Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




කොලොස්සි 1:22 - සිංහල කාලීන පරිවර්තනය

22 එහෙත් දැන් ක්‍රිස්තුස්වහන්සේගේ මාංසික ශරීරයේ මරණය මඟින් දෙවියන්වහන්සේ, තමන්වහන්සේ සමඟ ඔබ සමඟි කරගෙන ඇත්තේ, තමන්වහන්සේගේ ඇස් හමුවේ ඔබ ශුද්ධව, නො කැළැල්ව, නිදොස්ව පිළිගැන්වෙනු පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එහෙත් දැන් දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන්ගේ ජීවිතය හා මරණය කරණකොටගෙන තමන් හට ඔබ සමඟි කරගත් සේක. එසේ කෙළේ ඔබ ශුද්ධ, නොකැළැල්, නිදොස් අය හැටියට දැන් උන් වහන්සේ ඉදිරියට පමුණුවාගැනීම සඳහා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එහෙත් දැන් දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන්ගේ ජීවිතය හා මරණය කරණකොටගෙන තමන් හට ඔබ සමඟි කරගත් සේක. එසේ කෙළේ ඔබ ශුද්ධ, නොකැළැල්, නිදොස් අය හැටියට දැන් උන් වහන්සේ ඉදිරියට පමුණුවාගැනීම සඳහා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 ශුද්ධවූ නොකැලැල්වූ නිදොස්වූ තැනැත්තන් කොට තමන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකරගන්න පිණිස, උන්වහන්සේගේ මාංසමයවූ ශරීරයෙහි මරණය කරණකොටගෙන සමඟිකරගත්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




කොලොස්සි 1:22
21 හුවමාරු යොමු  

පැල්ලමක්, රැළි වැටීමක් හෝ අන් කැළලක් නැති ශුද්ධ වූ, නො කැළැල් තේජවත් සභාවක්ව තමන්ටම ඇය පිළිගන්වා ගැනීමටත් ය.


පැකිළීමෙන් ඔබ වළකාගන්නටත්, මහා ප්‍රීතියකින් ස්වකීය තේජවත් අභිමුඛයට දෝෂ රහිතව ඔබ පමුණුවන්නටත් සමත් තැනැන්වහන්සේට,


එම කැමැත්ත අනුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය සදහට එක් වරක් පමණක් පූජා කරනු ලැබීමෙන්, අපි පවිත්‍ර කරනු ලැබ සිටිමු.


මන්ද ලෝකය මැවීමට ප්‍රථමයෙන්, ක්‍රිස්තුස්වහන්සේ තුළ උන්වහන්සේ අප තෝරා ගත්තේ, තමන්වහන්සේ අබිමුවෙහි අප ශුද්ධව හා නො කැළැල්ව සිටින පිණිස ය. ප්‍රේමයෙන්


සියලු දුෂ්ටකම්වලින් අප මුදනු පිණිසත්, යහපත් ක්‍රියාවන් කිරීමට උද්යෝගී, තමන් සන්තකවූත් ජනතාවක් කොට අප පවිත්‍ර කර ගනු පිණිසත් උන්වහන්සේ අප උදෙසා තමන්ම දුන් සේක.


මා සහෝදරයිනි, එපරිදිම ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය හේතු කොට ඔබත් දහම් නීතියට මැරුණහ; එසේව ඇත්තේ දෙවියන්වහන්සේට අප පල දරන පිණිස, මළවුන්ගෙන් නැගිටුවන ලද කෙනකු වන වෙනත් කෙනකුට ඔබ බැඳී සිටින පිණිස ය.


ස්වකීය ශරීරය නැමති තිරය මැදින් ඇතුළු වීමේ අලුත්, ජීවමාන මාර්ගයක් අපට විවෘත කර දුන් බැවින්


ස්වකීය කැමැත්ත කිරීමේ හැම හොඳ අංගයකින්ම ඔබ සන්නද්ධ කරන සේක්වා! ස්වකීය මනාපය පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් අප ජීවිත තුළ උන්වහන්සේ ක්‍රියා කරන සේක්වා! උන්වහන්සේට සදහට ම, සදාතනිකව ම තේජෝ මහිම වේවා! ආමෙන්.


නො ඉඳුල් කන්‍යාවියක සේ ඔබ එකම පුරුෂයකුට එනම් ක්‍රිස්තුස්වහන්සේට විවාහ කර දීමට මා ගිවිස ඇති බැවින්, ඔබ ගැන දිව්‍යමය ඊර්ෂ්‍යාවකින් මම පෙළෙමි.


ඒ සඳහා ඔබ මඟ බලා හිඳින බැවින් ප්‍රේමණීයයනි, දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබ කැළැල් රහිතව, දෝෂ රහිතව සාමයෙන් සිටිනු උන්වහන්සේට සම්බ වන පිණිස හැම පරිශ්‍රමයක්ම දරන්න.


මන්ද දෙවියන්වහන්සේ අප කැඳවා ඇත්තේ අපවිත්‍රකමට නො ව ශුද්ධකමට ය.


අපේ සියලු දවස්වල ශුද්ධත්වයෙන් හා ධර්මිෂ්ඨත්වයෙන් යුතුව උන්වහන්සේ අබියස එසේ කළ හැකි වන පිණිස ය.


මන්ද යේසුස් ස්වාමින්වහන්සේ නැගිට වූ තැනැන්වහන්සේ, යේසුස්වහන්සේ සමඟ අප ද නැගිටුවන බවත්, ඔබ සමඟ අප තමන්වහන්සේ ඉදිරියට පමුණුවන බවත් අප දන්නා බැවිනි.


මේ සියල්ල ක්‍රිස්තුස්වහන්සේ තුළින් තමන්වහන්සේට අප සමඟි කර ගත්තාවූ ද සමඟි කිරීමේ මෙහෙයය අපට බාර දුන්නා වූ ද දෙවියන්වහන්සේගෙනි.


එබැවින් හැම කෙනකුම ක්‍රිස්තුස්වහන්සේ තුළ සම්පූර්ණත්වයෙන් දෙවියන්වහන්සේට පිළිගන්වනු පිණිස, අපි මුළු ප්‍රඥාවෙන් යුතුව හැම කෙනකුටම ගුරුහරුකම් දෙමින් ද හැම කෙනකුටම උගන්වමින් ද ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කරන්නෙමු.


මන්ද ක්‍රිස්තුස්වහන්සේ පාප උදෙසා එක් වරක් මැරුණු සේක. ධර්මිෂ්ඨ තැනැන්වහන්සේ අධර්මිෂ්ඨයින් උදෙසා එසේ කළේ, දෙවියන්වහන්සේ වෙත අප පමුණුවන පිණිස ය. උන්වහන්සේ මාංසයෙන් මරණයට පත් කරනු ලැබූ නමුදු ආත්මයෙන් ජීවනයට ගෙනෙනු ලැබූ සේක්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්