Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 19:21 - සිංහල කාලීන පරිවර්තනය

21 මේ සියල්ල සිදු වූ පසු පාවුල් මකිදෝනිය හා අකාය හරහා යෙරුසලම බලා යෑමට තීරණ කළේ ය. “යෙරුසලමට ගියාට පසු මා රෝමයත් දකින්න යා යුතු යැ” යි ඔහු පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 මේ සියල්ල නිම වූ කල, පාවුලු කතා කරමින්, “මා ජෙරුසලමට ගිය පසු, රෝමය ද දකින්න ඕනෑ ය” කියා, මසිදෝනිය සහ ග්‍රීසිය මැදින් ගොස්, ජෙරුසලමට යන්නට අධිෂ්ඨාන කරගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 මේ සියල්ල නිම වූ කල, පාවුලු කතා කරමින්, “මා ජෙරුසලමට ගිය පසු, රෝමය ද දකින්න ඕනෑ ය” කියා, මසිදෝනිය සහ ග්‍රීසිය මැදින් ගොස්, ජෙරුසලමට යන්නට අධිෂ්ඨාන කරගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 මේ දේවල් නිමවූ කල, පාවුල්: මා යෙරුසලමට ගියායින් පසු රෝමයද දකින්ට ඕනෑය කියා, මකිදෝනිය සහ අකාය මැදින් ගොස්, යෙරුසලමට යන්ට ආත්මයෙන් නියමකරගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 19:21
31 හුවමාරු යොමු  

“මෙන්න දැන්, ආත්මයාණන්වහන්සේගේ බලපෑමෙන් යුතුව යෙරුසලමට මා යන්නේ, එහිදී මට කුමකින් කුමක් වේදැයි නො දැනයි.


ආසියා කලාපයේ කල් ගත කිරීමෙන් වැළකී, එපීසය පසුකර යාත්‍රා කිරීමට පාවුල් තීරණ කළේ, හැකි වෙතොත් පෙන්තකොස්ත දවසට කලින් යෙරුසලමට ළඟා වීමට ඔහු ඉක්මන් කළ බැවිනි.


එදින රාත්‍රියේ ස්වාමින්වහන්සේ පාවුල් අසලින් සිට, ඔහු අමතමින්, “ධෛර්යය වඩවා ගන්න; යෙරුසලමේදී ඔබ මා ගැන සාක්ෂි දැරූ ලෙසම රෝමයේදීත් සාක්ෂි දැරිය යුතු යැ” යි පැවසූ සේක.


සහෝදරයිනි, අන් ජාතීන් අතරේ මා ලැබූ ලෙස, ඔබ අතරදී ද යම් අස්වැන්නක් ලබන්නට, ඔබ වෙත එන්නට මා කීප විටක් සැලසුම් කළ නමුදු, මේ වන තෙක්ම එය වළක්වනු ලැබූ වග ඔබ දැන ගන්නවාට කැමතියි.


එහෙත් ඔහු ඔවුන්ගෙන් සමු ගනිද්දී, “දෙවියන්වහන්සේ කැමති සේක් නම්, මා නැවත මෙහි එනවා” යි ඔවුන්ට පැවසී ය. මෙසේ ඔහු එපීසය වෙතින් නැව් නැග,


මෙසේ ඔබ මකිදෝනිය හා අකායයෙහි ඇදහිලිවතුන් හැමට ආදර්ශයක් වූහ.


අවුරුදු දාහතරකට පසු, මා යළිත් යෙරුසලමට ගියේ බාර්ණබස් සමඟ ය; තීතස් ද මා සමඟ ගෙන ගියෙමි.


මකිදෝනිය හරහා යෑමට මා අදහස් කර සිටින නිසා, මකිදෝනිය හරහා ගිය පසු, ඔබ වෙත එන්නෙමි.


රෝමවාසී ඔබට ද ශුභාරංචිය දේශනා කරන්නට මා පුල පුලා බලා සිටින්නේ එබැවිනි.


අප රෝමයට පැමිණි පසු, එක් හේවායකුගේ මුරකාව යටතේ තමන් කැමති තැනක සිටින්නට පාවුල්ට අවසර ලැබිණි.


‘පාවුල් බය නො වන්න! ඔබ සීසර් ඉදිරියේ පෙනී සිටිය යුතුයි. ඔන්න! ඔබ සමඟ යාත්‍රා කරන සියලු දෙනාගේ ජීවිත, දෙවියන්වහන්සේ ඔබට ප්‍රදාන කර ඇතැ’ යි කීවා.


අප ඉතාලිය බලා යාත්‍රා කළ යුතු යයි තීරණය වූ කල, පාවුල් හා තවත් සිරකරුවන් ඇතැම් දෙනකු අධිරාජ බලඇණියේ සියයේ සෙන්පතියකු වූ ජුලියස් භාරයට පත් කෙරිණි.


අප යෙරුසලම වෙත පැමිණි කල, සහෝදරයින් අප පිළිගත්තේ මහත් උණුසුම් අයුරිනි.


එබැවින් අපි තීර්හි ගෝලයින් සොයා ගොස්, හත් දවසක් ඔවුන් හා ගත කළෙමු. ශුද්ධාත්මයාණන් විසින් දන්වනු ලැබ, යෙරුසලමට නො යන ලෙස ඔවුහු පාවුල්ට ඇවිටිලි කළහ.


එහෙත් ගලියෝ, අකායේ පළාත් ආණ්ඩුකරු ව සිටියදී, යුදෙව්වෝ පාවුල්ට එරෙහිව එක්සත්ව නැගිට, උසාවියට ඔහු ගෙන අවුත්,


එතැනින් රෝම ජනපදයක් ද මකිදෝනියේ දිස්ත්‍රික්කයක ප්‍රධාන නුවරක් වූ පිලිප්පිය වෙත සේන්දු වී, ටික දවසක් එහි ගත කළෙමු.


සිය සහායකයින් වූ තිමෝති හා එරස්තස් මකිදෝනිය වෙත පිටත් කළ පාවුල්, තවත් මඳ කලක් ආසියා කලාපයේ ගත කළේ ය.


සැණෙකින් මුළු නගරය පුරා මහත් ගාලගෝට්ටියක් පැන නැඟිණි. ඔවුහු පාවුල්ගේ ගමන් සගයින් වූ මකිදෝනියෙහි ගායස් හා අරිස්තාර්කස් අල්ලා, ඇදගෙන රංග පීඨයට කඩා වැදුණහ.


මා ඔබ දැකීමේ ආශාවෙන් පසුවන්නේ, ඔබ ශක්තිමත් කෙරෙන පිණිස, ඔබට යම් ආත්මික ත්‍යාගයක් දීමටයි.


එහෙත් ස්වාමින්වහන්සේ කැමති වන සේක් නම්, ඉතා ඉක්මනින් මම ඔබ වෙත එන්නෙමි. ඇවිත්, ඒ අහංකාර මිනිසුන්ගේ කතා නො ව, ඔවුන්ගේ බලය සොයා දැන ගන්නෙමි.


එවිට වෙනත් කෙනකුගේ බල පෙදෙසක දැනටමත් කර ඇති වැඩ ගැන පාරට්ටු කර නො ගෙන, ඔබෙන් එපිට පළාත්වල ශුභාරංචිය දේශනා කිරීමට අපට හැකි වෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්