Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 යොහන් 3:5 - සිංහල කාලීන පරිවර්තනය

5 උන්වහන්සේ ප්‍රකාශ වුණේ පාපය දුරු කිරීමට ය; උන්වහන්සේ තුළ කිසි පාපයක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ක්‍රිස්තුන් වහන්සේ පැමිණියේ පව් දුරු කරන පිණිස බව ඔබ දන්නහු ය. උන් වහන්සේ තුළ පාපයක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ක්‍රිස්තුන් වහන්සේ පැමිණියේ පව් දුරු කරන පිණිස බව ඔබ දන්නහු ය. උන් වහන්සේ තුළ පාපයක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 පව් දුරුකරන පිණිස උන්වහන්සේ ප්‍රකාශකරනු ලැබූ බව නුඹලා දනිහුය; කිසි පාපයක්ද උන්වහන්සේ තුළ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 යොහන් 3:5
33 හුවමාරු යොමු  

පාපය නො දත් තැනැන්වහන්සේ අප උදෙසා පාපය වීමට දෙවියන්වහන්සේ සැලසූ සේක. එසේ කළේ, උන්වහන්සේ තුළ අප, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස ය.


ක්‍රිස්තුස්වහන්සේ බොහෝ දෙනකුගේ පාප දරා ගැනීමට එකම වරක් පූජා වූ සේක; පාප ඉසිලීමට නො ව, උන්වහන්සේගේ ඊම ආශාවෙන් බලා සිටින්නන් ගලවන පිණිස, උන්වහන්සේ දෙවන වරටත් පෙනී සිටින සේක.


මන්ද ක්‍රිස්තුස්වහන්සේ පාප උදෙසා එක් වරක් මැරුණු සේක. ධර්මිෂ්ඨ තැනැන්වහන්සේ අධර්මිෂ්ඨයින් උදෙසා එසේ කළේ, දෙවියන්වහන්සේ වෙත අප පමුණුවන පිණිස ය. උන්වහන්සේ මාංසයෙන් මරණයට පත් කරනු ලැබූ නමුදු ආත්මයෙන් ජීවනයට ගෙනෙනු ලැබූ සේක්,


“පාපයට අප මැරී, ධර්මිෂ්ඨකමට ජීවත් වන පිණිස, උන්වහන්සේ ස්වකීය ශරීරයෙන් ගස පිටදී අපගේ පාප දරාගත් සේක. උන්වහන්සේගේ තුවාලවලින් ඔබ සුව කරනු ලැබ ඇත.”


එසේ වී නම්, ලොව මැවූ තැන් පටන් බොහෝ වරක් වධ වේදනා විඳින්නට උන්වහන්සේට සිදුවන්නට තිබිණි. එහෙත් දැන් ඇති පරිදි උන්වහන්සේ තමන්ම යාගවීමෙන් පාපය දුරු කරන පිණිස, යුගවල අවසානයේදී සදහට ම එක් වරක් පමණක් පෙනී සිටි සේක.


පසු දා යේසුස්වහන්සේ තමන් දෙසට එනු දුටු යොහන් කතා කරමින්, “අන්න! ලෝකයේ පාපය දුරු කරන දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ;


විශ්වාසී සාක්ෂිකරුවාණන්, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාණන් හා පොළොවේ රජුන්ගේ පාලකයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් ද අත් වේවා! අපට ප්‍රේම කරන, ස්වකීය ලෙයින් අපගේ පවින් අප මිදූ,


එහෙත් උන්වහන්සේ ආලෝකයේ සිටින්නා සේ, අපත් ආලෝකයේ හැසිරෙනවා නම්, එකිනෙකා සමඟ සහභාගිත්වයක් අපට ඇත. උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස්වහන්සේගේ ලෙය, හැම පාපයකින් අප පවිත්‍ර කරයි.


එම ජීවනය පැහැදිලිව දක්වන ලදී; අපි එය දුටුවෙමු. එබැවින් අපි ඒ ගැන සාක්ෂි දෙමින්, පියාණන්වහන්සේ සමඟ සිටියා වූ, අපට දක්වනු ලැබූ සදාතනික ජීවනය ගැන ඔබට ප්‍රකාශ කරන්නෙමු.


සියලු දුෂ්ටකම්වලින් අප මුදනු පිණිසත්, යහපත් ක්‍රියාවන් කිරීමට උද්යෝගී, තමන් සන්තකවූත් ජනතාවක් කොට අප පවිත්‍ර කර ගනු පිණිසත් උන්වහන්සේ අප උදෙසා තමන්ම දුන් සේක.


“උන්වහන්සේ කිසි පවක් කළේ නැත. උන්වහන්සේගේ මුවෙහි කිසි මුසාවක් ද හමු වූයේ නැත.”


උන්වහන්සේ, දෙවියන්වහන්සේගේ තේජාලංකාරයේ ප්‍රභාවය ද උන්වහන්සේගේ යථා ස්වභා-ස්වරූපය ද වන සේක්, තම බලගතු වචනයෙන් විශ්වයම දරා සිටින සේක. පාප ශෝධනය කළ පසු, උන්වහන්සේ ස්වර්ගයේ මහෝත්තමයාණන්ගේ දකුණු පස අසුන් ගත් සේක.


විශ්වාසනීයවූත්, මුළුමනින් පිළිගැනීමට යෝග්‍යවූත් කියමනකි: පව්කරුවන් ගලවන්නට ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ලෝකයට පැමිණි සේක යන්න. ඔවුන්ගෙන් ලොකුම පව්කරුවා මා ය.


ඇය පුතකු බිහි කරනු ඇත. ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතු ය. මන්ද ස්වකීය ජනයා ඔවුන්ගේ පාපවලින් ගලවන්නේ උන්වහන්සේ යැ” යි කීවේ ය.


මා ප්‍රිය දරුවනි, මේවා මා ඔබට ලියන්නේ, ඔබ පව් නො කරන පිණිස ය. එහෙත් යමකු පව් කළොත්, ධර්මිෂ්ඨ වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නම් මැදහත්කාරයාණන් කෙනෙක් අප උදෙසා පියාණන්වහන්සේ වෙත සිටින සේක.


ලෝකය මැවීමටත් පළමුවෙන් හැඳින සිටි නමුදු, උන්වහන්සේ විද්‍යමාන කරන ලද්දේ ඔබ උදෙසා මේ අවසන් කාලවලදී ය.


මන්ද අපට සිටින්නේ, අපගේ දුබලතා ගැන අනුකම්පා කරන්නට නො හැකි කෙනකු නො ව, හැම අයුරින්ම අප හා සමානව පරීක්ෂාවනට ලක් කරනු ලැබූ, එහෙත් පවින් තොර, උත්තම පූජකයාණන් කෙනෙකි.


සැබවින් ම අපට ගැලපෙන්නේ පාරිශුද්ධ, නිර්දෝෂ, නො කැළැල්, පවිටුන්ගෙන් වෙන් වූ, ස්වර්ගවලට වඩා උසස් කරන ලද එබඳු උත්තම පූජකයාණන් කෙනෙකි.


අප ප්‍රකාශ කරන දේව භක්තියේ අබිරහස ඇත්තෙන්ම අති උතුම් ය: උන්වහන්සේ මාංසයෙන් ප්‍රකාශ වූ සේක. නිදොස් බවට ආත්මයාණන්ගෙන් සාක්ෂි ලද සේක. දේව දූතයින් විසින් දක්නා ලද සේක. ජාතීන් අතරේ ප්‍රකාශ කරනු ලැබූ සේක. ලෝකයෙහි අදහා ගනු ලැබූ සේක. තේජසට ඔසවනු ලැබූ සේක.


තවත් දුරට ඔබ සමඟ මා කතා කරන්නේ නැත. මන්ද මේ ලෝකයේ අධිපතියා පැමිණේ. එහෙත් ඔහුට මා කෙරෙහි කිසිදු බලයක් නැත.


මා පව් කළ වරදකරුවෙකැයි ඔප්පු කළ හැක්කේ ඔබ අතරින් කවරකුට ද?


මා මෙතුමාණන් හැඳින සිටියේ නැහැ. එහෙත් මා මෙසේ වතුරින් බව්තීස්ම කරමින් ආවේ, ඉශ්‍රායෙල් ජනයාට මෙතුමාණන් එළිදරවු කිරීමට යැ” යි පැවසී ය.


සිදු වූ දේ දුටු සියයේ සේනාධිපතියා දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, “නිසැකයෙන්ම මේ මිනිසා නිදොස් කෙනෙකැ” යි පැවසී ය.


අප දඬුවම් ලබා ඇත්තේ යුක්ති සහගතවයි. අප විඳින්නේ අපම කළ දේවල පල විපාකයි. එනමුත් මේ මනුෂ්‍යයා කර ඇති වරදක් නැතැ” යි කීවේ ය.


ඔබ දන්නා පරිදි ඔබේ පියවරුන්ගෙන් උරුම වූ නිෂ්ඵල මාර්ගවලින් ඔබ මුදා ගන්නා ලද්දේ, රන් හෝ රිදී වැනි දිරා යන දේවලින් නො ව,


අපගේ පාප උදෙසා වන්දි මිලය ගෙවීමේ පූජාව උන්වහන්සේ ය. අප උදෙසා පමණක් නො වේ; මුළු ලෝකයාගේම පාප උදෙසා ය.


උන්වහන්සේ ධර්මිෂ්ඨ වග ඔබ දන්නවා නම්, ධර්මිෂ්ඨව ක්‍රියා කරන හැම කෙනෙක්ම උන්වහන්සේගෙන් ඉපිද සිටින වග ඔබට නිසැක වනු ඇත.


පාප ක්‍රියා කරන්නා අයිති යක්ෂයාට ය. මන්ද යක්ෂයා පටන්ගැන්මේ සිටම පව්කරන්නෙකි. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ වීමේ හේතුව, යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීම ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්