ඉන්පසු එයින් මදක් ඔබ්බට ගිය උන්වහන්සේ බිම වැටී, මුහුණ බිම ඔබා, යාච්ඤා කරමින්, “මාගේ පියාණෙනි, කළ හැකි නම් මේ කුසලාන මා වෙතින් ඉවත් කළ මැනව. එහෙත්, මාගේ කැමැත්ත ලෙස නො ව, ඔබගේ කැමැත්ත ලෙස වේවා!” යි කී සේක.
ක්‍රියා 18:21 - සිංහල කාලීන පරිවර්තනය එහෙත් ඔහු ඔවුන්ගෙන් සමු ගනිද්දී, “දෙවියන්වහන්සේ කැමති සේක් නම්, මා නැවත මෙහි එනවා” යි ඔවුන්ට පැවසී ය. මෙසේ ඔහු එපීසය වෙතින් නැව් නැග, Sinhala New Revised Version ඔවුන්ගෙන් සමුගනිමින්, “දෙවියන් වහන්සේ කැමැති සේක් නම් ඔබ වෙතට නැවත එන්නෙමි” කියා එපීසයෙන් නැව් නැංගේ ය. Sinhala New Revised Version 2018 ඔවුන්ගෙන් සමුගනිමින්, “දෙවියන් වහන්සේ කැමැති සේක් නම් ඔබ වෙතට නැවත එන්නෙමි” කියා එපීසයෙන් නැව් නැංගේ ය. Sinhala Revised Old Version ඔවුන්ට ආචාරකොට: දෙවියන්වහන්සේ කැමතිසේක් නම් නුඹලා ළඟට නැවත එන්නෙමියි කියා එපීසයෙන් නැව් නැගුණේය. |
ඉන්පසු එයින් මදක් ඔබ්බට ගිය උන්වහන්සේ බිම වැටී, මුහුණ බිම ඔබා, යාච්ඤා කරමින්, “මාගේ පියාණෙනි, කළ හැකි නම් මේ කුසලාන මා වෙතින් ඉවත් කළ මැනව. එහෙත්, මාගේ කැමැත්ත ලෙස නො ව, ඔබගේ කැමැත්ත ලෙස වේවා!” යි කී සේක.
තවත් කෙනෙක්, “ස්වාමිනි, මම ඔබ අනුව එමි. එනමුත් පළමුව මගේ ගෙදර අයගෙන් සමුගෙන එන්නට ඉඩ දෙන්නැ” යි කීවේ ය.
එනම්, පිළිමවලට පිදූ ආහාරවලින් ද ලෙයින් ද ගෙල මිරිකා මැරූ සතුන්ගේ මසින් ද ලිංගික අනාචාරයෙන් ද ඔබ වැළකී සිටිය යුතුයි; මේවායින් ඔබ දුරු වී සිටින්නේ නම්, ඔබ කරන්නේ හරි දේයි; “සෙත් වේවා!”
ඔවුහු එපීසය වෙත පැමිණියහ. එහිදී ප්‍රිිස්කිලා හා අකිලාගෙන් වෙන් වූ පාවුල් සිනගෝගයට ගොස්, යුදෙව්වන් හා තර්ක කළේ ය.
මේ අතර ඇලෙක්සන්ද්‍රීය වාසී අපොල්ලොස් නම් යුදෙව්වෙක් එපීසය වෙත ආවේ ය. ඔහු උගතෙකි; ශුද්ධ ලියවිලි පිළිබඳ විශාරදයෙකි.
අපොල්ලොස් කොරින්තියෙහි සිටියදී, පාවුල් රට මැද්දෙන් ගමන් කර, එපීසය වෙත ළඟා විය. එහිදී ඔහුට ගෝලයින් ඇතමකු හමු වී,
එපීසයේ විසූ යුදෙව් හා ග්‍රීක සියල්ලන් මෙය දැනගත් කළ, ඒ සැවොම බියෙන් ඇලළී ගියහ. යේසුස් ස්වාමින්වහන්සේගේ නාමය ද ඉහළම ගෞරවයට පාත්‍ර විය.
මේ සියල්ල සිදු වූ පසු පාවුල් මකිදෝනිය හා අකාය හරහා යෙරුසලම බලා යෑමට තීරණ කළේ ය. “යෙරුසලමට ගියාට පසු මා රෝමයත් දකින්න යා යුතු යැ” යි ඔහු පැවසී ය.
ආසියා කලාපයේ කල් ගත කිරීමෙන් වැළකී, එපීසය පසුකර යාත්‍රා කිරීමට පාවුල් තීරණ කළේ, හැකි වෙතොත් පෙන්තකොස්ත දවසට කලින් යෙරුසලමට ළඟා වීමට ඔහු ඉක්මන් කළ බැවිනි.
කෙසේවත් ඔහු කැමති කරවා ගත නො හැකි වූයෙන්, අදහස අතැර දැමූ අපි, “ස්වාමින්වහන්සේ කැමති ලෙස සිදු වේවා!” යි කීවෙමු.
(එසේ කීවේ එපීසයකු වූ ත්‍රොපිමස් පාවුල් සමඟ නගරයේ සිටිනු ඔවුන් දුටු නිසා, පාවුල් දේව මාලිගයට ඔහු කැඳවා ගෙනෙන්නට ඇතැයි සිතූ බැවිනි.)
හැම විට මාගේ යාච්ඤාවලදී මා ඉල්ලා සිටින්නේ, දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් ඔබ හමුවට ඒම දැන්වත් සඵල වන ලෙසට ය.
එසේ කළ යුත්තේ, දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් ප්‍රීතියෙන් යුතුව ඔබ වෙත එන්නටත්, ඔබගේ සමාගමෙන් මා ප්‍රබෝධ වන පිණිසත් ය.
එපීසයේදී මා වන මෘගයින් සමඟ පොර බැදුවේ හුදු මිනිස් පෙලඹවීමෙන් නම්, මට එයින් ලැබෙන්නේ කුමක් ද? මළවුන් නැගිටුවනු නො ලැබේ නම්, “හෙට අප මියෙන බැවින්, අද අපි කමු; බොමු.”
දැන්ම පැමිණ යන්තම් ගොඩවැදී යෑමට කැමැත්තක් නැති බැවින්, ස්වාමින්වහන්සේ අවසර දෙන සේක් නම්, කලක් ඔබ හා නැවතී සිටීම මගේ බලාපොරොත්තුවයි.
එහෙත් ස්වාමින්වහන්සේ කැමති වන සේක් නම්, ඉතා ඉක්මනින් මම ඔබ වෙත එන්නෙමි. ඇවිත්, ඒ අහංකාර මිනිසුන්ගේ කතා නො ව, ඔවුන්ගේ බලය සොයා දැන ගන්නෙමි.
සහෝදරයිනි ප්‍රීතිවන්න! සම්පූර්ණත්වය අරමුණු කරගන්න. එකිනෙකා ධෛර්යවත් කරන්න. එකිනෙකා හා එකඟ වන්න. සාමයෙන් ජීවත් වන්න. ප්‍රේමයේත්, සාමයේත් දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක.
දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පාවුල් වෙතින්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ විශ්වාසනීයයන් වූ එපීසයේ ශුද්ධවන්තයින් වෙතයි:
එබැවින් ඔබ කිව යුත්තේ, “ස්වාමින්වහන්සේ කැමති සේක් නම්, අපි ජීවත් වී, එලෙස හෝ මෙලෙස හෝ කරන්නෙමු” යනුවෙනි.
මන්ද යහපත කර දුක් විඳීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නම්, නපුර කර දුක් විඳීමට වඩා එය හොඳ ය.
“ඔබ දකින දෑ පොතක ලියා, එය එපීසය, ස්මර්ණා, පර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලදෙල්පියා හා ලවොදීසියා යන සභා හතට යවන්නැ” යි ඉන් කියැවිණි.
“එපීසය සභාවේ දේව දූතයාට මෙසේ ලියන්න: “තාරකා හත තම දකුණු අතේ දරන, රන් පහන් රුක් හත මැද සක්මන් කරන තැනැත්තාණන්ගේ වචන මෙසේ ය: