Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




රෝම 12:17 - සිංහල කාලීන පරිවර්තනය

17 කිසිවකුටත් නපුරට-නපුර නො කරන්න. හැමෝම ඉදිරියේ ගරු කටයුතු දේම කරන්නට සිතට ගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 කිසිවෙකුට නපුරට නපුර නොකරන්න. සියල්ලන් ඉදිරියෙහි උසස් යයි සම්මත දේ කිරීමට සිතට ගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 කිසිවෙකුට නපුරට නපුර නොකරන්න. සියල්ලන් ඉදිරියෙහි උසස් යයි සම්මත දේ කිරීමට සිතට ගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 කාටවත් නපුරට නපුර නොකරන්න. සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ශෝභන දේ කරන්ට සිතට ගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 12:17
22 හුවමාරු යොමු  

ඔබේ පඬුර, පූජාසනය පසෙක තබා, පළමුව ගොස්, ඔබේ සහෝදරයා හා සමඟි වී, ඉන්පසු අවුත් ඔබේ පඬුර පුදන්න.


එහෙත් මා ඔබට කියන්නේ, දුෂ්ට අයට එරෙහි නො වන්න. යමෙක් ඔබගේ දකුණු කම්මුලට ගැසුවහොත්, ඔහුට අනෙක් කම්මුලත් හරවන්න.


ප්‍රේමණීයයනි, පළි ගැනීමට නො යන්න; මන්ද, “පළි ගැනීම මා සතු ය. මම විපාක දෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ කියන සේකැයි ලියා ඇති බැවින්, එය දෙවියන්වහන්සේගේ උදහසට බාර දෙන්න.


හොඳයයි ඔබ පිළිගත් දේ නපුරකැයි කියනු ලබන්නට ඉඩ නො තබන්න.


කාලය ඉතා හොඳින් පාවිච්චි කරමින්, පිටස්තර අය සමඟ කටයුතු කිරීමේදී නැණවත්ව ක්‍රියා කරන්න.


එසේ වූ කල, ඔබගේ ජීවන රටාව, පිටස්තර අයගේ ගරුත්වය දිනාගනු ඇත. ඔබ අනුන්ගේ පිහිටෙන් යැපෙන්නකු ද නො වනු ඇත.


කිසිවකුටත් නපුරට නපුරක් නො කිරීමට වගබලා ගන්න. ඒ වෙනුවට එකිනෙකාටත්, හැම දෙනාටත් හොඳක් කිරීමට හැම විට උත්සාහ ගන්න.


හැම අයුරක නපුරෙන් වළකින්න.


එබැවින් තරුණ වැන්දඹුවන් විවාහ වන ලෙසත්, දරුවන් ලබන ලෙසත්, තම ගේ-දොර බලාගන්නා ලෙසත්, එමඟින් අපවාද නැගීමට සතුරාට ඉඩ නො තබන ලෙසත් උපදෙස් දෙමි.


ඔබ වැරදි කරන්නවුන් යැයි අන්‍ය-ජාතීන් ඔබට චෝදනා කළත්, ඔවුන් ඔබගේ යහ වැඩ දැක, විනිශ්චය දවසේ ඔවුන් දෙවියන්වහන්සේට මහිමය දක්වන පිණිස, අන්‍ය-ජාතීන් අතරේ ගෞරවනීයව පැවත සිටින්න.


ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබගේ යහ පැවැත්ම ගැන පරිභව කරන්නන් ඔබට අපහාස කරන කල, ඔවුන් ලජ්ජාවට පත් වන පිණිස, පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතිව ය.


නපුරට නපුරවත්, නිග්‍රහයට නිග්‍රහයවත් නො කරන්න. එසේ නො කර, ඔබ කැඳවා ඇත්තේ ආශිර්වාදයක් උරුම කර ගන්නට බැවින් ආශිර්වාද කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්