2 යොහන් 1:5 - සිංහල කාලීන පරිවර්තනය ප්‍රිය ස්වාමිදුවණියනි, මෙහිදී මා ඔබට අලුත් ආඥාවක් ලියනවා නො වේ. මුල පටන් අපට තිබූ ආඥාව ලෙස එකිනෙකාට ප්‍රේම කරමුයි ඉල්ලමි. Sinhala New Revised Version එබැවින් මාතාවෙනි, අපි එකිනෙකාට ප්‍රේම කරමු. මේ වනාහි ඔබට ලියන අලුත් ආඥාවක් නොව, පටන්ගැන්මේ සිට ම අපට තිබුණු ආඥාව ම ය. Sinhala New Revised Version 2018 එබැවින් මාතාවෙනි, අපි එකිනෙකාට ප්‍රේම කරමු. මේ වනාහි ඔබට ලියන අලුත් ආඥාවක් නොව, පටන්ගැන්මේ සිට ම අපට තිබුණු ආඥාව ම ය. Sinhala Revised Old Version ඉඳින්, ස්වාමි දුවණියෙනි, පටන්ගැන්මේ සිට අපට තිබුණු ආඥාව මිස අලුත් ආඥාවක් ලියුවාක්මෙන් නොව, අප විසින් එකිනෙකාට ප්‍රේමකරන ලෙස නුඹෙන් ඉල්ලා සිටිමි. |
එහෙත් ආත්මයාණන්වහන්සේගේ පල නම්, ප්‍රේමය, ප්‍රීතිය හා සාමය, ඉවසීම, කරුණාව හා සද්භාවය, විශ්වාසවන්තකම,
දෙවියන්වහන්සේට මිහිරි සුවඳක් හා යාගයක්ව අප උදෙසා තමන්ම පරිත්‍යාග වෙමින්, ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේම කළ සේ ප්‍රේමයේ ජීවිතයක් ගත කරන්න.
සහෝදර ප්‍රේමය ගැන නම් ඔබට ලිවීම අවශ්‍ය නැත. මන්ද එකිනෙකාට ප්‍රේම කිරීමට ඔබම දෙවියන්වහන්සේගෙන් උගෙන ඇති බැවිනි.
මෙයයි උන්වහන්සේගේ ආඥාව: උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප අදහා ගැනීමත්, උන්වහන්සේ අපට අණ කළ පරිදි එකිනෙකාට ප්‍රේම කිරීමත් ය.
යමෙක්, “මම දෙවියන්වහන්සේට ප්‍රේම කරමි” යි කියමින්, තම සහෝදරයාට වෛර කරනවා නම්, ඔහු බොරුකාරයෙකි. මන්ද තමන් දැක ඇති සහෝදරයාට ප්‍රේම නො කරන්නාට, තමන් දැක නැති දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට බැරි ය.
සභා-මූලිකයා වෙතිනි, සත්‍යතාවෙහි මා ප්‍රේම කරන, දෙවියන්වහන්සේ විසින් තෝරා ගන්නා ලද ස්වාමිදුවට හා ඇගේ දරුවන් වෙත, මා පමණක් නො ව, සත්‍යය දන්නා හැම දෙනාම ඔබට ප්‍රේම කරන්නේ,