2 කොරින්ති 13:7 - සිංහල කාලීන පරිවර්තනය ඔබ, කිසි වැරැද්දක් නො කරන පිණිස අපි දෙවියන්වහන්සේට යාච්ඤා කරන්නෙමු. පරීක්ෂණයෙන් අප සමත් වග පෙනී යන පිණිස නො ව, පරීක්ෂණයෙන් අප අසමත් යයි පෙනී ගියා වුව ද ඔබ, හරි දේ කරන පිණිස යාච්ඤා කරන්නෙමු. Sinhala New Revised Version ඔබ කිසි නපුරක් නොකරන ලෙස අපි දෙවියන් වහන්සේට යාච්ඤා කරමු. එසේ කරන්නේ අප ජයග්‍රාහකයන් මෙන් පෙන්නුම් කරන පිණිස නොව, අප පරාජිතයන් මෙන් පෙනුනත් ඔබ යුතු දේ කරන පිණිස ය. Sinhala New Revised Version 2018 ඔබ කිසි නපුරක් නොකරන ලෙස අපි දෙවියන් වහන්සේට යාච්ඤා කරමු. එසේ කරන්නේ අප ජයග්‍රාහකයන් මෙන් පෙන්නුම් කරන පිණිස නොව, අප පරාජිතයන් මෙන් පෙනුනත් ඔබ යුතු දේ කරන පිණිස ය. Sinhala Revised Old Version නුමුත් නුඹලා කිසි නපුරක් නොකරන ලෙස අපි දෙවියන්වහන්සේට යාච්ඤාකරමුව. එසේ කරන්නේ අපි ඒත්තුගත් තැනැත්තන් බව පෙනෙන පිණිස නොව, අපි එපාකරනලද තැනැත්තන් මෙන් වූ නුමුත්, නුඹලා විසින් ගරුකටයුතු දේ කරන පිණිසය. |
ලෝකයෙන් ඔවුන් ඉවත් කර ගන්නැයි මා ඔබෙන් ඉල්ලන්නේ නැත. එහෙත් නපුරාගෙන් ඔවුන් ආරක්ෂා කරන ලෙස ඉල්ලමි.
තවද දෙවියන්වහන්සේ තම අවබෝධයෙහි රඳවා ගැනීම වටනේයයි ඔවුන් නො සිතූ බැවින්, නො කළ යුතු දෑ කරන පිණිස, නීච මනසකට දෙවියන්වහන්සේ ඔවුන් අත්හළ සේක.
මධුපානෝත්සව හා බේබදුකම ද ලිංගික අපචාර හා සල්ලාලකම ද අඩ දබර හා ඊර්ෂ්‍යාව ද තුළ නො ව, දහවලට ඔබින සේ ශිෂ්ට සම්පන්නව කටයුතු කරමු.
ක්‍රිස්තුස්වහන්සේ තුළ අනුමත අපොල්ලොස්ට ආචාර කරන්න; අරිස්තොබුලස්ගේ පවුලට අයත් වූවන්ට ආචාර කරන්න!
මන්ද ඔවුන් මා ගැන කියන්නේ, “ඔහුගේ ලිපි නම් හරබර ය; බලවත් ය; එහෙත් ඔහුගේ ශාරීරික පෙනුම දුර්වල ය; කතාවට ද ඔහු අදක්ෂ ය” කියා ය.
සැබවින් ම පිළිගනු ලබන්නේ තමන්ගේම වර්ණනාව කියා ගන්නා නො ව, දෙවියන්වහන්සේගෙන් වර්ණනාව ලබන්නා ය.
අප දුබලව සිටින අතරේ ඔබ ප්‍රබල වේ නම්, ඒ ගැන අප සතුටු ය. ඔබ සම්පූර්ණ වීම අපගේ යාච්ඤාවයි.
අනික් අතට, අප දෙවියන්වහන්සේගේ සේවකයින් වග හැම අතින්ම පෙන්නුම් කරන්නේ: මහත් සේ විඳ දරා ගනිමිනි; පීඩා, අපහසුතා හා විපත්ති විඳීමෙනි:
මන්ද අප අරමුණු කරන්නේ ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ පමණක් නො ව, මිනිසුන්ගේ ඇස් හමුවේ ද ගරු කටයුතු ලෙස කිරීම ය.
අවසන් වශයෙන් සහෝදරයිනි, සත්‍ය දේ කවරේ ද උදාර දේ කවරේ ද නිවැරදි දේ කවරේ ද පවිත්‍ර දේ කවරේ ද මනහර දේ කවරේ ද අගේ කළ යුතු දේ කවරේ ද එය විශිෂ්ට නම්, ප්‍රශංසනීය නම් ඒ දෑ ගැන සිත් යොමන්න.
සාමයේ දෙවියන්වහන්සේම, ඔබ මුළුමනින් පවිත්‍ර කරන සේක්වා! යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ ආගමනයේදී ඔබගේ මුළු ආත්මයත්, ජීවයත්, ශරීරයත් දෝෂ රහිතව තබනු ලැබේවා!
හැම අතින්ම භක්තියෙන් හා ගෞරවයෙන් යුතුව සාමකාමී, නිසසල ජීවිතයක් ගත කරන පිණිස, රජුන් හා උසස් තනතුරු දරන සියල්ලන් උදෙසා එසේ කරන්න.
සත්‍යතාවේ වචනය නිවැරදිව හසුරුවන්න. ලජ්ජා වීමට කිසි හේතුවක් නැති වැඩකරුවකු සේ, පිළිගැනුණු කෙනකු සේ ඔබ, දෙවියන්වහන්සේට පිදෙන්නට වඩාත් උත්සාහ කරන්න.
හැම නපුරු ක්‍රියාවකින් ස්වාමින්වහන්සේ මා මුදා ගන්නා සේක්, ස්වකීය ස්වර්ග රාජ්‍යයට සුරක්ෂිතව මා ගෙන යන සේක. උන්වහන්සේට සදහට ම, සදාතනිකව තේජෝ මහිම වේවා! ආමෙන්.
පරීක්ෂා මැද නො සැලී ස්ථිරව සිටින මිනිසා භාග්‍යවත් ය. මන්ද ඔහු ඒ පරීක්ෂා ඉසිලූ පසු, තමන්වහන්සේට ප්‍රේම කරන්නවුන්ට දෙවියන්වහන්සේ පොරොන්දු වූ ජීවනයේ ඔටුන්න ලබන්නේ ය.
ඔබ වැරදි කරන්නවුන් යැයි අන්‍ය-ජාතීන් ඔබට චෝදනා කළත්, ඔවුන් ඔබගේ යහ වැඩ දැක, විනිශ්චය දවසේ ඔවුන් දෙවියන්වහන්සේට මහිමය දක්වන පිණිස, අන්‍ය-ජාතීන් අතරේ ගෞරවනීයව පැවත සිටින්න.