Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 7:9 - සිංහල කාලීන පරිවර්තනය

9 වරෙක මම දහම් නීතියෙන් තොරව ජීවත්ව සිටියෙමි. එහෙත්, ආඥා පැමිණි කල, පාපය පණ ගැන්විණි; මම මැරුණෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 නීතිය නොදැන මා ජීවත් වූ කාලයක් විය. එහෙත් මට ආඥාව දැනගන්න ලැබුණු කල, පාපය වහා ම පණ ලැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 නීතිය නොදැන මා ජීවත් වූ කාලයක් විය. එහෙත් මට ආඥාව දැනගන්න ලැබුණු කල, පාපය වහා ම පණ ලැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 මම වරක් ව්‍යවස්ථාව නැතුව ජීවත්ව සිටියෙමි. නුමුත් ආඥාව පැමිණි කල පාපය පණ ලැබුවේය, මමද මැරුණෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 7:9
22 හුවමාරු යොමු  

මන්ද දහම් නීති ක්‍රියා මත යැපෙන සියල්ලන් ශාපයකට යටත් ය, මන්ද: “දහම් නීති පොතේ ලියන ලද සියලු දේහි පැවත නො සිටින, ඒවා නො පිළිපදින හැම කෙනෙක්ම ශාප ලද්දෙකි” යි ලියා තිබේ.


මාංසයේ රැඳවෙන මනස, දෙවියන්වහන්සේට විරුද්ධ ය. මන්ද එය දෙවියන්වහන්සේගේ නීතියට යටත් නැත. ඇත්තෙන්ම යටත් කළ නො හැකි ය.


“මන්ද දහම් නීතිය කරණකොටගෙන මා දහම් නීතියට මැරුණේ දෙවියන්වහන්සේ උදෙසා ජීවත් වන පිණිස ය.


මන්ද දහම් නීතියට පාදක වූ ධර්මිෂ්ඨකම ගැන මෝසෙස් සඳහන් කරන්නේ, “ඒ දෑ කරන තැනැත්තා එයින් ජීවත් වන්නේ ය” යනුවෙනි.


මන්ද ආඥාව මඟින් ප්‍රස්තාව අල්ලාගත් පාපය, මා රවටා, එමඟින් මා මරා දැමී ය.


එහෙත්, අප බැඳ තිබූ බැඳීමට මැරී, දැන් අපි දහම් නීතියෙන් නිදහස්ව සිටින්නෙමු. එසේව ඇත්තේ, ලිඛිත පැරණි නීති මාලාවක් යටතේ නො ව, ආත්මයාණන්ගේ නව ජීවනයක් තුළ සේවය කරන පිණිස ය.


මා සහෝදරයිනි, එපරිදිම ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය හේතු කොට ඔබත් දහම් නීතියට මැරුණහ; එසේව ඇත්තේ දෙවියන්වහන්සේට අප පල දරන පිණිස, මළවුන්ගෙන් නැගිටුවන ලද කෙනකු වන වෙනත් කෙනකුට ඔබ බැඳී සිටින පිණිස ය.


ඔහු ඊට පිළිතුරු දෙමින්, “යොවුන් වියේ පටන් මම ඒ සියල්ල පිළිපැද ඇත්තෙමි” යි කීවේ ය.


එවිට ඔහු පියා අමතමින්, ‘බලන්න! මේ තරම් අවුරුදු ගණනක් මා ඔබට වැඩ කළා. කිසිදාක ඔබේ අණට අකීකරු වුණේ නෑ; එහෙත්, මගේ මිතුරන් හා විනෝද වීමට කිසි දවසක එක එළු පැටවකුවත් ඔබ මට දී නෑ.


“ඒ සියල්ල මම පිළිපැද ඇත්තෙමි” යි පැවසූ තරුණයා, “මට තව අඩු කුමක් දැ?” යි ඇසී ය.


එහෙත් දහම් නීතිය මඟින් ඉඩ ප්‍රස්ථා අල්ලාගත් පාපය, සියලු ආකාර තණ්හා-ආශා මා තුළ උපැද්ද වීය. දහම් නීතිය නැති තැන, පාපය මළ එකකි.


ජීවනය පොරොන්දු වූ ආඥාවෙන්ම මට මරණය ගෙනාවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්