ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 19:20 - සිංහල කාලීන පරිවර්තනය

“ඒ සියල්ල මම පිළිපැද ඇත්තෙමි” යි පැවසූ තරුණයා, “මට තව අඩු කුමක් දැ?” යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තරුණයා කතා කරමින්, “මේ සියල්ලක් ම පිළිපැදීමි; තව මට අඩු කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තරුණයා කතා කරමින්, “මේ සියල්ලක් ම පිළිපැදීමි; තව මට අඩු කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යෞවනයාද: මේ සියල්ල රක්ෂාකෙළෙමි. තව මට අඩු කිමෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය.

පරිච්ඡේදය බලන්න



මතෙව් 19:20
12 හුවමාරු යොමු  

ඔබේ පියාට හා මවට ගරු කරනු, ඔබට මෙන් ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’ යන වශයෙනි” යි පැවසූ සේක.


යේසුස්වහන්සේ ඔහු අමතමින්, “සම්පූර්ණ වීමට ඔබට ඕනෑ නම්, ගොස්, ඔබ සතු දෑ විකුණා දිළිඳුන්ට දෙන්න. ඔබට ස්වර්ගීක ධනය අත්වනු ඇත. ඉන්පසු අවුත්, මා අනුගමන කරන්නැ” යි පැවසූ සේක.


එවිට ඔහු පියා අමතමින්, ‘බලන්න! මේ තරම් අවුරුදු ගණනක් මා ඔබට වැඩ කළා. කිසිදාක ඔබේ අණට අකීකරු වුණේ නෑ; එහෙත්, මගේ මිතුරන් හා විනෝද වීමට කිසි දවසක එක එළු පැටවකුවත් ඔබ මට දී නෑ.


එපරිදි, පසුතැවිල්ල ඕනෑ නැති ධර්මිෂ්ඨයින් අනූනව දෙනකුට වඩා, පසුතැවිලි වන එක පව්කරුවකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය ඇති වන බව මම ඔබට කියමි.


ඔවුන් දිගටම ප්‍රශ්න කරද්දී, කෙළින් සිටගත් උන්වහන්සේ ඔවුන් අමතමින්, “නුඹලා අතරින් පවක් නො කළ තැනැත්තා ඇයට පළමු ගල ගසත්වා” යි කී සේක.


වරෙක මම දහම් නීතියෙන් තොරව ජීවත්ව සිටියෙමි. එහෙත්, ආඥා පැමිණි කල, පාපය පණ ගැන්විණි; මම මැරුණෙමි.


මෙසේ ඇදහිල්ල මඟින් අප නිර්දෝෂ කරනු ලබන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ වෙත අපට මගපෙන්වන භාරකරුවා වූයේ දහම් නීතියයි.


උද්යෝගයට අනුව නම් සභාවට පීඩා කළ කෙනෙක්මි; දහම් නීතියෙන් පිළිගැනෙන ධර්මිෂ්ඨකමට අනුව නම් දෝෂ නැති කෙනෙක්මි.