Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 3:16 - සිංහල කාලීන පරිවර්තනය

16 මන්ද දෙවියන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක් ද යත්, ස්වකීය එකම පුතණුවන් පවා දුන් සේක. ඒ, උන්වහන්සේ තුළ අදහා ගන්නා කවරකු වුවත් විනාශ නො වී, සදාතන ජීවනය ලබන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 “දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 “දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 3:16
28 හුවමාරු යොමු  

එහෙත් දෙවියන්වහන්සේ අප උදෙසා ස්වකීය ප්‍රේමය පෙන්වන්නේ, අප තවමත් පව්කරුවන්ව සිටියදී, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා මරණය විඳීමෙන් ය.


ඒ, උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනකුටම සදාතන ජීවනය අත්වන පිණිසයි.”


ස්වකීය පුත්‍රයාණන් පවා ඉතිරි කර නො ගෙන, අප සියල්ලන් උදෙසා උන්වහන්සේ ද දුන් සේක් නම්, උන්වහන්සේ ද ඇතුළුව හැම දෙයක්ම නො මසුරුව අපට නො දෙන සේක් ද?


මන්ද මගේ පියාණන්වහන්සේ කැමති, ස්වකීය පුත්‍රයාණන් දෙස බලා, උන්වහන්සේ අදහා ගන්න හැම කෙනකුම සදාතන ජීවනය ලැබීමයි. අවසාන දවසේදී මම ඔහු නැගිටුවන්නෙමි” යි පැවසූ සේක.


පුත්‍රයාණන් අදහන්නාට සදාතන ජීවනය තිබෙයි. එහෙත් පුත්‍රයාණන්ට කීකරු නො වන්නාට ජීවනය දකින්නට නො ලැබෙයි. දෙවියන්වහන්සේගේ උදහස ඔහු මත රැඳී පවතී.


අප ප්‍රේම කරන්නේ, පළමු කොට උන්වහන්සේ අපට ප්‍රේම කළ නිසා ය.


මම ඔවුන්ට සදාතන ජීවනය දෙන්නෙමි. ඔවුන් කිසි කලෙක විනාශ වන්නේ නැත. කිසි කෙනකු මගේ අතින් ඔවුන් උදුරා ගන්නේ නැත.


අප සතුරන්ව සිටියදීත් ස්වකීය පුත්‍රයාණන්ගේ මරණය හේතු කොට, දෙවියන්වහන්සේ සමඟ අප සමඟි කරනු ලැබුවා නම්, එසේ සමඟි කරනු ලැබූ අපි, උන්වහන්සේගේ ජීවනය හේතු කොට ඊට කොතරම් වැඩියෙන් ගලවනු නො ලබන්නෙමු ද!


පසු දා යේසුස්වහන්සේ තමන් දෙසට එනු දුටු යොහන් කතා කරමින්, “අන්න! ලෝකයේ පාපය දුරු කරන දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ;


යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ ද අපට ප්‍රේම කොට ස්වකීය අනුග්‍රහයෙන් සදාතන ධෛර්යයත්, යහ බලාපොරොත්තුවත් අපට දුන් අපගේ පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ද


එහෙත් දයාවෙන් ඉසුරුමත් දෙවියන්වහන්සේ, අපට ප්‍රේම කළ උන්වහන්සේගේ මහා ප්‍රේමය නිසා,


‘මම පූජාවට නො ව දයාවට කැමැත්තෙමි’ යන්නෙහි අරුත කුමක්දැයි ගොසින් ඉගෙන ගන්න. මා ආවේ ධර්මිෂ්ඨයින් කැඳවීමට නො ව, පව්කරුවන් කැඳවීමට යැ” යි පැවසූ සේක.


විශ්වාසී සාක්ෂිකරුවාණන්, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාණන් හා පොළොවේ රජුන්ගේ පාලකයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් ද අත් වේවා! අපට ප්‍රේම කරන, ස්වකීය ලෙයින් අපගේ පවින් අප මිදූ,


වචනයාණෝ මාංසය බවට පත්ව අප අතර වාසය කළ සේක; අනුග්‍රහයෙන් හා සත්‍යයෙන් පූර්ණ වූ උන්වහන්සේගේ තේජෝ මහිමය, පියාණන්වහන්සේ වෙතින් පැමිණි එකම පුතුණුවන්ගේ තේජෝ මහිමය අපි දුටුවෙමු.


එහෙත් අපගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේගේ යහ ගුණයත්, ආදර කරුණාවත් ප්‍රකාශ වූ කල,


කිසිවෙක්, කිසි කලෙක දෙවියන්වහන්සේ දැක නැත. එහෙත් උන්වහන්සේ හඳුන්වා දුන්නේ, පියාණන්වහන්සේගේ ළයෙහි සිටින එකම පුත්‍ර වූ දෙවියන්වහන්සේම ය.


“යැවීමට ඉතිරිව සිටියේ ඔහුගේ එකම ප්‍රේමණීය පුත්‍රයා පමණි. අන්තිමේ ඔහු තම පුත්‍රයා ඔවුන් වෙත යැව්වේ, ‘ඔවුන් මගේ පුත්‍රයාට ගරු කරනු ඇතැ’ යි පවසමිනි.


“උසස් තැන්හි දෙවියන්වහන්සේට වේවා මහිමය, උන්වහන්සේගේ ප්‍රසාදය ලද පොළොවේ ජනයාට වේවා සාමය.”


උන්වහන්සේ තුළ අදහා ගන්නා කිසිවකු දඬුවමට නියම කරනු ලබන්නේ නැත. එහෙත් අදහා නො ගන්න කවරකු වුව දැනටමත් දඬුවමට නියමව සිටී; මන්ද ඔහු දෙවියන්වහන්සේගේ එකම පුත්‍රයාණන්ගේ නාමය තුළ විශ්වාස නො කළ බැවිනි.


එහෙත් හැම කෙනකු උදෙසාම දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් මරණය අත්විඳින පිණිස, මදකට දේව දූතයනට වඩා පහත් කරනු ලැබූ යේසුස්වහන්සේ, මරණය විඳීම හේතු කොට, තේජසේ හා ගෞරවයේ කිරුළ පැලඳ සිටිනු අපට පෙනේ.


අප දෙවියන්වහන්සේගේ දරුවෝ යයි අමතනු ලබන්නට තරම් කෙතරම් විශිෂ්ට ප්‍රේමයක් පියාණන්වහන්සේ අපට දක්වා ඇද්දැයි බලන්න. අප දරුවන්ම ය! ලෝකයා අප නො හඳුනන්නේ, ඔවුන් දෙවියන්වහන්සේ නො හඳුනන බැවිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්