එපීස 3:19 - සිංහල කාලීන පරිවර්තනය දැනුම ඉක්මවාලන ඒ ප්‍රේමය දැනගැනීමට දෙවියන්වහන්සේගේ සකල පරිපූර්ණත්වයේ මිනුමට ඔබ පූර්ණ කරන පිණිසත් ය. Sinhala New Revised Version ක්‍රිස්තුන් වහන්සේගේ ඥානාතික්‍රාන්ත ප්‍රේමය අවබෝධ කරගෙන, දෙවියන් වහන්සේගේ පරිපූර්ණතාවෙන් ඔබ පූර්ණ වන පිණිස ද යාච්ඤා කරමි. Sinhala New Revised Version 2018 ක්‍රිස්තුන් වහන්සේගේ ඥානාතික්‍රාන්ත ප්‍රේමය අවබෝධ කරගෙන, දෙවියන් වහන්සේගේ පරිපූර්ණතාවෙන් ඔබ පූර්ණ වන පිණිස ද යාච්ඤා කරමි. Sinhala Revised Old Version එහි පළල, දිග, උස, ගැඹුර කිමෙක්ද කියා තේරුම්ගන්ට නුඹලාට පුළුවන්වන පිණිසත්, උන්වහන්සේගේ මහිමයේ සම්පෙත් හැටියට නුඹලාට දෙන මෙන් යාච්ඤාකරමි. |
සදාතන ජීවනය මෙයයි; එකම, සත්‍යම දෙවියන්වහන්සේ වන ඔබ හා ඔබ එවූ තැනැත්තාණන් වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් හැඳින ගැනීමයි.
ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයෙන්, අප වෙන් කළ හැකි වනුයේ කවරකුට ද? පීඩාවට, විපත්තියට හෝ වධ-බන්ධනවලටවත්, සාගතයට, නග්න භාවයට, උපද්‍රවයට හෝ කඩුවටවත් එය හැකි වේ ද?
උසට හෝ ගැඹුරට හෝ මුළු මහත් මැවිල්ලේ අන් කිසිවකටවත්, ක්‍රිස්තුස් යේසුස් අප ස්වාමින්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කළ නො හැකි වග මට සහතික ය.
අප මෙසේ නිගමන කර ඇති බැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප පාලනය කරයි. එනම්, සියල්ලන් වෙනුවෙන් එක් කෙනෙක් මැරුණේ යයි ද එබැවින් සියල්ලෝම මැරුණෝ යයි ද
ක්‍රිස්තුස්වහන්සේ සමඟ මම කුරුසිපත් කරනු ලදිමි. තවදුරටත් ජීවත් වන්නේ මා නො වේ. ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත් වන සේක. දැන් මාංසයේ වෙසෙමින් මා ගෙවන මේ ජීවිතය මා ජීවත් වන්නේ, මට ප්‍රේම කළ, මා උදෙසා තමන්ම පූජා වූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් තුළ ඇදහිල්ලෙනි,
ඒ සභාව නම්, හැම දෙයක්ම හැම ලෙසින්ම පූර්ණ කරන ක්‍රිස්තුස්වහන්සේගේ පූර්ණත්වය වන උන්වහන්සේගේම ශරීරයයි.
සියලු ශුද්ධවන්තයින් හා එක්ව ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයේ දිග හා පළලත්, උස හා ගැඹුරත් කොතෙක් ද කියා ග්‍රහණය කර ගැනීමේ බලය ඔබට ලැබෙන පිණිසත්,
දෙවියන්වහන්සේට මිහිරි සුවඳක් හා යාගයක්ව අප උදෙසා තමන්ම පරිත්‍යාග වෙමින්, ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේම කළ සේ ප්‍රේමයේ ජීවිතයක් ගත කරන්න.
පුරුෂයිනි, ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේම කොට, ඇය උදෙසා තමන්ම පූජා වූ සේ ඔබත්, ඔබගේ භාර්යාවනට ප්‍රේම කරන්න.
මා සිර-බැඳුම් ලැබ සිටියදීත්, ශුභාරංචිය ගැන වග උත්තර කියද්දීත්, එහි සත්‍යතාව සහතික කරද්දීත් දෙවියන්වහන්සේගෙන් මා ලද අනුග්‍රහයට මා හා පංගුකාර වූ ඔබ හැම, මා හදෙහි දරා සිටින බැවින්, ඔබ හැම ගැන මා එසේ සිතීම යුතු ය.
එවිට, සියලු අවබෝධ ඉක්මවා යන දෙවියන්වහන්සේගේ සාමය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබගේ හදවත් ද ඔබගේ මනස ද ආරක්ෂා කරනු ඇත.
තවද, ස්වාමින්වහන්සේට ඔබින ලෙස ජීවත් වීමට හා හැම අතින්ම උන්වහන්සේ සතුටු කිරීමට ඔබට හැකි වන පිණිස ය: හැම අයුරු යහ වැඩවලින් පල දරමින් ද දෙවියන්වහන්සේ දැන-හැඳින ගැනීමෙහි වැඩෙමින් ද
ඔබ, උන්වහන්සේ දැක නැති නමුදු, උන්වහන්සේට ප්‍රේම කරති. දැන් ඔබ උන්වහන්සේ දකින්නේ නැති නමුදු, උන්වහන්සේ තුළ විශ්වාස කරමින්, කියා නිම කළ නො හැකි වූ ද තේජසින් පූර්ණ වූ ද ප්‍රීතියකින් ප්‍රමෝදවත් වෙමින්,
තවද අපගේ ස්වාමියාණන් ද ගැලවුම්කරුවාණන් ද වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහයේත්, දැනගැන්මෙත් වැඩි වර්ධනය වන්න. දැනුත්, සදහටත් උන්වහන්සේට තේජෝ මහිම වේවා! ආමෙන්.