Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 13:9 - සිංහල කාලීන පරිවර්තනය

9 අප දුබලව සිටින අතරේ ඔබ ප්‍රබල වේ නම්, ඒ ගැන අප සතුටු ය. ඔබ සම්පූර්ණ වීම අපගේ යාච්ඤාවයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 අප දුර්වල ව සිටිය දී ඔබ ශක්තිමත් ව සිටීම අපට ප්‍රීතියකි. තවද, ඔබගේ සම්පූර්ණත්වය සඳහා අපි යාච්ඤා කරමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 අප දුර්වල ව සිටිය දී ඔබ ශක්තිමත් ව සිටීම අපට ප්‍රීතියකි. තවද, ඔබගේ සම්පූර්ණත්වය සඳහා අපි යාච්ඤා කරමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 අප දුර්වලව නුඹලා බලවත්ව සිටින කල අපි ප්‍රීතිවෙමුව. තවද නුඹලාගේ සම්පූර්ණවීම සඳහා අපි යාච්ඤාද කරමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 13:9
21 හුවමාරු යොමු  

සහෝදරයිනි ප්‍රීතිවන්න! සම්පූර්ණත්වය අරමුණු කරගන්න. එකිනෙකා ධෛර්යවත් කරන්න. එකිනෙකා හා එකඟ වන්න. සාමයෙන් ජීවත් වන්න. ප්‍රේමයේත්, සාමයේත් දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක.


අපි ක්‍රිස්තුස්වහන්සේ උදෙසා අඥානයෝ ය; ඔබ ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රඥාවත්හු ය. අප දුබලයින් ය; එහෙත් ඔබ ප්‍රබලයින් ය. ඔබ ගෞරවයෙන් යුතුව සැලකුම් ලබන්නන් ය; එහෙත් අපට අවමානය ය.


යළිත් අපට ඔබේ මුහුණ දකිනු හැකි වන පිණිසත්, ඇදහිල්ලේ ඔබගේ ඌනතා සපිරෙනු පිණිසත් අපි, දිවා රෑ දෙක්හි ඉමහත් උනන්දුවෙන් ඔබ ගැන යාච්ඤා කරන්නෙමු.


ස්වල්ප කලක් දුක් විඳි පසු, ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්වහන්සේගේ සදාතනික තේජෝමහිමයට ඔබ කැඳවාගත්, සකල අනුග්‍රහයේ දෙවියන්වහන්සේ, ඔබ ප්‍රකෘතිමත් කර, ශක්තිමත් කර, ස්ථාවර කර, ස්ථිර පදනමක ඔබ පිහිටු වන සේක.


ස්වකීය කැමැත්ත කිරීමේ හැම හොඳ අංගයකින්ම ඔබ සන්නද්ධ කරන සේක්වා! ස්වකීය මනාපය පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් අප ජීවිත තුළ උන්වහන්සේ ක්‍රියා කරන සේක්වා! උන්වහන්සේට සදහට ම, සදාතනිකව ම තේජෝ මහිම වේවා! ආමෙන්.


ස්වර්ගයේ නම් ඇතුළත් කුලුඳුලන්ගේ සභාව වෙතට ය; සියල්ලන්ගේ විනිශ්චයකරුවාණන් වූ දෙවියන්වහන්සේ වෙතට ය; සම්පූර්ණත්වයට පත් කරනු ලැබූ ධර්මිෂ්ඨයින්ගේ ආත්ම වෙතට ය.


එබැවින් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ආරම්භක ඉගැන්වීම් පසු කොට, එහි පරිණත තත්වයට යා යුත්තේ, එහි අත්තිවාරම් නැවත දැමීමෙන් තොරව ය; එනම් මළ ක්‍රියා ගැන පසුතැවීම, දෙවියන්වහන්සේ වෙත ඇදහීම,


ඒ, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා හැම හොඳ වැඩකටම පුහුණුව හා සන්නද්ධව සිටිනු පිණිස ය.


ඔබගෙන් කෙනකු වූ ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයකු වූ ද එපප්‍රස් ඔබට ආචාර කරයි. දෙවියන්වහන්සේගේ මුළු කැමැත්ත තුළ පරිණතව, මුළුමනින්ම නිසැකව ඔබ ස්ථිරව සිටින පිණිස, ඔහු ඔබ උදෙසා මහත් පරිශ්‍රමයෙන් නිරතුරු යාච්ඤා කරයි.


එබැවින් හැම කෙනකුම ක්‍රිස්තුස්වහන්සේ තුළ සම්පූර්ණත්වයෙන් දෙවියන්වහන්සේට පිළිගන්වනු පිණිස, අපි මුළු ප්‍රඥාවෙන් යුතුව හැම කෙනකුටම ගුරුහරුකම් දෙමින් ද හැම කෙනකුටම උගන්වමින් ද ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කරන්නෙමු.


මා පාරට්ටු කර ගත යුතු නම්, මාගේ දුර්වලකම් පෙනෙන දෑ ගැන පාරට්ටු කර ගනිමි.


ප්‍රේමණීයයනි, අපට මේ පොරොන්දු තියෙන බැවින්, දෙවියන්වහන්සේට බය පක්ෂපාතීත්වයෙන් ශුද්ධකම සම්පූර්ණ කර ගැනීමට, අපගේ ශරීරය හා ආත්මය හැම දූෂ්‍යතාවකින්ම පවිත්‍ර කර ගනිමු.


අප හැම කෙනකුම අප අසල්වැසියාගේ වර්ධනය උදෙසා, ඔහුගේ යහපතට ඔහු සතුටු කළ යුතු ය.


සහෝදරයිනි, ඔබ හැම එකිනෙකා හා එකඟව, ඔබ අතරේ භේද නැතිව සිටින ලෙස හා එක සිතින් ද එක කල්පනාවෙන් ද එක්සත්ව සිටින ලෙස, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ නාමයෙන් උදක්ම ඔබෙන් ඉල්ලමි.


මා ඔබ සමඟ සිටියේ දුබලතාවෙන්, බයින් හා අධික තැති ගැන්මෙන් යුතුව ය.


මන්ද උන්වහන්සේ දුබලතාවෙන් යුතුව කුරුසිපත් කරන ලද නමුදු, දෙවියන්වහන්සේගේ බලයෙන් ජීවත් වන සේක. එලෙස අපත්, උන්වහන්සේ තුළ දුර්වල වුව ද, උන්වහන්සේ සමඟ දෙවියන්වහන්සේගේ බලයෙන් යුතුව ඔබ උදෙසා ජීවත් වන්නෙමු.


මෙසේ අප තුළ ක්‍රියාකාරීව ඇත්තේ මරණයයි; එහෙත් ඔබ තුළ ජීවනයයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්