Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 21:9 - සිංහල කාලීන පරිවර්තනය

9 ඉන්පසු අවසාන වසංගත හතෙන් පිරි පාත්‍ර හත දැරූ දේව දූතයින් හත්දෙනාගෙන් කෙනෙක් මා වෙත අවුත්, “එන්න; බැටළු පැටවාණන්ගේ භාර්යාව වන මනාලිය මම ඔබට පෙන්වන්නෙමි” යි මට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 අන්තිම වසංගත සතෙන් පිරුණ පාත්‍ර සත දැරූ දේව දූතයන් සත් දෙනාගෙන් එක් තැනැත්තෙක් මා වෙත පැමිණ, “එන්න, බැටළු පෝතකයාණන්ගේ බිරිඳවන මනාලිය ඔබට පෙන්වන්නෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 අන්තිම වසංගත සතෙන් පිරුණ පාත්‍ර සත දැරූ දේව දූතයන් සත් දෙනාගෙන් එක් තැනැත්තෙක් මා වෙත පැමිණ, “එන්න, බැටළු පෝතකයාණන්ගේ බිරිඳවන මනාලිය ඔබට පෙන්වන්නෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 අන්තිම පීඩා සත සහ පාත්‍රා සත දැරූ දේවදූතයන් සත්දෙනාගෙන් එක්කෙනෙක් ඇවිත් මා සමඟ කථාකොට: මෙහි එන්න, බැටළුපැටවාණන්ගේ භාර්යාව වන මණමාලී නුඹට පෙන්වන්නෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 21:9
10 හුවමාරු යොමු  

තම ස්වාමි පුරුෂයාණන් උදෙසා සරසවන ලදුව, මනාලියක සේ සූදානම් කරන ලද ශුද්ධ පුරවරය වන අලුත් යෙරුසලම දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු මම දුටිමි.


අපි ප්‍රීති වෙමු; ප්‍රමෝද වෙමු. උන්වහන්සේට මහිමය දෙමු. මන්ද බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍යය පැමිණිලා, එතුමන්ගේ මනාලී තමාම සැරසී සිටින්නී ය.


පාත්‍ර හත ඇතිව සිටි දේව දූතයින් හත්දෙනාගෙන් කෙනෙක් අවුත්, මා අමතමින්, “එන්න; බොහෝ ජල මත හිඳ සිටින මහ වේශ්‍යාවගේ දඬුවම මම ඔබට පෙන්වන්නම්.


මෙය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරවුව ය. උන්වහන්සේට මෙය දෙනු ලැබ ඇත්තේ, ඉක්මනින් සිදු විය යුතු දෑ ස්වකීය මෙහෙකරුවන්ට පෙන්වන පිණිස, දෙවියන්වහන්සේ විසිනි. උන්වහන්සේ තම දූතයා එවීමෙන්, තම මෙහෙකරු යොහන්ට එය දැනගන්නට සැලසූ සේක.


ඔහු නගර පවුර මැන්නේ ය. මිනිස් මිම්මෙන් මෙන්ම දේව දූත මිම්මෙන් එය එකසිය හතළිස්හතර රියනකි.


ඉන්පසු දේව දූතයා මට පෙන්වූ ජීවන දිය ගංගාව, පළිඟු මෙන් දිළිසෙමින් දෙවියන්වහන්සේගේ හා බැටළු පැටවාණන්ගේ සිංහාසනය වෙතින් ගලා ගියේ,


මා ඇමතූ දේව දූතයා, “මේ වචන විශ්වාසනීය ය; සත්‍ය ය. ඉක්මනින් සිදු විය යුතු දෑතම සේවකයනට පෙන්වන පිණිස, දිවැසිවරුන්ගේ ආත්මවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තම දූතයා එවූ සේකැ” යි කී ය.


ආත්මයාණන්වහන්සේ ද මනාලී ද “එන්නැ” යි කියති. අසන තැනැත්තා ද “එන්නැ” යි කියත්වා! පිපාසිත ඇත්තා එත්වා! කැමැත්ත ඇත්තා ජීවනයේ දිය නොමිලයේ අරගනිත්වා!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්