Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 19:19 - සිංහල කාලීන පරිවර්තනය

19 ඔබේ පියාට හා මවට ගරු කරනු, ඔබට මෙන් ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’ යන වශයෙනි” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න; නුඹ, නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන මේවා ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න; නුඹ, නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන මේවා ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව; තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේමකරව යන මේවායයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 19:19
15 හුවමාරු යොමු  

දෙවැන්න ඊට සමානයි: එනම්, ‘ඔබට ප්‍රේම කරන්නා සේ, ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’ යන්න ය.


ශුද්ධ ලියවිල්ලට අනුව, “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන රාජකීය නීතිය පිළිපදින්නේ නම්, ඔබ කරන්නේ හරි දෙයයි.


මන්ද: “ඔබ ඔබටම ප්‍රේම කරන සේ, ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න” යන තනි ආඥාවේ සමස්ත දහම් නීතියම ඉෂ්ට වෙයි.


ඔහු පිළිතුරු දෙමින්, “ ‘ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ජීවයෙන් ද ඔබේ මුළු ශක්තියෙන් ද ඔබේ මුළු බුද්ධියෙන් ද ප්‍රේම කරන්න’; ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්නැ’ යි” කීවේ ය.


“පරදාර සේවනය නො කරනු, මිනී නො මරනු, සොරකම් නො කරනු, තණ්හා නො වනු,” යන ආඥා හා සෙසු ආඥා, “ඔබටම සේ ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන වචනයේ සම්පිණ්ඩනය වී ඇත.


“ ‘ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න; ඔබේ සතුරාට වෛර කරන්නැ’ යි කියා ඇති බැව් ඔබ අසා තිබේ.


“ඒ සියල්ල මම පිළිපැද ඇත්තෙමි” යි පැවසූ තරුණයා, “මට තව අඩු කුමක් දැ?” යි ඇසී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්