාට මැදි වී, වැඩිමහල්ලන් අතර සිටගෙන හුන් බැටළු පැටවකු මම දුටුවෙමි. මරන ලද සේ පෙනුණු ඒ බැටළු පැටවාණන්ට අං සතක් හා ලෝකය මුළුල්ලේ පිටත් කර යවන ලද දෙවියන්වහන්සේගේ ආත්මයාණන් හත්දෙනා වන ඇස් හතක් තිබිණි.
එතුමන් පොත ගත් කල, ජීවමාන සත්වයින් හතරදෙනා හා වැඩිමහල්ලන් විසිහතර දෙනා බැටළු පැටවාණන් අබියස වැඳ වැටුණහ. ඒ හැම කෙනෙක්ම වීණාවක් ද ශුද්ධවතුන්ගේ යාච්ඤා නම් වූ සුවඳ දුමින් පිරුණු රන් පාත්‍රා ද දැරූහ.
බැටළු පැටවාණන් මුද්‍රා හතෙන් පළමුවැන්න කඩනු මම බලා සිටියෙමි. එවිට ජීවමාන සත්වයින් හතර දෙනාගෙන් එකකු ගිගුරුමක් වැනි හඬින්, “එනු!” යි කියනු මට ඇසිණි.
ඔවුහු කඳු හා පර්වත අමතමින්, “අප පිට වැටියව්! සිංහාසනය මත හිඳින තැනැන්වහන්සේගේ මුහුණ වෙතින් හා බැටළු පැටවාණන්ගේ උදහස වෙතින් අප සඟවා ගනිව්.
මම ඔහුට පිළිතුරු දෙමින්, “ඔබ එය දනියි, මාගේ ස්වාමිනි” යි කීවෙමි. එවිට ඔහු, “මහා පීඩාව මැදින් එන්නෝ මොවුහුයි. ඔවුන් තම සළු බැටළු පැටවාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගෙන ඇත.
මන්ද සිංහාසනය මැද සිටින බැටළු පැටවාණෝ, ඔවුනගේ එඬේරාණන් වන්නේ ය; ‘උන්වහන්සේ ජීවන දිය උල්පත් වෙත ඔවුනට මඟ පෙන්වන්නාහ.’ ‘දෙවියන්වහන්සේම ඔවුනගේ ඇස්වල කඳුළු හැම පිසදමන්නාහ’ යි” පැවසී ය.