Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 15:32 - සිංහල කාලීන පරිවර්තනය

32 එපීසයේදී මා වන මෘගයින් සමඟ පොර බැදුවේ හුදු මිනිස් පෙලඹවීමෙන් නම්, මට එයින් ලැබෙන්නේ කුමක් ද? මළවුන් නැගිටුවනු නො ලැබේ නම්, “හෙට අප මියෙන බැවින්, අද අපි කමු; බොමු.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 මම මනුෂ්‍යත්වයෙන් කල්පනාකර එපීසයේ දී ‘වන මෘගයන්’ සමඟ මෙන් පොර බැදුවෙම් නම් මට ඇති ප්‍රයෝජනය කුමක් ද? මළවුන් උත්ථාන වීමක් නැත්නම්, එක් කියමනක් පරිදි, “හෙට අප මැරෙන බැවින්, අද කමු, බොමු.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 මම මනුෂ්‍යත්වයෙන් කල්පනාකර එපීසයේ දී ‘වන මෘගයන්’ සමඟ මෙන් පොර බැදුවෙම් නම් මට ඇති ප්‍රයෝජනය කුමක් ද? මළවුන් උත්ථාන වීමක් නැත්නම්, එක් කියමනක් පරිදි, “හෙට අප මැරෙන බැවින්, අද කමු, බොමු.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 මම එපීසයේදී මනුෂ්‍යාකාරයෙන් මෘගයින් සමඟ පොරබැදීම් නම්, මට ඇති ප්‍රයෝජනය කුමක්ද? මළාහු නොනැගිටිත් නම්, හෙට මැරෙන බැවින් කමු, බොමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 15:32
20 හුවමාරු යොමු  

ඉන්පසු මම, මටම මෙසේ කියමි, “මගේ ජීවය, වසර ගණනාවකට සෑහෙන්න හොඳ බඩු තොගයක් ගොඩගසා තිබේ. පහසු ගන්න; කන්න, බොන්න, ප්‍රීති වන්නැ” ’ යි කියා ගත්තේ ය.


එහෙත් මේ මිනිස්සු තමනට නො වැටහෙන දේට අපහාස කරති. මොවුන් සමාන වන්නේ අල්ලා, මරා දමනු ලබන්නට පමණක් උපන් අනුවණ සතුන් වූ වන මෘගයනට ය. ඒ සතුන් මෙන් මොවුහු ද විනාශයටම යනු ඇත.


ඔවුහු එපීසය වෙත පැමිණියහ. එහිදී ප්‍රිිස්කිලා හා අකිලාගෙන් වෙන් වූ පාවුල් සිනගෝගයට ගොස්, යුදෙව්වන් හා තර්ක කළේ ය.


එහෙත් මොවුහු තමනට නො වැටහෙන හැම දේට අපහාස කරති. සිහිමොලේ නැති තිරිසනුන්ට මෙන් සහජයෙන් ඔවුනට වැටහෙන දෑවලින් ඔවුන් විනාශ කර දැමේ.


එදිනෙදා ජීවිතයෙන් උදාහරණයක් ගතහොත්, සහෝදරයිනි, මිනිසුන් අතරේ යම් ගිවිසුමක් ස්ථිර කරන ලද පසු, එය අවලංගු කිරීම හෝ ඊට යමක් එකතු කිරීම හෝ කළ නො හැක.


මානව නිදර්ශනවලින් මා ඔබට කතා කරන්නේ, ඔබගේ ස්වාභාවික දුර්වලතා නිසා ය. මන්ද කලක් ඔබ ඔබගේ අවයව අපවිත්‍රතාවේ වහල්කමටත්, වඩ වඩා නොපනත්කමට දිවෙන නොපනත්කමටත් වහලුන් සේ බාර දී තිබූ සේ, දැන් ඔබේ අවයව ශුද්ධවත් භාවයට දිවෙන ධර්මිෂ්ඨකමේ වහලුන් කොට බාර දෙන්න.


අපොල්ලොස් කොරින්තියෙහි සිටියදී, පාවුල් රට මැද්දෙන් ගමන් කර, එපීසය වෙත ළඟා විය. එහිදී ඔහුට ගෝලයින් ඇතමකු හමු වී,


යමෙක් මුළු ලොවම දිනාගත් නමුදු, තම ජීවිතය නැති කරගනී නම් හෝ අහිමි කරගනී නම්, ඔහුට ඉන් කවර පලක් ද?


එහෙත් ඔහු ඔවුන්ගෙන් සමු ගනිද්දී, “දෙවියන්වහන්සේ කැමති සේක් නම්, මා නැවත මෙහි එනවා” යි ඔවුන්ට පැවසී ය. මෙසේ ඔහු එපීසය වෙතින් නැව් නැග,


අපගේ අධර්මිෂ්ඨකම මඟින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රදර්ශන කෙරේ නම්, අපට කිව හැක්කේ කුමක් ද? (මානව තර්කයෙන් කිවහොත්) උදහසේ දඬුවම පැමිණවීමට දෙවියන්වහන්සේ අසාධාරණ ද?


කෙසේ වෙතත් පෙන්තකොස්තය දක්වා මම එපීසයෙහි ගත කරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්