Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 පේත්‍රැස් 1:8 - සිංහල කාලීන පරිවර්තනය

8 ඔබ, උන්වහන්සේ දැක නැති නමුදු, උන්වහන්සේට ප්‍රේම කරති. දැන් ඔබ උන්වහන්සේ දකින්නේ නැති නමුදු, උන්වහන්සේ තුළ විශ්වාස කරමින්, කියා නිම කළ නො හැකි වූ ද තේජසින් පූර්ණ වූ ද ප්‍රීතියකින් ප්‍රමෝදවත් වෙමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඔබ උන් වහන්සේ නුදුටු නමුත් උන් වහන්සේට ප්‍රේම කරන්නහු ය. දැන් ඔබ උන් වහන්සේ නොදකින නමුත්, උන් වහන්සේ අදහා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඔබ උන් වහන්සේ නුදුටු නමුත් උන් වහන්සේට ප්‍රේම කරන්නහු ය. දැන් ඔබ උන් වහන්සේ නොදකින නමුත්, උන් වහන්සේ අදහා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 පේත්‍රැස් 1:8
37 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ ඔහු අමතමින්, “ඔබ විශ්වාස කළේ මා දුටු නිසයි; එහෙත් නුදුටු නමුත් විශ්වාස කරන්නෝ ආශිර්වාද ලද්දෝයැ” යි පැවසූ සේක.


මන්ද අප ජීවත් වන්නේ ඇදහිල්ලෙනි; දැකීමෙන් නො වේ.


ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් බලාපොරොත්තුවෙහි ඔබ පිරී ඉතිරී යන පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ, ඇදහීමේ සකල ප්‍රීතියෙන් හා සාමයෙන් ඔබ පූර්ණ කරන සේක්වා!


ඇදහිල්ල නම්, බලාපොරොත්තු වන දේ ගැන ඇති සහතිකයයි; නො දක්නා දේ ගැන ඇති නිසැක කමයි.


එසේම දැන් ඔබගේ ශෝකය තිබේ. එනමුත් මා යළි ඔබ දකින්නෙමි. එවිට ඔබගේ හදවත් ප්‍රීති වනු ඇත. ඔබගේ ප්‍රීතිය කිසිවකුත් ඔබෙන් පැහැර ගන්නේ නැත.


එබැවින් පෙනෙන්නට ඇති දේ දෙස නො ව, පෙනෙන්නට නැති දේ දෙස අපි දෑස් දල්වා සිටින්නෙමු. මන්ද පෙනෙන්නට ඇති දේ තාවකාලික ය; පෙනෙන්නට නැති දේ සදාතනික ය.


මේ කාරණයේදී ඔබ ප්‍රමෝදවත් වන්නේ, අවශ්‍ය වේ නම්, සුළු කලකට නොයෙකුත් පරීක්ෂාවලින් ඔබ ශෝකයට පත් වූවා වුව ද,


රාජ උදහසට බය නො වී, ඔහු ඊජිප්තුව හැර ගියේ ඇදහිල්ලෙනි. මන්ද අදෘශ්‍යමාන තැනැන්වහන්සේ දකින්නකු සේ ඔහු නො සැලී සිටියේ ය.


මේ අනර්ඝ වටිනාකම අදහන්නා වූ ඔබට ය; එහෙත් නො අදහන්නා වූ අයට, “ඉදිකරන්නන් ප්‍රතික්ෂේප කළ ගල, ප්‍රධාන කොනේ ගල බවට පත් විය.”


ස්වාමින්වහන්සේ තුළ නිතර ප්‍රීතිවන්න. මම නැවත එයම කියමි: ප්‍රීතිවන්න!


එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශ වන කල නො මැලවෙන තේජසේ කිරුළ ඔබට ලැබෙනු ඇත.


යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේට නොමියෙන පෙමින් ප්‍රේම කරන සැමට අනුග්‍රහය වේවා!


ඒ වග මට සහතික බැවින් මේ ජීවිතයේම රැඳෙමින්, ඔබගේ ඇදහිල්ලේ වර්ධනයත්, ප්‍රීතියත් උදෙසා මා ඔබ හැම අතර දිගටම කටයුතු කරන වග මම දනිමි.


මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත්, බීමත් පිළිබඳ වූවක් නො ව ධර්මිෂ්ඨත්වයත්, සාමයත්, ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියත් ය.


මට ප්‍රේම නො කරන තැනැත්තා මගේ වචන පිළිපදින්නේ නැත. ඔබ අසන මේ වචන මගේ නො ව, මා එවූ පියාණන්වහන්සේගේ ය.


යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේ ඔබගේ පියාණන් නම්, ඔබ මට ප්‍රේම කළ යුතුයි; මන්ද මම දෙවියන්වහන්සේ වෙතින් පැමිණ, දැන් මෙහි සිටින්නෙමි. මා මගේම කැමැත්තට ආවා නො වෙයි. මා එවුවේ උන්වහන්සේයි.


මන්ද සැබෑ චර්මඡේදිතයෝ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මඟින් නමස්කාර කරන, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පාරට්ටු කරන, මාංසය කෙරේ විශ්වාසය නො තබන අපිම ය.


එහෙත් ආත්මයාණන්වහන්සේගේ පල නම්, ප්‍රේමය, ප්‍රීතිය හා සාමය, ඉවසීම, කරුණාව හා සද්භාවය, විශ්වාසවන්තකම,


මන්ද චර්මඡේදනයවත්, චර්ම අඡේදනයවත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ගණන් නො ගැණේ. ගණන් ගැනෙන්නේ ප්‍රේමයෙන් ක්‍රියා කරන ඇදහිල්ල පමණ ය.


කියන්නට නො හැකි වූ මිනිස් බසින් නො පැවසිය යුතු වූ දෑ එහිදී ඔහු ඇසී ය.


වචනයෙන් විස්තර කළ නො හැකි දෙවියන්වහන්සේගේ දීමනාව ගැන උන්වහන්සේට ස්තුති වේවා!


අප පිට ස්වකීය මුද්‍රාව තබා, ඇපයක් වශයෙන් ස්වකීය ආත්මයාණන් ද අප හදවත් තුළ තැබූ සේක.


ඉන්පසු ඔවුන් සිය නිවසට කැඳවූ සිරගෙයි නිලධාරියා, ඔවුනට ආහාර පානාදියෙන් සංග්‍රහ කළේ ය. දෙවියන්වහන්සේ අදහා ගන්නට ලැබුණ බැවින් ඔහුත්, ඔහුගේ මුළු ගෘහවාසීනුත් සිටියේ ප්‍රීතියෙන් උතුරමිනි.


මාගේ ආඥා ඇති කවරකු වුව, ඒවා පිළිපදින්නේ නම්, මට ප්‍රේම කරන්නේ ඔහු ය. මට ප්‍රේම කරන්නා, මගේ පියාණන්වහන්සේ විසින් ප්‍රේම කරනු ලබයි; මමත් ඔහුට ප්‍රේම කරමින්, ඔහුට හෙළිදරවු වෙමි” යි පැවසූ සේක.


“ඔබ මට ප්‍රේම කරනවා නම්, ඔබ මගේ ආඥා පිළිපදියි.


“තම පියාට හෝ මවට හෝ මට වඩා ප්‍රේම කරන කවුරුන් වුවත්, මට සුදුසු නො වේ; තම පුත්‍රයාට හෝ දියණියට හෝ මට වඩා ප්‍රේම කරන කවුරුන් වුවත්, මට සුදුසු නො වේ.


යමෙක් ස්වාමින්වහන්සේට ප්‍රේම නො කරනවා නම්, ඔහු ශාප ලද්දෙක්ම වේවා! අපගේ ස්වාමින්වහන්ස, එනු මැනව!


දැනුම ඉක්මවාලන ඒ ප්‍රේමය දැනගැනීමට දෙවියන්වහන්සේගේ සකල පරිපූර්ණත්වයේ මිනුමට ඔබ පූර්ණ කරන පිණිසත් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්