Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 19:20 - Sinhala Revised Old Version

20 යෞවනයාද: මේ සියල්ල රක්ෂාකෙළෙමි. තව මට අඩු කිමෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 තරුණයා කතා කරමින්, “මේ සියල්ලක් ම පිළිපැදීමි; තව මට අඩු කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

20 “ඒ සියල්ල මම පිළිපැද ඇත්තෙමි” යි පැවසූ තරුණයා, “මට තව අඩු කුමක් දැ?” යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 තරුණයා කතා කරමින්, “මේ සියල්ලක් ම පිළිපැදීමි; තව මට අඩු කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 19:20
12 හුවමාරු යොමු  

මෙසේ අපි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස, ව්‍යවස්ථාව අප ක්‍රිස්තුස්වහන්සේ ළඟට පමුණුවන අපේ ගුරුවරයෙක් වී තිබේ.


ජ්වලිතකම ගැන නම්, සභාවට පීඩාකෙළෙමි; ව්‍යවස්ථාවෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ගැන නම්, නිර්දෝෂව සිටියෙමි.


මම වරක් ව්‍යවස්ථාව නැතුව ජීවත්ව සිටියෙමි. නුමුත් ආඥාව පැමිණි කල පාපය පණ ලැබුවේය, මමද මැරුණෙමි.


ඔවුන් උන්වහන්සේගෙන් අස අසා සිටියදී උන්වහන්සේ කෙලින්වී ඔවුන්ට කථාකොට: නුඹලා අතරෙන් පව් නැත්තා ඈට පළමුකොට ගලක් ගසාවයි කියා,


නුමුත් ඔහු උත්තරදෙමින්: මෙපමණ අවුරුදු ගණනක් ඔබට සේවයකරමින් සිටිමි, කවදාවත් ඔබගේ ආඥාවක් කඩ නොකෙළෙමි. එසේවී නුමුත් මාගේ මිත්‍රයන් සමඟ ප්‍රීතිවෙන්ට ඔබ එළු පැටවෙකුවත් කිසිකලක මට නුදුන්නෙහිය.


එලෙසම පශ්චාත්තාපය ඕනෑ නැති ධර්මිෂ්ඨයන් එකුන්සියයකට වඩා පශ්චාත්තාපවන්නාවූ එක පව්කාරයෙකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය වන්නේයයි නුඹලාට කියමි.


නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව; තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේමකරව යන මේවායයි කීසේක.


යේසුස්වහන්සේද: නුඹ සම්පූර්ණවෙන්ට කැමති නම් ගොස් නුඹ සන්තකදේ විකුණා දිළිඳුන්ට දෙන්න, එවිට ස්වර්ගයෙහිදී නුඹට වස්තු ලැබෙන්නේය. නුඹ මා අනුව යන්ට එන්නැයි ඔහුට කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්