Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 21:29 - සිංහල කාලීන පරිවර්තනය

29 (එසේ කීවේ එපීසයකු වූ ත්‍රොපිමස් පාවුල් සමඟ නගරයේ සිටිනු ඔවුන් දුටු නිසා, පාවුල් දේව මාලිගයට ඔහු කැඳවා ගෙනෙන්නට ඇතැයි සිතූ බැවිනි.)

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 ඔවුන් මෙසේ කීවේ එපීසයෙකු වූ ත්‍රොපිමස් ඔහු සමඟ නුවර සිටිනු ඔවුන් කලින් දැක තිබුණු නිසා, පාවුලු ඔහු දේව මාලිගාවට කැඳවා ගෙන යන්නට ඇතැ යි සිතූ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 ඔවුන් මෙසේ කීවේ එපීසයෙකු වූ ත්‍රොපිමස් ඔහු සමඟ නුවර සිටිනු ඔවුන් කලින් දැක තිබුණු නිසා, පාවුලු ඔහු දේව මාලිගාවට කැඳවා ගෙන යන්නට ඇතැ යි සිතූ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 මක්නිසාද එපීසියවූ ත්‍රොපිමස් ඔහු සමඟ නුවර සිටිනවා ඔවුන් පළමුවෙන් දැක තිබුණු බැවින්, පාවුල් ඔහු දේවමාළිගාවට කැඳවාගෙන ගියේයයි ඔව්හු සිතුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 21:29
5 හුවමාරු යොමු  

ඔවුහු එපීසය වෙත පැමිණියහ. එහිදී ප්‍රිිස්කිලා හා අකිලාගෙන් වෙන් වූ පාවුල් සිනගෝගයට ගොස්, යුදෙව්වන් හා තර්ක කළේ ය.


එහෙත් ඔහු ඔවුන්ගෙන් සමු ගනිද්දී, “දෙවියන්වහන්සේ කැමති සේක් නම්, මා නැවත මෙහි එනවා” යි ඔවුන්ට පැවසී ය. මෙසේ ඔහු එපීසය වෙතින් නැව් නැග,


අපොල්ලොස් කොරින්තියෙහි සිටියදී, පාවුල් රට මැද්දෙන් ගමන් කර, එපීසය වෙත ළඟා විය. එහිදී ඔහුට ගෝලයින් ඇතමකු හමු වී,


ඔහු සමඟ පුරස්ගේ පුත් බෙරියාහි සෝපතර් ද තෙසලෝනික අරිස්තාර්කස් හා සෙකුන්දස් ද දර්බයෙහි ගායස් හා තිමෝති ද ආසියා කලාපයේ තුකිකස් හා ත්‍රොපිමස් ද ගමන් ගත්හ.


එරස්තස් කොරින්තියේ නැවතුණේ ය. ත්‍රොපිමස් අසනීප වූ නිසා මිලේතසෙහි නවතා ආවෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්