පොළොං වංශය, දුෂ්ට වූ නුඹලා යහපත පවසන්නේ කොහොම ද? මන්ද කටින් පිට වන්නේ ඔහුගේ හදෙහි පිරී ඇති දෙයිනි.
එළිදරව් 14:5 - සිංහල කාලීන පරිවර්තනය ඔවුන්ගේ මුවෙහි කිසි මුසාවක් හමු නො වීය. මන්ද ඔවුහු දෝෂයෙන් තොර ය. Sinhala New Revised Version ඔවුන්ගේ මුඛයෙන් කවදාවත් බොරුවක් පිට නො වී ය. ඔව්හු නිර්මල ය. Sinhala New Revised Version 2018 ඔවුන්ගේ මුඛයෙන් කවදාවත් බොරුවක් පිට නො වී ය. ඔව්හු නිර්මල ය. Sinhala Revised Old Version ඔවුන්ගේ මුඛයේ බොරුවක් සම්බ නොවීය. ඔව්හු නොකැලැල්ව සිටිති. |
පොළොං වංශය, දුෂ්ට වූ නුඹලා යහපත පවසන්නේ කොහොම ද? මන්ද කටින් පිට වන්නේ ඔහුගේ හදෙහි පිරී ඇති දෙයිනි.
එවිට පිලාත් නායක පූජකයින් හා සමූහයා අමතා, “මේ මිනිහා අත වරදක් මට නො පෙනේ යැ” යි ප්‍රකාශ කළේ ය.
නතානියෙල් තමන් වෙත ළඟා වනු දුටු යේසුස්වහන්සේ ඔහු අමතා, “මෙන්න! තමා තුළ හොර බොරු නැති නියම ඉශ්‍රායෙල්වරයෙක්” යැයි කී සේක.
පැල්ලමක්, රැළි වැටීමක් හෝ අන් කැළලක් නැති ශුද්ධ වූ, නො කැළැල් තේජවත් සභාවක්ව තමන්ටම ඇය පිළිගන්වා ගැනීමටත් ය.
එහෙත් දැන් ක්‍රිස්තුස්වහන්සේගේ මාංසික ශරීරයේ මරණය මඟින් දෙවියන්වහන්සේ, තමන්වහන්සේ සමඟ ඔබ සමඟි කරගෙන ඇත්තේ, තමන්වහන්සේගේ ඇස් හමුවේ ඔබ ශුද්ධව, නො කැළැල්ව, නිදොස්ව පිළිගැන්වෙනු පිණිස ය.
ජීවමාන දෙවියන්වහන්සේට සේවය කරන පිණිස, කැළලක් නැතිව තමන්ම, සදාතන ආත්මයාණන් මඟින් දෙවියන්වහන්සේට ඔප්පු වූ ක්‍රිස්තුස්වහන්සේගේ ලේ මඟින් ඊට කොතරම් වැඩියෙන් මළ ක්‍රියා වෙතින් අපගේ හදවත් පවිත්‍ර නො කෙරේ ද!
මන්ද, “ජීවිතයට ප්‍රේම කරන්නට හා භාග්‍යවත් දවස් දකින්නට ආශා කරන කවරෙක් වුව, තම දිව නපුරෙන් ද තම තොල් රැවටිලි කතාවෙන් ද දුරුව තබා ගනිත්වා.
පැකිළීමෙන් ඔබ වළකාගන්නටත්, මහා ප්‍රීතියකින් ස්වකීය තේජවත් අභිමුඛයට දෝෂ රහිතව ඔබ පමුණුවන්නටත් සමත් තැනැන්වහන්සේට,