Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 17:3 - සිංහල කාලීන පරිවර්තනය

3 සදාතන ජීවනය මෙයයි; එකම, සත්‍යම දෙවියන්වහන්සේ වන ඔබ හා ඔබ එවූ තැනැත්තාණන් වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් හැඳින ගැනීමයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 සදාතන ජීවනය මේ ය: එක ම සැබෑ දෙවියන් වන ඔබ ද, ඔබ විසින් එවන ලද තැනැන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද, දැනගැනීම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 සදාතන ජීවනය මේ ය: එක ම සැබෑ දෙවියන් වන ඔබ ද, ඔබ විසින් එවන ලද තැනැන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද, දැනගැනීම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 සදාකාල ජීවනය නම් මේය–එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 17:3
52 හුවමාරු යොමු  

තවද අප සත්‍යය වූ තැනැන්වහන්සේ දැනගන්නා පිණිස, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් මෙලොවට පැමිණ, අපට අවබෝධය දුන් වග ද අපි දනිමු. අප, සත්‍ය වූ තැනැන්වහන්සේ තුළ ය; උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ය; සත්‍ය වූ දෙවියන්වහන්සේ ද සදාතනික ජීවනය ද උන්වහන්සේ ය.


“ධර්මිෂ්ඨ පියාණෙනි, ලෝ වැසියන් ඔබ හැඳින ගත්තේ නැති නමුදු, මම ඔබ හැඳින ගත්තෙමි. ඔබ මා එවූ බව මොවුහු ද දැන ගත්හ.


දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලෝකයට එවුවේ, ලෝකය වරදට පත් කරන්නට නො ව, උන්වහන්සේ මඟින් ලෝකයා ගලවා ගන්නට ය.


අප දෙවියන්වහන්සේගෙන් ය, දෙවියන්වහන්සේ දන්නා අය අපට සවන් දෙති; එහෙත් දෙවියන්වහන්සේගෙන් නො වන අය අපට සවන් දෙන්නේ නැත. සත්‍යයේ ආත්මයාණන් හා අසත්‍යයේ ආත්මය කුමක්දැයි අප දැනගන්නේ මෙලෙසිනි.


මා ඔවුන් තුළත්, ඔබ මා තුළත් සිටීමෙන් ඔවුන් සම්පූර්ණ ඒකත්වයට පත්වීමෙන් ඔබ මා එවූ බවත්, ඔබ, මට මෙන්ම මොවුන්ට ද ප්‍රේම කළ බවත් ලෝකයා දැනගන්නා පිණිස ය.


පියාණෙනි, ඔබ මා තුළත්, මා ඔබ තුළත් සිටින අයුරින් ඔවුන් ද ඒකත්වයක් වේවා යන්නයි; මා එවුවේ ඔබවහන්සේ බව ලෝකයා විශ්වාස කරන පිණිස, ඔවුන් ද අප තුළ වේවා යන්නයි;


දෙවියන්වහන්සේ එවූ තැනැත්තා පවසන්නේ, දෙවියන්වහන්සේගේම වචනයි. මන්ද දෙවියන්වහන්සේ ආත්මයාණන් ප්‍රදාන කරන්නේ සීමාවක් නැතිවයි.


මන්ද, “අන්ධකාරයෙන් ආලෝකය බැබළෙනු” යි කී දෙවියන්වහන්සේම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුහුණෙන් දෙවියන්වහන්සේගේ තේජස දැනගැන්ම නැමති ආලෝකය අප හදවත්හි බැබළවූ සේක.


එකල දෙවියන්වහන්සේ නො හඳුනන්නන්ට හා යේසුස් අප ස්වාමින්වහන්සේගේ ශුභාරංචියට කීකරු නො වන්නන්ට දඬුවම් කරන සේක.


මන්ද ඔබ මට දුන් ඔබගේ වචන මම ඔවුන්ට දුනිමි. ඒවා පිළිගත් ඔවුහු, මා ඔබ වෙතින්ම ආ වග සැබවින් ම දැන, ඔබම මා එවූ බව විශ්වාස කළෝ ය.


මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සහනදායකයාණන් වන ශුද්ධාත්මයාණන් පැමිණි කල, උන්වහන්සේ හැම දෙයක්ම ඔබට උගන්වමින්, මා ඔබට පැවසූ සියල්ල යළි ඔබට සිහි කරනු ඇත.


එවිට ඔවුහු “ඔබේ පියා කොහේ දැ?” යි ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ මා හඳුනන්නේ නැත. මගේ පියාණන්වහන්සේ හඳුනන්නේ ද නැත. ඔබ මා හැඳිනගතහොත්, මාගේ පියාණන්වහන්සේත් හඳුනා ගනු ඇතැ” යි පැවසූ සේක.


යුතු පරිදි සිහි කල්පනාවට යළි පැමිණ, පව් කිරීම නවතන්න. දෙවියන්වහන්සේ ගැන නො දන්නා අය ඔබ අතරේ වෙතැයි මා කියන්නේ ඔබට ලජ්ජා වන්නට ය.


මන්ද ඔබ කෙලෙස අප පිළිගත්තේ ද ජීවමාන වූ සත්‍යයම දෙවියන්වහන්සේට මෙහෙ කරන පිණිස පිළිම රූප වෙතින් ඔබ කෙලෙස දෙවියන්වහන්සේ වෙත හැරුණේ ද


‘මා දෙවියන්වහන්සේගේ පුත්‍රයා ය’ කී හේතුවෙන් පියාණන්වහන්සේ ම තෝරා වෙන් කොට ලෝකයට එවූ තැනැත්තාට ඔබ දේවාපහාස කරනවා යයි ඔබ කියන්නේ කෙසේ ද?


එහෙත් මා උන්වහන්සේ හඳුනනවා. මන්ද මා එන්නේ උන්වහන්සේ වෙතින්; මා එවුවේ උන්වහන්සේ යැ” යි කී සේක.


ජීවමාන පියාණන්වහන්සේ මා එවූ සේ ම, පියාණන්වහන්සේ නිසා මා ජීවත් වන්නේ යම් සේ ද, මගෙන් පෝෂ්‍යවන්නා මා නිසා ජීවත් වෙයි.


එනිසා එකම දෙවියන්වහන්සේ වෙතින් එන ගෞරවය නො සොයා, තම තමන් අතරේ එකිනෙකා වර්ණනා කරගන්නා ඔබ, විශ්වාස කරන්නේ කොහොම ද?


හැම විට ඔබ මට සවන් දෙන වග මා දැන සිටියා. එනමුත් මා මෙසේ කීවේ, මා එවුවේ ඔබවහන්සේම වග මෙහි වටේට සිටගෙන සිටින ජනයා විශ්වාස කරන පිණිස ඔවුන් උදෙසා යැ” යි පැවසූ සේක.


“මාගේ නාමයෙන් මේ දරුවා පිළිගන්නා යමෙක් වේ ද, ඔහු මා පිළිගනියි; මා පිළිගන්නා යමෙක් වේ ද, ඔහු මා එවූ තැනැන්වහන්සේ පිළිගනියි. මන්ද ඔබ අතරේ වඩා උත්තමයා, ඔබ අතරේ ඉතාම සුළු තැනැත්තා” යි පැවසූ සේක.


“මාගේ නාමයෙන් මේ දරුවන්ගෙන් කෙනකු පිළිගන්නා යමෙක් වේ ද, ඔහු මා පිළිගනියි. මා පිළිගන්නා යමෙක් වේ ද, ඔහු පිළිගන්නේ මා නො ව මා එවූ තැනැන්වහන්සේ යැ” යි පැවසූ සේක.


එබැවින්, පිළිමවලට පිදූ ආහාර වැළඳීම පිළිබඳව: “පිළිමයකට සැබෑ පැවැත්මක් නැති” වගත්, “එක් කෙනෙක් මිස, වෙනත් දෙවියන්වහන්සේ කෙනකු නැති” වගත් අපි දනිමු.


ඔබ ලෝකය තුළට මා එවූ අයුරින්, මමත් ලෝකය වෙත ඔවුන් යැවීමි.


එපමණක් ද! මා ස්වාමියාණන් වූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ හැඳින ගැනීමේ පරම උතුම්කම හා සසඳන කල, අන් හැම දෙයක්ම අලාභයක් සේ සලකමි. උන්වහන්සේ නිසා සියල්ල මට අහිමි වුවත්, මා ඒ සියල්ල කුණු-කසල ලෙසින් සලකන්නේ ක්‍රිස්තුස්වහන්සේ අත්කර ගනු පිණිසත්,


මට වුවමනා ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලය දැනගැනීමටත්, උන්වහන්සේගේ මරණයෙන් උන්වහන්සේ හා සමාන බවට පත් වෙමින්, උන්වහන්සේගේ දුක්-පීඩාවනට පංගුකාරවීමටත්,


එබැවින් ස්වර්ගීය කැඳවීමට පංගුකාර වූ ශුද්ධ වූ සහෝදරයිනි, අපගේ ඇදහිල්ලේ අපෝස්තුලුවරයාණන් හා උත්තම පූජකයාණන් වන යේසුස්වහන්සේ වෙත ඔබගේ සිත් යොමන්න.


දෙවියන්වහන්සේ ද යේසුස් අප ස්වාමින්වහන්සේ ද දැන-හැඳිනගැනීම තුළින් අනුග්‍රහයත්, සාමයත් වැඩි-වැඩියෙන් ඔබට අත් වේවා!


ජීවිතයටත්, දේව භක්තියටත් අදාළ හැම දෙයක්ම උන්වහන්සේගේ දිව්‍ය-බලය අපට ප්‍රදාන කොට ඇත්තේ, ස්වකීය තේජෝ මහිමයෙන් හා විශිෂ්ටත්වයෙන් අප කැඳවූ තැනැන්වහන්සේ දැනගැන්ම තුළිනි.


මෙම ගුණාංග ඔබට හිමිව, නිති වැඩේ නම්, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ දැනගැන්ම නිෂ්ඵල වීමට හෝ නිස්සාර වීමට ඒවා ඉඩ නො දෙනු ඇත.


එම ජීවනය පැහැදිලිව දක්වන ලදී; අපි එය දුටුවෙමු. එබැවින් අපි ඒ ගැන සාක්ෂි දෙමින්, පියාණන්වහන්සේ සමඟ සිටියා වූ, අපට දක්වනු ලැබූ සදාතනික ජීවනය ගැන ඔබට ප්‍රකාශ කරන්නෙමු.


අප ඇසූ, අප දුටු ඒ දෑ අප ඔබට ප්‍රකාශ කරන්නේ, ඔබත් අප සමඟ පංගුකාර වන පිණිස ය. අපේ පංගුකාරකම පියාණන්වහන්සේ සමඟ හා උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ය.


පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන කවරකුටවත් පියාණන්වහන්සේ ද නැත. පුත්‍රයාණන් පිළිගන්නා කවරකුට වුව ද, පියාණන්වහන්සේ ද ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්