Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 16:10 - සිංහල කාලීන පරිවර්තනය

10 ක්‍රිස්තුස්වහන්සේ තුළ අනුමත අපොල්ලොස්ට ආචාර කරන්න; අරිස්තොබුලස්ගේ පවුලට අයත් වූවන්ට ආචාර කරන්න!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අචල බැතිමතෙකු වන අපොල්ලස්ට මාගේ ආචාරය පිරිනමන්න. අරිස්තොබුලස්ගේ ගෘහවාසීන්ට ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අචල බැතිමතෙකු වන අපොල්ලස්ට මාගේ ආචාරය පිරිනමන්න. අරිස්තොබුලස්ගේ ගෘහවාසීන්ට ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 ක්‍රිස්තුස්වහන්සේ තුළ පිළිගනු ලැබූ අපොල්ලස්ට ආචාරකරන්න. අරිස්තොබුලස්ගේ ගෙට අයිතිවූවන්ට ආචාරකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 16:10
15 හුවමාරු යොමු  

මෙසේ ක්‍රිස්තුස්වහන්සේට සේවය කරන්නාට දෙවියන්වහන්සේගේ ප්‍රසාදයත්, මිනිසුන්ගේ අනුමැතියත් ලැබේ.


ගින්නේ ලා පරීක්ෂා කළත් දිරා යන සුළු රත්රන්වලට වඩා අනර්ඝ වූ පරීක්ෂා කරන ලද ඔබගේ ඇදහිල්ලේ අව්‍යාජත්වය ඔප්පු වී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශ වීමේදී එය ප්‍රශංසාවකට ද තේජසකට ද ගෞරවයකට ද හේතු වන වග දැක්වෙන පිණිස ය.


පළමු කොට ඔවුන් සෝදිසි කිරීමකට පාත්‍ර විය යුතු ය. ඉන්පසු ඔවුහු දෝෂ රහිත නම්, උපස්ථායකයින් ලෙස සේවය කරත්වා.


එහෙත් ඔබ දන්නා පරිදි, තිමෝති, පියකු සමඟ සේවය කරන පුතකු සේ, මා සමඟ ශුභාරංචි කටයුතුවල යෙදීම තුළින් තමන් කවුරුදැයි පෙන්වා තිබේ.


ඔවුන් සමඟ තවත් අප සහෝදරයකු අපි ඔබ වෙත එවන්නෙමු. නොයෙක් විට බොහෝ කාරණාවලදී තම උද්යෝගී භාවය ඔප්පු කර පෙන්වූ ඔහු, ඔබ වෙත ඇති ඔහුගේ දැඩි විශ්වාසය නිසා දැන් ඒ කවදාටත් වඩා වැඩි උද්යෝගයකින් සිටියි.


මා ඔබට ලියුවේ, හැම කරුණකදීම ඔබ කීකරු වේදැයි පරීක්ෂා කර දැනගැනීමට ය.


ඔබ අතරේ අව්‍යාජ අය කවුරුන්දැයි හඳුනාගන්නා පිණිස, ඔබ අතර භේද තිබිය යුතු ය.


ප්‍රිස්කා හා අකිලාට ද ඔනෙසිපොරස්ගේ ගෘහ වාසීන්ට ද මගේ ආචාරය දන්වන්න.


යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ තැනැන්වහන්සේගේ ආත්මයාණන්, ඔබ තුළ වාසය කරන සේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මරණින් නැගිට වූ තැනැන්වහන්සේ, ඔබ තුළ වෙසෙන ස්වකීය ආත්මයාණන් මඟින්, මැරෙනසුලු ඔබගේ ශරීරයන්ට ද ජීවනය දෙන සේක.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මගේ හවුල් සේවකයින් වූ ප්‍රිස්කා හා අකිලාට ආචාර කරන්න.


මගේ සහෝදර සිරකරුවන් හා මාගේ නෑයින් වන අන්ද්‍රොනිකස් හා ජුනියාටත් ආචාර කරන්න; අපෝස්තුලුවරුන් අතර සුප්‍රසිද්ධ ඔවුන් මට පෙරාතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නවුන් ය.


එබැවින්, යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ වේ නම්, ඔහු නව මැවිල්ලකි. පැරැන්න පහව ගොස් ඇත, මෙන්න! අලුත් භාවය පැමිණ ඇත.


වසර දාහතරකට උඩදී, තුන් වන ස්වර්ගයට ඔසවා ගනු ලැබූ, ක්‍රිස්තුස්වහන්සේ තුළ මනුෂ්‍යයකු ගැන මම දනිමි. එසේ වූයේ ශරීරයෙන් යුක්තව ද නැතහොත් ශරීරයෙන් වියුක්තවදැයි මා දන්නේ නැත; දෙවියන්වහන්සේ දන්නා සේක.


ක්‍රිස්තුස්වහන්සේ තුළ යුදයේ සභා, මා කවුරුදැයි පුද්ගලිකව දැන සිටියේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්