Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 2:17 - සිංහල කාලීන පරිවර්තනය

17 මේ හේතුව නිසා ජනයාගේ පාප උදෙසා වන්දි නිවාරණය කරන්නට දෙවියන්වහන්සේ ඉදිරියේ සේවාවට දයාවන්ත, විශ්වාසනීය උත්තම පූජකයකු වන පිණිස, තම සහෝදරයින්ගේ තත්වයට හැම අතින්ම සමාන වන්නට උන්වහන්සේට යුතුව තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එබැවින් ජනතාවගේ පව් කමා කිරීමට දෙවියන් වහන්සේගේ සේවයෙහි දයාන්විත, විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වන පිණිස, හැම අතින් ම සිය සහෝදරයන් හා සමාන වන්නට උන් වහන්සේට යුතු ව තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එබැවින් ජනතාවගේ පව් කමා කිරීමට දෙවියන් වහන්සේගේ සේවයෙහි දයාන්විත, විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වන පිණිස, හැම අතින් ම සිය සහෝදරයන් හා සමාන වන්නට උන් වහන්සේට යුතු ව තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 එබැවින් සෙනඟගේ පව් උදෙසා ශාන්ති පූජාවක් ඔප්පුකිරීමට දෙවියන්වහන්සේ පිළිබඳ කාරණා ගැන දයාවන්තවූ විශ්වාසවූ උත්තම පූජකයෙක් වෙන පිණිස, සියලු දෙයින්ම තමන්ගේ සහෝදරයන්ට සමානවෙන්ට උන්වහන්සේට යුතුවූයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 2:17
37 හුවමාරු යොමු  

එබැවින්, අහස් මණ්ඩල පසුකර ගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස් නම් වූ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයකු අපට සිටින බැවින් අපේ විශ්වාසයෙහි තදින් එල්බගෙන සිටිමු.


එම දරුවන් ලෙයින් හා මසින් පංගුකාර වූ බැවින් උන්වහන්සේ ද එම ස්වභාවයට පංගුකාර වූ සේක. එසේ කළේ, මරණය මඟින් මරණයේ බලධාරියා වන යක්ෂයා විනාශ කරන පිණිසත්,


සැබවින් ම අපට ගැලපෙන්නේ පාරිශුද්ධ, නිර්දෝෂ, නො කැළැල්, පවිටුන්ගෙන් වෙන් වූ, ස්වර්ගවලට වඩා උසස් කරන ලද එබඳු උත්තම පූජකයාණන් කෙනෙකි.


අප සතුරන්ව සිටියදීත් ස්වකීය පුත්‍රයාණන්ගේ මරණය හේතු කොට, දෙවියන්වහන්සේ සමඟ අප සමඟි කරනු ලැබුවා නම්, එසේ සමඟි කරනු ලැබූ අපි, උන්වහන්සේගේ ජීවනය හේතු කොට ඊට කොතරම් වැඩියෙන් ගලවනු නො ලබන්නෙමු ද!


මන්ද පවිත්‍ර කරන්නා ද පවිත්‍ර කරනු ලබන්නන් ද එකම පියාණන් කෙනකුගෙනි. සහෝදරයින් යයි ඔවුන් ඇමතීමට උන්වහන්සේ ලජ්ජා නො වූයේ එබැවිනි.


මතු කල පවසන දෑ ගැන සාක්ෂි දරමින්, මෝසෙස් දෙවියන්වහන්සේගේ මුළු ගෘහයේ සේවකයකු මෙන් විශ්වාසවන්ත වූයේ ය.


කලක් ඔබත් දෙවියන්වහන්සේට පිටස්තරයින්ව, නපුර කිරීමෙන් ඔබේ සිතින් උන්වහන්සේගේ සතුරන්ව සිටියහ.


මන්ද දහම් නීතිය, දුබලතා ඇති මිනිසුන් උත්තම පූජක නිලයට පත් කරන්නේ ය. එහෙත් දහම් නීතියට පසුව පැමිණි දිවුරුමේ වචනය, සදාතන පරිපූර්ණත්වයෙන් යුතු පුත්‍රයාණන් පත් කර ඇත.


තමන් විසින් ප්‍රතිවිරෝධය නසන ලද කුරුසිය මඟින්, මේ දෙගොල්ල ඒ එක් ශරීරය තුළ දෙවියන්වහන්සේ හා සමඟි කිරීමත් ය.


එබැවින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේට වූ මාගේ සේවය ගැන ආඩම්බර වීමට හේතු මට ඇත.


දෙවියන්වහන්සේගේ මුළු ගෘහයට මෝසෙස් විශ්වාසීව සිටි සේ, මුන්වහන්සේ ද තමා පත් කළ තැනැන්වහන්සේට විශ්වාසී වූ සේක.


මන්ද සැබවින් ම උන්වහන්සේ පිහිට වන්නේ, දේව දූතයිනට නො වේ; උන්වහන්සේ පිහිට වන්නේ, ආබ්‍රහම්ගේ වංශයට වග පැහැදිලි ය.


එබැවින් ස්වර්ගීය කැඳවීමට පංගුකාර වූ ශුද්ධ වූ සහෝදරයිනි, අපගේ ඇදහිල්ලේ අපෝස්තුලුවරයාණන් හා උත්තම පූජකයාණන් වන යේසුස්වහන්සේ වෙත ඔබගේ සිත් යොමන්න.


මන්ද අපට සිටින්නේ, අපගේ දුබලතා ගැන අනුකම්පා කරන්නට නො හැකි කෙනකු නො ව, හැම අයුරින්ම අප හා සමානව පරීක්ෂාවනට ලක් කරනු ලැබූ, එහෙත් පවින් තොර, උත්තම පූජකයාණන් කෙනෙකි.


මිනිසුන් අතරින් තෝරාගනු ලබන හැම උත්තම පූජකයකුම, පඬුරුත්, පාප උදෙසා යාග පූජාත් ඔප්පු කිරීමට මිනිසුන් උදෙසා දෙවියන්වහන්සේට අදාළ කාරණා සම්බන්ධව පත් කර ගනු ලබන්නෙකි.


ඔහු ද දුබලතාවනට හසුව සිටින්නකු බැවින්, දැනුවත් නො වූවන් හා මුළා වූවන් වෙත මෘදුකමින් කටයුතු කිරීමට ඔහුට පුළුවන.


එලෙසම ක්‍රිස්තුස්වහන්සේත් තමා උත්තම පූජකයකු කරනු ලැබීමේ ගෞරවය, තමාටම ගත්තේ නැත. උන්වහන්සේ පත් කරනු ලැබුවේ උන්වහන්සේට මෙසේ කී තැනැන්වහන්සේ ය, “ඔබ මාගේ පුත්‍රයාණන් ය; අද මම ඔබ ජනිත කළෙමි.”


මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව උත්තම පූජක නිලයට දෙවියන්වහන්සේ විසින් නම් කරනු ලැබීමෙනි.


මෙල්කිසදෙක්ගේ පිළිවෙලේ සදහට ම උත්තම පූජකයකු බවට පත් පසු, අප උදෙසා අප පෙර ගමන්කරු ලෙස යේසුස්වහන්සේ ගියේත් එතැනට ය.


මෙසේ කීමෙන් අප අරමුණු කරන්නේ මෙයයි; ස්වර්ගයේ මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳ සිටින, එවැනි උත්තම පූජකයාණන් කෙනකු අපට සිටින බවයි.


හැම උත්තම පූජකයෙක්ම පඬුරු හා යාග ඔප්පු කරනු සඳහා පත් කරනු ලබයි, එබැවින් මෙම උත්තම පූජකයාණන්ටත් ඔප්පු කරන්නට යමක් තිබීම අවශ්‍ය ය.


ක්‍රිස්තුස්වහන්සේ, දැන් පැමිණ තිබෙන යහපත් දේවල උත්තම පූජකයාණන් වශයෙන් පැමිණි කල, (අත්වලින් තනනු නො ලැබූ, මේ මැවිල්ලට අයත් නො වූ) උතුම් වූ, වඩා පරිපූර්ණ වූ කූඩාරමට,


හා දෙවියන්වහන්සේගේ ගෘහයට අදාළ ශ්‍රේෂ්ඨ පූජකයාණන් කෙනකු අපට සිටින බැවින්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්