Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 15:12 - සිංහල කාලීන පරිවර්තනය

12 මාගේ ආඥාව මෙයයි: මා ඔබට ප්‍රේම කළ ලෙස, ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 “මාගේ ආඥාව නම්: ‘මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න’ යනුයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 “මාගේ ආඥාව නම්: ‘මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න’ යනුයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන්නය යනුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 15:12
16 හුවමාරු යොමු  

උන්වහන්සේගෙන් අපට ආඥාව මෙයයි: දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නා තම සහෝදරයාට ද ප්‍රේම කළ යුතු ය.


“අලුත් ආඥාවක් මම ඔබට දෙන්නෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න; මා ඔබට ප්‍රේම කළා සේ, ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.


ප්‍රේමය පව් රාශියක් වසා දමන බැවින්, හැම දේටම වඩා ලැදිව එකිනෙකාට ප්‍රේම කරන්න.


මෙයයි උන්වහන්සේගේ ආඥාව: උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප අදහා ගැනීමත්, උන්වහන්සේ අපට අණ කළ පරිදි එකිනෙකාට ප්‍රේම කිරීමත් ය.


සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම වන්න; අන් අය තමනට වඩා ගරු කොට සලකන්න.


දෙවියන්වහන්සේට මිහිරි සුවඳක් හා යාගයක්ව අප උදෙසා තමන්ම පරිත්‍යාග වෙමින්, ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේම කළ සේ ප්‍රේමයේ ජීවිතයක් ගත කරන්න.


අවසන් වශයෙන් ඔබ හැම, එකිනෙකා හා සමඟියෙන්, සානුකම්පිතව, සහෝදර ප්‍රේමයෙන් යුතුව, මෘදු හදවතින් හා නිහතමානී සිතින් සිටින්න.


සහෝදරයන්ට අවංක ලෙස ප්‍රේම කරන පිණිස ඔබ සත්‍යයට කීකරුවීමෙන්, ඔබගේ ජීවය පවිත්‍ර කරගෙන සිටින බැවින්, පවිත්‍ර හදවතකින් උද්යෝගීව එකිනෙකාට ප්‍රේම කරන්න.


සහෝදර ප්‍රේමය ගැන නම් ඔබට ලිවීම අවශ්‍ය නැත. මන්ද එකිනෙකාට ප්‍රේම කිරීමට ඔබම දෙවියන්වහන්සේගෙන් උගෙන ඇති බැවිනි.


ඔබ වෙත ඇති අපගේ ප්‍රේමය යම් සේ ද, එලෙස ඔබගේ ප්‍රේමයත් ඔබ එකිනෙකා කෙරෙහි හා අන් සැම කෙරෙහි වැඩි වී පිරී ඉතිරී යන්නට ස්වාමින්වහන්සේ මඟ සලසන සේක්වා!


සහෝදරයිනි, ඔබගේ ඇදහිල්ල වඩා බහුලව වර්ධනය වෙමින් පවත්නා නිසාත්, ඔබ හැම කෙනකු එකිනෙකා කෙරේ දක්වන ප්‍රේමය වැඩෙමින් පවත්නා නිසාත්, ඔබ ගැන නිබඳව දෙවියන්වහන්සේට ස්තුති දීම අපගේ යුතුකමකි; කළ යුත්තකි.


මේ දේවල් මා ඔබට ආඥා කරන්නේ, ඔබ එකිනෙකාට ප්‍රේම කරන පිණිස ය.


ප්‍රිය ස්වාමිදුවණියනි, මෙහිදී මා ඔබට අලුත් ආඥාවක් ලියනවා නො වේ. මුල පටන් අපට තිබූ ආඥාව ලෙස එකිනෙකාට ප්‍රේම කරමුයි ඉල්ලමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්