Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 යොහන් 1:5 - Sinhala Revised Old Version

5 ඉඳින්, ස්වාමි දුවණියෙනි, පටන්ගැන්මේ සිට අපට තිබුණු ආඥාව මිස අලුත් ආඥාවක් ලියුවාක්මෙන් නොව, අප විසින් එකිනෙකාට ප්‍රේමකරන ලෙස නුඹෙන් ඉල්ලා සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එබැවින් මාතාවෙනි, අපි එකිනෙකාට ප්‍රේම කරමු. මේ වනාහි ඔබට ලියන අලුත් ආඥාවක් නොව, පටන්ගැන්මේ සිට ම අපට තිබුණු ආඥාව ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 ප්‍රිය ස්වාමිදුවණියනි, මෙහිදී මා ඔබට අලුත් ආඥාවක් ලියනවා නො වේ. මුල පටන් අපට තිබූ ආඥාව ලෙස එකිනෙකාට ප්‍රේම කරමුයි ඉල්ලමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එබැවින් මාතාවෙනි, අපි එකිනෙකාට ප්‍රේම කරමු. මේ වනාහි ඔබට ලියන අලුත් ආඥාවක් නොව, පටන්ගැන්මේ සිට ම අපට තිබුණු ආඥාව ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 යොහන් 1:5
17 හුවමාරු යොමු  

මක්නිසාද පටන්ගැන්මේ සිට නුඹලා ඇසූ පණිවිඩය නම්, අපි විසින් එකිනෙකාට ප්‍රේමකළ යුතුය යන මේය.


එහෙත් සහෝදර ප්‍රේමය ගැන නම් නුඹලාට ලියන්ට වුවමනා නැත. මක්නිසාද එකිනෙකාට ප්‍රේමකරන්ට නුඹලාම දෙවියන්වහන්සේගෙන් ඉගෙනගෙන සිටින්නහුය.


මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන්නය යනුය.


උන්වහන්සේගේ ආඥාව නම් උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහීමත් උන්වහන්සේ අපට ආඥාකළ ලෙස එකිනෙකාට ප්‍රේමකිරීමත්ය.


යමෙක්: දෙවියන්වහන්සේට ප්‍රේමකරමියි කියා තමාගේ සහෝදරයාට වෛරකෙරේ නම්, ඔහු බොරුකාරයෙක්ය. මක්නිසාද තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරනවා නම්, තමා නුදුටු දෙවියන්වහන්සේට ප්‍රේමකරන්ට ඔහුට නුපුළුවන.


ඇරත් ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.


දේවභක්තිය සමඟ සහෝදර ස්නේහයද, සහෝදර ස්නේහය සමඟ ප්‍රේමයද සපයාගන්න.


සහෝදර ස්නේහය පවතීවා.


ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරින්න.


නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්–ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම,


මේ දේවල් මා නුඹලාට අණකරන්නේ නුඹලා එක් එක්කෙනාට ප්‍රේමකරන පිණිසය.


වැඩිමහල්ලා වන මා විසින්ද, අප තුළ පවතින්නාවූ සදාකල්ම අප සමඟ තිබෙන්නාවූ සැබෑව උදෙසා මා පමණක් නොව සැබෑව දන්නාවූ සියල්ලන් විසින්ද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්